පේරාදෙණිය-කුමාර රම්බොඩගෙදර
සැමියා අනියම් බිරිය සමග පෙම් සුව විඳිමින් යන මාර්ගයේ ඉදිරියට බිරිය අනියම් සැමියා සමඟ පෙම් සුව විඳිමින් පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ උද්‍යානයකින් වාර්තාවේ.

වසර 15කට පෙර නීත්‍යානුකූලව විවාහ වී ඇති මෙම යුවළට දරුවෝ දෙදෙනෙක් සිටිති. දෙදෙනාම රාජ්‍ය සේවකයෝ වෙති. මීට දින කීපයකට පෙර සිට සැමියා තම කාර්යාලයේ මිතුරකු සමග අරගලයට සහය දැක්වීමට අරගල භූමියට යන බව බිරියට පවසා ඇත.
ඒ අනුව පසුගිය 9 වැනිදා උදේ බිරිය කෑම පැකට් දෙකක් සකසා දී සැමියා උදේ පාන්දරින්ම කොළඹ බලා පිටත් කළාය. දින කීපයකට පෙර සිට සැමියා කොළඹ අරගලය භූමියට යන බව පැවැසීම නිසා ඉන් ප්‍රයෝජන ගත් බිරිය තම අනියම් සැමියා දැනුවත් කර අදාළ දින අදාළ උද්‍යානයේදී හමුවීමට කතිකා කර ගත්තාය.
සැමියා ගිය පසු දරුවන් දෙදෙනා තම නිවෙස අසල සිටින මවට බාරදී තමා කාර්යාලයේ හදිසි වැඩකට යන බව පවසා අනියම් සැමියා සොයා ගියාය. ඔහු සමග අදාළ උද්‍යානයේ පෙම් සුව විඳිමින් කාලය ගත කළාය.
සවස් වනවිට ඇය නිවෙස වෙත යාමට අනියම් සැමියා සමඟ මාර්ගයට පිවිස ගමන් ගන්නා ඉදිරියට තම සැමියා තවත් කාන්තාවක තුරුලු කරගෙන එන අයුරු දැකීමෙන් ඇයට තරු පෙනුණි. තම බිරිය ද වෙනත් පුරුෂයකු සමග පැමිණෙන අයුරු දැකීමෙන් සැමියාටද තරු පෙනුණි.
මාර්ගයේ මුහුණට මුහුණ හමුවුණු දෙදෙනා දෙදෙනාටම චෝදනා කර ගනිමින් අරගල කරගන්නා අතරතුර අනියම් සැමියා සහ අනියම් බිරිය හීන්සැරේ ඉන් පිටව ගියේ කිසිවක් නොවුණු ගාණටය.
මේ දෙස බලා සිටි අවට සිටි පිරිසගේ උසුළු විසුළු මැද බිරිඳ හා සැමියා බිම බලාගෙන යන්න ගියේ ලජ්ජාවෙන් දෙන්නා දෙන්නාටම ගෙදර ගිහින් බලාගමු යැයි ඉඟි කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිත්ත කසාය බීපු ගොලුවන් වගේ ඇති...
දෙන්නගේම වැඩේ හරි.. අවුලක් නෑ..
ඔන්න ඔතැනදි තමයි... අපිට ආකල්පමය වෙනසක් අවශ්‍ය බටහිර රටක නම් ලේසියෙන්ම මේ දෙන්නා දික්කසාද වෙනවා. ඒත් අපි තේරුමක් නැතුව ඒකෙම එල්බගෙන දුක් විඳිනවා. අපි හරිම පව්. මම හිතන්නේ අපි විවෘත නැහැ... අපි හැංගිච්ච චරිත කියලා...