(දෙනියාය විශේෂ එස්.ඩී.කොඩිකාර )
දින දර්ශනයක් කාර්යාලයේ බිත්තියේ ගැසූ බවට උරණ වී එම කාර්යාලයේ සේවය කළ නිලධාරීයකු සේවයෙන් පහ කළ ආයතන ප්‍රධානියකුගේ පුවතක් වතු සමාගමකට අයත් කාර්යාලයකින් පසු ගිය දින වාර්තා වේ.
එදින සතියේ වැඩ කරන කාර්යාල දිනයකි.
කාර්යාලයේ නිලධාරීන්ටද කාර්ය බහුල දිනයකි. කෙතරම් කාර්යබහුල ද කිවහොත් කාර්යාලයේ දිනයක් බලා ගැනීමට පවා දින දර්ශනයක් බිත්තියේ ගසා ගැනීමටවත් ඔවුන්ට වේලාවක් නොවිණි.
එදින හදිසියේ කාර්යාලයට ගිය නිලධාරියකු කාර්යාලයේ තිබූ දින දර්ශනයක් කාර්යාලයේ බිත්තියේ ප්‍රදර්ශනය කළේ එහි දිනයක් බලා ගැනීමටවත් දින දර්ශනයක් නොමැති කම හේතුවෙනි.
ආයතන ප්‍රධානියාද මෙම නිලධාරියා සමඟ ඇයි හොඳයිකම් අඩු කර තිබුණේ ආයතනයේ ඇතැම් දේ ඉහළ කළමනාකාරීත්වයට දැනුම් දෙන්නේ යැයි ඔහු සිතා සිටි බැවිනි.
මෙය මෙම නිලධාරියාට පාඩමක් උගන්වන්නට හොඳ අවස්ථාවක් යැයි සිතූ ආයතන ප්‍රධානියා දින දර්ශන පාර්සලය මාගේ අවසරයකින් තොරව කැඩුවේ කවුදැයි විමසා බලා අදාළ නිලධාරියා සේවයෙන් පහ කර ඇත්තේ කිසිදු හේතුවක් නොමැති කම නිසා බව පැවසේ.
අවසානයේ ආයතන ප්‍රධානියාටද හිටි හැටියේ ස්ථාන මාරුවක් ලැබෙන්නේ ඔහුගේ වැඩ ගැන ඉහළ කළමනාකාරිත්වය දැන ගැනීමෙන් බවද පැවසේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දින දසුනක හුට පටේට ලොක්කටයි සොක්කටයි දෙන්නටම මාරු