IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා

පේරාදෙණිය-කුමාර රම්බොඩගෙදර
සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ.


වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග අරගලයට සහය දැක්වීමට අරගල භූමියට යන බව බිරියට පවසා ඇත.


ඒ අනුව පසුගිය 9 වැනිදා උදේ බිරිය කෑම පැකට් දෙකක් සකසා දී සැමියා උදේ පාන්දරින්ම කොළඹ බලා පිටත් කළාය. දින කීපයකට පෙර සිට සැමියා කොළඹ අරගලය භූමියට යන බව පැවැසීම නිසා ඉන් ප්‍රයෝජන ගත් බිරිය තම අනියම් සැමියා දැනුවත් කර අදාළ දින අදාළ උද්‍යානයේදී හමුවීමට කතිකා කර ගත්තාය.


සැමියා ගිය පසු දරුවන් දෙදෙනා තම නිවෙස අසල සිටින මවට බාරදී තමා කාර්යාලයේ හදිසි වැඩකට යන බව පවසා අනියම් සැමියා සොයා ගියාය. ඔහු සමග අදාළ උද්‍යානයේ පෙම් සුව විඳිමින් කාලය ගත කළාය.


සවස් වනවිට ඇය නිවෙස වෙත යාමට අනියම් සැමියා සමඟ මාර්ගයට පිවිස ගමන් ගන්නා ඉදිරියට තම සැමියා තවත් කාන්තාවක තුරුලු කරගෙන එන අයුරු දැකීමෙන් ඇයට තරු පෙනුණි. තම බිරිය ද වෙනත් පුරුෂයකු සමග පැමිණෙන අයුරු දැකීමෙන් සැමියාටද තරු පෙනුණි.


මාර්ගයේ මුහුණට මුහුණ හමුවුණු දෙදෙනා දෙදෙනාටම චෝදනා කර ගනිමින් අරගල කරගන්නා අතරතුර අනියම් සැමියා සහ අනියම් බිරිය හීන්සැරේ ඉන් පිටව ගියේ කිසිවක් නොවුණු ගාණටය.


මේ දෙස බලා සිටි අවට සිටි පිරිසගේ උසුළු විසුළු මැද බිරිඳ හා සැමියා බිම බලාගෙන යන්න ගියේ ලජ්ජාවෙන් දෙන්නා දෙන්නාටම ගෙදර ගිහින් බලාගමු යැයි ඉඟි කරමිනි.



අදහස් (3)

දෙන්නගේම හොරේ එකම තැනදී මාට්ටුවෙලා

බන්ඩාර Thursday, 14 July 2022 01:10 PM

තිත්ත කසාය බීපු ගොලුවන් වගේ ඇති...

:       0       8

subash Thursday, 14 July 2022 02:47 PM

දෙන්නගේම වැඩේ හරි.. අවුලක් නෑ..

:       0       9

pakeer Friday, 15 July 2022 02:07 PM

ඔන්න ඔතැනදි තමයි... අපිට ආකල්පමය වෙනසක් අවශ්‍ය බටහිර රටක නම් ලේසියෙන්ම මේ දෙන්නා දික්කසාද වෙනවා. ඒත් අපි තේරුමක් නැතුව ඒකෙම එල්බගෙන දුක් විඳිනවා. අපි හරිම පව්. මම හිතන්නේ අපි විවෘත නැහැ... අපි හැංගිච්ච චරිත කියලා...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 78 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site