IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


තොවිලයේදී ආතුරයාගේ පුතා ආවේශවෙලා ගමේ කොල්ලන්ට පොලිසි යන්නත් වෙලා

 කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
  ආතුරයාගේ පුතා ආවේශ වී පුහුල කපන්න ගෙනා කැත්තෙන් යකැදුරන්ට හා බෙරකරුවන්ට කොටන්න පටන් ගැනීමට පැනීමත්  සමගම තොවිලය නතර කොට යකැදුරන් හා බෙරකරුවන් සොයන්න කැලය පීරන්න සිදුවූ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
රෝගයක් සඳහා පෙරදිග හා අපරදිග වෙදකම් කළත් ඔහුට සුවයක් නොලැබිණි. ඒ සඳහා බැලූ අංජනමකින් කියවුණේ තොවිලයකින් මේ රෝගය නිට්ටාවටම සුව කළ හැකි බවය. නිවැසියන් ප්‍රතිකාර කිරීම නවතා තොවිලයකට ගියේ ඒ අනුවය.
ප්‍රදේශයේ නමක් ගත් යකැදුරන් කිහිප දෙනෙක්ම ඊට එක්ව සිටියහ. බෙරකරුවෝ ද වූහ. සියල්ල සූදානම්ය. එදා රෑ තොවිලය ක්‍රියාත්මක විණ. ආතුරයා සුදු ඇඳගෙන පැදුරේය. ඔහුගේ පුතා ඒ ආසන්නයේම බිම වාඩිවී සිටියේය. කුකුළාත් පුහුලත් එය කපන්න ගෙනා කැත්තත් තටුව ආසන්නයේය.


යකුන් ගස් නගින මහ රෑ ය. යකැදුරන් මහසෝනාට ඇඳ ආතුරයාට වැසී ඇති මහසෝනා පන්නන්න යාතිකා කරමින් සිටියේය. යාතිකාව නැගලා ගියේය. බෙරකරුවන් අතේ වෙර වීරිය දරා බෙරයට තැලූහ. ඒ සමගම බෙරයේ තාලයට නටන්න නැගී සිටියේ ආතුරයා නම් නොවේ. ඔහුගේ පුතාය. මේ සමගම බෙරකරුවනුත් බෙරයට පෙරට වඩා මහ හයියෙන් තඩි බාමින් සිටියහ.
ආතුරයාගේ පුතා එකවරම අතට ගත්තේ පුහුල කපන්න ගෙනා කැත්තය. ඒ එක්කම මහසෝනාට ඇඳසිටි යකැදුරා වෙත කැත්ත අමෝරාගෙන ඔහුට කොටන්න පැන්නේය. මහසෝන් යකැදුරා බුදු අම්මෝ මාව ඉවරෝයි කියමින් පස්ස නොබලා දිවගියේ නිවස ආසන්නයේ කුරුඳු කැලෑවටය. ඔහුට කැත්තෙන් කොටා ගන්න බැරිවූ තැන අනෙක් යකැදුරන්ට ද කැත්තෙන් කොටන්න ඔහු පැන්නේය. මහසෝන් යකැදුරා මෙන්ම ඔවුන් ද ජීවිතය බේරා ගැනීමට කුරුඳු කැලයේ පැන්නෝය. ඔහුගේ ආවේශය ඉක්මනින්ම පහව යාමට බෙරකරුවන් ද තව තවත් හයියෙන් බෙර ගැසුවෝය. ඔවුන් පස්සේ ද ඔහු කැත්ත අරන් පන්නද්දීත් යකැදුරන් මෙන්ම බෙරකරුවන් ද කුරුඳු කැලෑවට පැන්නේ ජීවිත බේරා ගැනීමටය.


තොවිලය බැලීමට ආ ගමේ අයට කොටන්න ඔහු ඊළඟට පැන්නේය. මේ දෙස බලා සිටි ගමේ තරුණ පිරිස එන පොට හොඳ නැතැයි සිතා ඔහු මෙල්ල කර ගැනීමට එක් කෙනෙක් ඔහු බදා ගත්තේය. අනෙක් පිරිස අවම බලය යොදා ඔහුට තළා කැත්ත උදුරා ගත්තෝය. ඔහුගේ ආවේශය ඒ සමගම නැති විය. ගමේ කොල්ලන්ට කුරුඳු කැලයට පැනගිය යකැදුරන් හා බෙරකරුවන් සොයා ගන්න කුරුඳු කැලය පීරන්නට සිදුවූහ.තොවිලය එතනින් අහවරය. ආතුරයාගේ ලෙඩේ එතනමය. ආතුරයාගේ භාර්යාව පසුදා උදෑසන පොලීසියට ගියේ ආවේශ වූ සිය පුතාට පහරදුන් කොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැමිණිලි කිරීමටය.



අදහස් (1)

තොවිලයේදී ආතුරයාගේ පුතා ආවේශවෙලා ගමේ කොල්ලන්ට පොලිසි යන්නත් වෙලා

pakeer Tuesday, 22 August 2023 10:45 PM

ලංකාවේ නීතිය කොහොමද දන්නේ නැහැ ක්‍රියාත්මක වෙන්නේ .යකා වැහිලා මිනී මැරුවම .අනේ මෙහෙමත් මෝඩ සිංහලයෝ

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1886 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site