මොරගොල්ලාගම සිසිර කැලේගම
පොසොන් පෝයට බත් දන්සලකින් දවල් ආහාර ගැනීමට ගිය නිවැසියන්ට දිවා ආහාරය නිවසේදීම සපයා ගැනීමට සිදු වූ පුවතක් වයඹ පුරවරයට අයත් ගැමි පෙදෙසකින් අසන්නට ලැබුණි.
නිවසේ උදවියට අමතරව ඥාතිහු ද මෙදින නිවසට පැමිණ සිටියහ. ඒ පොසොන් පුර පසළොස්වක පෝය නිමිත්තෙනි.
නිවෙස් හිමි කත ඉවුම් පිහුම්වලට කම්මැලිකමක් දක්වන්නීය. මේ නිසා බොහෝ විට කඩචෝරු කෑමට ඇයත් දරුවෝත් හුරු පුරුදු වූහ.
මෙදින නිවසට කොපමණ පිරිස ආවත් ඇයට ප්‍රශ්නයක් නොවීය. ඒ නිවසට යාබද පෙදෙසක මහා බත් දන්සලක් තිබෙන නිසාය.
නිවසේ අය හා පැමිණි පිරිස් සමග දවල් වෙලාව එනතුරු නොයිවසිල්ලෙන් සැහැල්ලුවෙන් නිවසේ පසුවූහ.
දහවල් කෑම වේලාව ඉක්ම ගිය පසුව ඔවුහු හෙමින් හෙමින් ඒ දෙසට පිය නැගූහ.
දුර ගෙවාගෙන එහි ගියත් කිසිවෙකුත් පෙනෙන්නට නැත. ඒ ගැන විපරම් කළහ.
‘‘මහා බත් දන්සල පොසොන් පෝය දිනට පසුදා පෙරවරු 11.00 සිට මෙහි ක්‍රියාත්මක වේ”
ප්‍රදර්ශනය කර තිබූ පුවරුව දැක ඇයට දෙලොව රත් විය.
ඒ ගෙදර අයටත්, පැමිණි අයටත් කෑම සූදානම් කිරීමට ඇයට තනිවම සිදුවන නිසාය.
සියලු වෙළඳසල් වසා දමා ඇත. අඩුපාඩු ගන්නට තැනක් ද නැත. අවට බත් දන්සල් ද නැත. ඇය දඩිබිඩි ගගා දිවයමින් ගෙට පිය නැගුවාය. ඒ දහවල් කෑම වෙලාවද ඉක්ම යන්නා වූ බැවින් කෑමට තිබෙන යමක් හෝ සූදානම් කිරීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව පරස්පරයි. බත් දන්සැලට යන්න දවල් කෑම වෙලාව ඉක්මවා යනතුරු හිටියාලු. බත් දන්සැල් යන ඔනෑම කෙනෙක් දන්නවා පටන් ගන්න කලින් පෝලිම කියලා. ඒ නිසා දවල් කෑම වෙලාව වෙනතුරු ඉන්නේ නෑ යන්න. අනික මේ කතාව ඇත්තක් වෙන්න නම් ඔය පැත්ත පළාතේ වෙන එකම දන්සැලක්වත් නෑ මේ පවුල හරියටම මේ බත් දන්සැලට විතරක් යන්න ඉලක්ක කරගෙන ඉන්න ඕනේ.