කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පෝලිමේ නොසිට ලොක්කා වගේ තෙල් ගැසීමට ගිය අයෙකුට බල්ලෙකු දුන් අපූරු දඬුවමක් පිළිබද පුවතක් දකුණු පළාතේ පිරවුම් පොළකින් අසන්නට ලැබේ.
තෙල් පෝලිමේ සිටියේ දහපහළොස් දෙනෙකි. ඊටත් අඩු මිස වැඩි නොවීය. විනාඩි පහක් හයකින් තෙල් ටික ගසා ගන්නට තිබුණි. ඒත් නගරයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් පැදිය පෝලිමට නොදමා තෙල් ගසන පොම්පය ළඟට ගෙන ගියේය.
මේ දිහා බලා සිටි බල්ලෙක් පෝලිමේ නොසිට තෙල් ගහන්න ආ අය වෙතට පැන ඔහුගේ කකුල සපා කෑවේය. ඒ විතරක්ම නොව බල්ලාගේ කටින් ඔහුගේ කකුල මුදවා ගැනීමට පිරවුම් පොළේ සේවකයෝ දැඩි පරිශ්‍රමයක් දැරූහ.
තෙල් ගහගන්න පෝලිමේ සිට පිළිවෙළට පැමිණි කිසිවකුත් මේ බලු ප්‍රහාරයට ලක්නොවී පෝලිමේ නොසිට තෙල් ගහන්න ගිය ඔහු බලු ප්‍රහාරයට ලක්වීම පිළිබඳ පුවත හතර අතේම පැතිරෙන්නට වැඩි වේලාවක් ගත නොවිණි.
බලු ප්‍රහාරයට ලක්වීමත් සමගම ඉක්මනටම තෙල් ගහගන්න ආ ඔහුට තෙල් ගැසීම පසෙක තියා රෝහල් ගත වීමට සිදුවිය. පෝලිමේ සිටි අය පිළිවෙළට පැමිණ කිසිදු කරදරයකින් තොරව තෙල් ටික ගහගෙන ගියෝය.
අසාධාරණය මැනවින් තේරුම්ගත් බල්ලා ඔහුට දුන් දඬුවමක් බව ඒ අවස්ථාවේ එම ඉන්ධන පිරවුම් පොළේ අය කීහ.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙල් පෝලිම පැන්නාට බල්ලකුගෙන් දඬුවමක්