(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
හේ තෙල් පෝලිමට එක්වූයේ පාන්දරය. තෙල් පෝලිමේ දිගුභාවය නිසාම තවත් බොහෝ වේලාවක් ඔහුට රැඳී සිටීමට සිදු විය. ඒ නිසාම නිවෙසට අවශ්‍ය කරන එළවළු ඇතුළු දෑ ගත්තේ කාලයෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමටය.

තමාගේ වාරය ඒමට තවත් වේලාවක් ඇති හෙයින් උදේ තේ එකකින් කුස පුරවා ගැනීමට ඔහු සිතුවේය. ඒ නිසාම තමන් මිලදීගත් භාණ්ඩ යතුරුපැදියේ හැඬලයේ එල්ලා ගියේය.
ගත වූයේ ටික වේලාවකි. යතුරුපැදියකින් පැමිණි සුරූපී ළඳක්, “මේ අපේ තාත්තාගේ බඩු මල්ල ගෙදර ගෙනියන්න කියලා කිව්වා” කියමින් පෝලිමේ තිබූ යතුරුපැදියේ එල්ලා තිබූ බඩු මල්ල රැගෙන ගියාය.
තේ එකක් බී ඔහු පැමිණි විට සිය යතුරුපැදියේ එල්ලා ගිය බඩු මල්ල නොදුටු විට බොහෝ කලබලයට පත්විය.
සිය දියණිය බඩු මල්ල ගෙන ගියා යයි ඇසූ විට ඔහු දෙඅතින් හිස බදාගෙන කෑගැසුවේ තමාට දියණියක් නැති බව කියමිනි.
සිදුව ඇති දේ තේරුම් ගැනීමට තෙල් පෝලිමේ සිටි අයට වැඩි වේලාවක් ගත නොවීය.
“ආයෙත් බඩු ගත්තොත් තෙල් ගහන්න සල්ලි නැහැ. තෙල් ගැහැව්වොත් බඩු ගන්න සල්ලි නැහැ” කියමින් ඔහු නාහෙන් අඬ අඬ සිටියේ තමන්වත් නොහඳුනන තමන්ගේ දුව කවුදැයි සිතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd