IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දිනේ අමතක වෙලා: විභාගය ලියන්න වෙන දවසක ඇවිත්

ගයාන් සූරියආරච්චි
රියැදුරු බලපත්‍රය ලබාගැනීම සඳහා විභාගයට මුහුණදීමට දිනය අමතක වී විභාග ශාලාවට ගොස් නැවත මුදල් ගෙවා විභාගය ලිවීමට සිදුවූ පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්ත විය.


සිද්ධිය මෙසේය. 


ඔහු කාර්යාලයක සේවය කරන තරුණයෙකි. 


කාලයක සිට මෝටර් රථයක් මිල දී ගැනීමට ඇඟිලි ගනිමින් සිටි ඔහු මාසයක් දෙකක් පමණ රියැදුරු පුහුණුව සඳහා පුහුණු පාසලකට ගියේය. රියැදුරු පාසලෙන් ඔහු ඇතුළු සියලු‍ පුහුණුවන්නන්ගේ විස්තර රිය බලපත් නිකුත් කරන කාර්යාලය වෙත යවා විභාගය පැවැත්වෙන දිනය සහ වේලාව ද අයැදුම්කරුවන්ට දන්වා තිබේ. 


නියමිත දිනයට තරුණයා ද විභාගය ලිවීමට සූදානම්ව ලක ලෑස්ති වී විභාග ශාලාව වෙත පැමිණියේය. තමා සමග රියැදුරු පාසලෙන් අයැදුම් කළ කිසිදු අයෙක් එදින පැමිණ නොසිටියේය. කෙසේ වෙතත් විභාගය ලිවීමේ අරමුණින් තරුණයා ශාලාධිපතිට පෝරමය ඉදිරිපත් කළේය. ශාලාධිපති පෝරමය හොඳින් නිරීක්ෂණය කළේය.


‘අද ඔයාට විභාගය ලියන්න බෑ.’ ශාලාධිපති පැවැසීය.


‘ඇයි සර්’ අයැදුම්කරු ඇසීය.


‘ඊයේ දිනේට කොහොමද අද විභාගේ ලියන්නේ’ ශාලාධිපති ඇසීය.


තරුණයාගේ දෙලෝ රත්විය. 


‘සර් මම හිතුවේ අදයි විභාගේ කියලා. මට මේකට විභාගේ ලියන්න බැරිද?’ තරුණයා විමසීය. 


‘ආයේ විභාගේ ලියනවා නම් අදාළ ගාස්තුව ගෙවා අලු‍ත් පෝරමයක් පුරවාගෙන එන්න. ඒකටවත් කල්පනාවක් නැතුව කොහොම විභාග ලියයි ද මන්දා’ යි ශාලාධිපති පැවැසීය.


විභාගය පිළිබඳව රියැදුරු පාසලේ දී විස්තර දැනුම් දෙන අතරතුර දී  විභාග දිනය නෑසෙන්නට ඇතැයි තරුණයා පසුව කල්පනා කරන්නට විය.


කෙසේ වෙතත් තමාගේ අතපසුවීමෙන් කනගාටුවට පත් තරුණයා නැවත රියැදුරු පාසල වෙත ගොස් සිදුවූ අකරතැබ්බ පවසා විභාගය ලිවීමට නැවත ගාස්තු ගෙවීමට කටයුතු කළේය.



අදහස් (0)

දිනේ අමතක වෙලා: විභාගය ලියන්න වෙන දවසක ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site