IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


දඩයක්කාරයා පොලීසියට කොටුකරදී ග්‍රාමආරකෂකලා ඌරු මස් බෙදාගෙන

හිඟු‍රානේ නවරත්න සමරතුංග සහ  දිගාමඬුල්ල විශේෂ ඥාණසිරි හෙට්ටි ආරච්චිගේ 
වල් ඌරකු මරා මස් කළ තුවක්කුකරුවකු ගැන පොලිස් මුරපොළකට ඔත්තුව දුන් ග්‍රාමාරක්ෂකයන් දෙදෙනකු පසුව එම ඌරා බෙදාහදා ගත් සිද්ධියක් අම්පාර රජවැව ප්‍රදේශයේ ‍ගොවීන් පිරිසකගේ කතා බහට ඉකුත් දා ලක්වූ පුවතකි මේ. 
බලපත්‍ර තුවක්කුවක් ලබාගෙන තිබූ අයකු රජවැව ආශ්‍රිත කුඹුරු යායේදී වල් ඌරකු මරා මස් කිරීම සඳහා එම සතා ඔහු‍ගේ ඉඩමට ඇද‍ගෙන යමින් සිටියදී ග්‍රාමාරක්ෂකයන් ‍දෙදෙ‍නකු බුද්ධංගල පොදු සුසාන භූමිය අසල ඇති  ‍පොලිස් මුර ‍පොළට දුව‍ගොස් මේ පිළිබඳ ඔත්තුවක් ලබාදී තිබුණි. 


එ‍කෙනෙහිම එහි සිටි ‍පොලිස් නිලධරයකු එතැනට පැමිණ තුවක්කු කරු අමතා ගම් ආරක්ෂාවට දුන් තුවක්කුවලින් වන සතුන් දඩයම් කිරීමේ වරද කියාදීමෙන් පසුව වළක් කපා එම සතා වළ දමන ‍ලෙසත් උප‍දෙස්  දුන්නේය.
ඉන් පසුව එම සිද්ධිය ක්‍රියාත්මක කරන ආකාරය නිරීක්ෂණය කරමින් සිටි බව කියති.
ඒ අනුව වල් ඌරා මැරූ තැනැත්තා වළක් කපා ඌරා වළට දමා භූමි‍තෙල් ඉස ගිනි තැබීමට සූදානම් විය.
මඳ ‍වේලාවක් එදෙස බලා රැඳී සිටි රාළහාමි ‘දැන් හරි ඔය සතා පිච්චුණාම උඩින් පස් දමා වසා දමන්නැයි‘ උපදෙස් දී මුරපොළට යද්දී රාළහාමිට ඔත්තුව දුන් ග්‍රාමාරක්ෂක දෙදෙනා එසැණින් එතැනට පැමිණ   කිසිවක් ‍නොදන්නා පරිදි ‘ඇයි ‍මේ වළක් කපලා ඌරා පුච්චන්නේ ?‘ යැයි ප්‍රශ්න කළහ. 


ඌරා මැරූ පුද්ගලයාද පිළිතුරු දෙමින් මුරපොළේ රාළහාමි‍ගේ උපදෙස් මත මෙම සතා භූමි‍තෙල් වක්කර ගිනි තබා වළ දමන බව පැවසීය. 
‘අ‍නේ ‍මොන අපරාධයක්ද ඒක? අපි මේ ඌරා මස් කරලා  ‍බෙදා‍ගනිමු‘ යැයි යෝජනා කළ ග්‍රාමාරක්ෂකවරු දෙදෙදෙනා ඔහුත් සමග ඌරා මස් කර ගියහ.
සිද්ධිය ගැන රජවැව කුඹුරු යායේ ‍ගොවීන්ට දැන ගැනීමට ලැබෙන විටත් එය ඔප්පු කරන්නට තරම් කිසිදු සාක්ෂියක් එම ස්ථානයේ නොතිබිණි.



අදහස් (0)

දඩයක්කාරයා පොලීසියට කොටුකරදී ග්‍රාමආරකෂකලා ඌරු මස් බෙදාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 628 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17609 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site