IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තහනම් ගෙඩි කන්න ඇවිත් එළිවෙනතුරු අල්මාරිය ඇතුළේ

ඌව පළාතේ ඈත ගමකි. රූමත් කතකි. දුර යන රියැදුරනට තේ පැන් සංග‍්‍රහයට ඇය දක්‍ෂය. ඒත් නොමිලේ නොවේ. නිතර එන වෑන් රථ රියැදුරකු සමග ඇය හිතවත්කමක් ගොඩ නගා ගත්තාය. ඇගේ සැමියා වැඩිපුර ගෙදර නැත. ඒනිසා ඔහුට ගෙදර එන්නට ලැබෙන්නේ මාසයකට හෝ දෙකකට වරකි. තම නිවෙසට දහවල් කෑමට එන ලෙස කාන්තාව දිනක් තම හිතවත් රියැදුරුට ආරාධනා කළාය. ඔහුද ඉබ්බා දියට දැමුවා සේ ටිකක් හවස් වන්නට හැර එම නිවෙසට ගියේය. ඔවුනට කාලය ගතවන වේගය ගැන අවබෝධයක් නොවුණි. එක්වරම ගෙදර දොරට තට්ටු කරන හඬක් ඇසිණි. කාන්තාව ජනේලයෙන් එබී බැලූවාය. දුටු දෙයින් ඇයට දොළොව රත්විය. දොරට තට්ටු කරන්නේ ඇගේ සැමියාය. ඔහු සමග ඔහුගේ යහළුවෝ දෙදෙනෙක්ද සිටිති. ඇය සාලේ වාඩිවී සිටි වෑන් රියදුරා බිත්ති අල්මාරිය ඇතුළට රිංගෙව්වාය. අනතුරුව දොර ඇර සැමියා සහ මිතුරන් සුහදශීලීව පිළිගත්තාය. බිත්ති අල්මාරියේ සිරවූ රියදුරාගේ පිහිටට ආයේ එහි කුඩා සිදුරකි. ඒ සිදුර නොවූයේ නම් ඔහු එලොව ගොසිනි. තහනම් ගෙඩි කන්නට සූදානමින් සිටි කතටත් ඇගේ හොර සැමියාටත් ලේ ඉණුවේ පසුදා කුකුළා හඬලන යාමයේය. සැමියාත් මිතුරනුත් මුහුණකට සෝදා ගන්නට ගිය සැණින් ඈ බිත්ති අල්මාරිය ඇරියාය. එහි වකුටුවී දාඩිය පෙරාගෙන සිටි සොර සැමියා එළියට දැමීය. අරුණෝදයේ මේ දිනවල පවතින අඳුරද හොර සැමියාගේ වාසියට හේතු විය. ඔහු  ඕනෑම ජගත් ධාවන තරගයකට ගියා නම් ජය සිකුරුය.



අදහස් (0)

තහනම් ගෙඩි කන්න ඇවිත් එළිවෙනතුරු අල්මාරිය ඇතුළේ

තාරික්‌ Monday, 06 February 2012 08:38 PM

හූ හූ හොද වඩේ......

:       0       0

තේනුදි Tuesday, 07 February 2012 09:40 AM

සමහර අය කරන නොහොබිනා වැඩ නිසා පිරිහෙන්නේ මුලු ගෑණු සන්හතියමයි

:       0       0

නිශාන්ත Tuesday, 31 January 2012 09:54 AM

ජරා කාන්තාවන්..

:       0       0

සමන් Tuesday, 31 January 2012 03:35 PM

ඈ නිශාන්ත, එතකොට මිනිහ හරිද????? :D ඔය මිනිහත් පව්ල් කාරයෙක් ෂුවර් එකටම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site