IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දන්සල් කෑම වාෂ්ප වී අලි අමාරුවක වැටිලා


එම්. සුසිල් ප්‍රියන්ත 



දන්සලේ ප්‍රධාන අනුග්‍රාහකයන් කිහිප දෙනාගෙන් එක් අයකුට යැවූ විශේෂ දන්සල් කෑම පාර්සලය එය යැවූ තරුණයා සිය පෙම්වතියගේ මව සතුටු කරන්න ඇයගේ නිවසට ගෙන ගොස් දන්සල් සංවිධායකයන් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
මේ දන්සලත් ලංකාවේ අනෙක් දන්සල් වගේම කළේ ප්‍රධාන අනුග්‍රාහකයන් කිහිපදෙනෙකුගේම ආධාර උපකාරවලිනි. ඒ අතර කෝටිපතියෝද සිටියහ. මැද පන්තියේ අයද නොසිටියාම නොවේ. එහෙයින් ඔවුනට ගරු කිරීමක් සහ සැලකීමක් වශයෙන් දන්සලේ සංවිධායකයන් කරනුයේ දන්සල ආරම්භ කිරීමට පෙර එම අනුග්‍රාහකයන්ගේ නිවෙස්වලට විශේෂයෙන්ම සැකසූ කෑම පාර්සල් යැවීමය. එය එම පවුලේ සියලු‍දෙනාටම භුක්ති විඳිය හැකි කෑම පාර්සලයකි.
මේ දන්සලේ එසේ අනුග්‍රාහකයකුට දන්සලට උදව්පදව් කළ කොල්ලෙක් අතේ විශේෂ කෑම පාර්සලයක් යැවීමට දන්සල් සංවිධායකයෝ කටයුතු කළහ. කොල්ලාට කීවේ අසවල් දානපතියාගේ නිවසට මේ කෑම පාර්සලය දෙන ලෙසය. ඕක මොකක්ද මම ඒක කරන්නම් යයි ඔහු කීවේ දන්සල් සංවිධායකයන්ගේ හිසේ තිබූ ලොකු බරක් හිස් කිරීමට සහයෝගය දුන්නාක් මෙනි.


කොල්ලා සිය යතුරුපැදියෙන් දන්සලේ විශේෂ කෑම පාර්සලය දානපතියාගේ නිවසට ගෙන ගියේය. පැයක් දෙකක් ගතවූවිට දානපතියාගෙන් දන්සලේ ප්‍රධාන සංවිධායකයාට දුරකතන ඇමතුමක් ලැබුණේය. එයින් කියවුණේ තමන්ට දන්සලෙන් දෙනවා යයි කියූ විශේෂ කෑම පාර්සලය තවමත් නොලැබුණු බවය. කෑම නොපිසූ නිවැසියන් මේ නිසා සිටිනුයේ බඩගින්නේ බවත්ය. දන්සල් ප්‍රධාන සංවිධායකගේ ඉහමොළ රත්විය. ඔහු අනෙක් අයට මේ බව දැන්වීය. ඔවුහු මේ සම්බන්ධයෙන් දැඩි ලෙසම කලබල වූහ. දානපතියාට කෑම පාර්සලය යැවූ කොල්ලාද පෙනෙන්නටවත් නැතිය.
ඊටත් වඩා දැන් යන්නේ දන්සලේ අවසන් හරිය ය. දානපතියාට යැවීමට මේ කෑම කොහොමත්ම නුසුදුසුය. දන්සල් සංවිධායකයන්ට දෙවියන් බුදුන් සිහිවිය. ඒ මේ වැඩෙන් ලබන පාර දන්සලට මේ දානපතියාගෙන් ආධාර ලබාගැනීමට නොහැකි බව සිතට ඒමෙන්ය. ඔවුහු අත තිබූ මුදලින් කෑම කඩයකින් විශේෂ මාළු කෑම පාර්සල් කිහිපයක් දානපතියාට යැවීමට කටයුතු කළහ.
දානපතියා දන්සල් බත් නොකනු ඇතැයි සිතූ කොල්ලා තමාගේ අත දානපතියාට යැවූ විශේෂ කෑම පාර්සලය පෙම්වතියට දී ඇත්තේ දන්සලේ තමාට ඇති තත්ත්වය ඇයගේ මවට පෙන්වීමටය. දන්සල් සංවිධායකයන් මේ කොල්ලා ගැන සොයා බැලූවිට එය දැනගන්න ලැබී තිබේ. ඔහු දැන් දන්සල් සංවිධායකයන් මගහරිමින් ඉන්නවා ලු‍.

 



අදහස් (1)

දන්සල් කෑම වාෂ්ප වී අලි අමාරුවක වැටිලා

ගුණරත්න Friday, 16 May 2025 10:25 AM

කල්පනා කර බැලුවොත් තේරේවි ආණ්ඩුවත් ඔය අත්‍ උදවු දුන් කොල්ලා වගේමයි නේද කියල

:       6       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site