හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
ලෝක ළමා දිනය වෙනුවෙන් මූල්‍ය ආයතනයක් සංවිධානය කළ සැමරුම් උත්සවයකට රුපියල් දෙදහසක පමණ මුදලක් වැය කර කුලී රථයකින් පැමිණි ළමයකුට පැන්සලක් සහ මකනයක් තෑගි ලෙස ලැබුණු අපූරු පුවතක් දකුණු පළාතේ සුන්දර ගම්මානයකින් වාර්තා වේ.
ලෝක ළමා දිනය මහත් ඉහළින් සමරන්නට මෙම මූල්‍ය ආයතනය වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
ජාත්‍යන්තර ළමා දිනයේදී ළමා ගිණුම්වල මුදල් තැන්පත් කරන දරුවන්ට තෑගි ලබාදීමට සංවිධායකයෝ කටයුතු සංවිධානය කළහ.
ළමා දින සැමරුම් උත්සවය සඳහා පැමිණෙන ලෙසත් එදිනට මුදල් තැන්පත් ගිණුම් හිමියන්ට ත්‍යාග පිරිනැමීමක් සිදුකරන බවත් ළමා ගිණුම් හිමියන්ට අායතනය විසින් දන්වා තිබිණි.
උත්සවයේදී ළමයින් සඳහා නොයෙක් ක්‍රීඩා ඉසව් සංවිධානයකර තිබූ අතර, තරග ජය ගන්නා දරුවන්ට තෑගි පිරිනැමීමක්ද සිදු විය.
ලැබුණු ආරාධනාවට සහ දරුවන්ගේ දැඩි ඉල්ලීම නිසා කිලෝමීටර් විස්සක් පමණ දුරක් ගෙවා දමමින් දරුවන් සමග යුවළක් උත්සවයට පැමිණියහ. උත්සවය සහභාගී වූ දරුවන්ගෙන් එක් අයෙකුට ත්‍යාගයක් ලැබුණු අතර අනෙක් දරුවන් දෙදෙනාට අතරමගදී සෙල්ලම් බඩු මිලදී ගැනීමට ද මව්පිය දෙදෙනාට සිදුවිය.
නිවෙසට පැමිණි පසු මූල්‍ය ආයතනයෙන් ලැබුණු තෑගි පාර්සලය විවෘත කර බැලීමේ දී මව්පිය දෙදෙනා තුෂ්නිම්භුත වූහ. පාර්සලය තුළ තිබුණේ පැන්සලක් සහ මකනයක් පමණි. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් සියයකටත් පහළ අගයකි. බැංකුවට ඇමතුමක් ගත් දරුවන්ගේ පියා නිලධාරින්ට ලුණු ඇඹුල් ඇතිව සිය ප්‍රශංසාව පළකළ අතර සිද්ධිය හිතමිතුරන්ට පැවැසීමට ද අමතක නොකළේය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙදාහක් වියදම් කරගෙන ඇවිත් තෑග්ගට පැන්සලක් ගෙදර ගෙනිහින්
විරවිජේ Thursday, 08 December 2022 11:08 AM
මහ බැංකුව නේද.. දේසපාලුවන්ගෙ ණය, රෙදි හෝදලා ඇරියස් මකන්න ඕම කරනවා..