
‘රෙද්ද උස්සන්න”ගොස් මුදලාලිගෙන් ගුටි පූජාවක් ලැබූ කඩේ ගෝලයකු පිළිබඳ අපූරු කතාවක් රජරට පුරවරයේ එක්තරා ග්‍රාමීය පෙදෙසක නගරයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
එය ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සලකී. මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලේ මුදලාලි ඉතා සැර පරුෂ තැනැත්තෙකි. වචනයක් පොඩ්ඩක් එහාට මෙහාට වෙන්නට බැරිය. කන රත් වෙන්නට අතගාන්නේ කම්මුලය.
නිතරම සරම කැසපොට ගහගෙන සිටීම ඔහුගේ සිරිතය. මුදලාලිගේ බිරිය සහ දරු දැරියන් ඔහුගේ මෙම සරම ඇඳීමේ පිළිවෙත දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර ඇතත්, මුදලාලි සරම කැසපොට කවා සිටීම නතර කළේ නැත.
සිමෙන්ති ගැනීමට එන පාරිභෝගිකයන්ගේ ත්‍රී රෝද රථවලට හෝ යතුරු පැදිවලට සිමෙන්ති පැටවීම සිදු කරන්නේ කඩේ ගෝලයා විසිනි. එහෙත් මෙදින ගෝලයාගේ අතේ ඇති වූ තුවාලයක් හේතුවෙන් ඔහු අතට බෙහෙත් දමා අත වෙළාගෙන සිටියේය.
මුදලාලි ඔහුගේ නම කියා ඔහුට වැඩක් පැවරූ සැනින් ගෝලයා මහත් සේ කලබලයට පත්වී එය ඉටුකරන්නේ මුදලාලිට ඇති පක්ෂපාතී බව සහ ගුටි කෑමට ඇති බිය නිසාය.
එදින තරමක් මඳ වැසි ඇද හැලුණු දිනයෙකි. ත්‍රී රෝද රථයක් වෙළෙඳ සල ඉදිරිපිට නවතා එයින් බැස ගත් කාන්තාවක මුදලාලිට මුදල් ගෙවා සිමෙන්ති මිටියක් ත්‍රී රෝද රථයට පටවන ලෙස ඉල්ලා සිටියාය.
වර්ෂාව නිසා ත්‍රීරෝද රථයේ දෙපැත්ත කාපට් දමා වසා තිබුණි. ගෝලයාගේ අත තුවාල වී ඇති නිසා මුදලාලි සිමෙන්ති මිටිය ඔසවාගෙන ත්‍රී රෝද රථය අසලට බැරි බැරි ගානේ ගියේය. එහි දොරටු කාපට් රෙද්දකින් වැසී තිබුණි. සිමෙන්ති මිටියේ බර ඉවසාගෙන සිටිය නොහැකි තැන මුදලාලි යටිගිරියෙන් කෑ ගැසුවේය.
‘‘ඒයි, කොල්ලෝ, විගහට මෙහාට වරෙන්, මේ රෙද්ද උස්සපන් යකෝ... මේ රෙද්ද උස්සපන් ”.යැයි කී සැණින් කඩේ කොලුවා එතැනට දුවගෙන විත්, දෙපාරක් නොසිතා මුදලාලිගේ සරම උඩටම එසැවීය.
සිමෙන්ති මිටිය ගැනීමට පැමිණි කාන්තාව දෑතින්ම මුහුණ වසාගෙන ආපසු හැරුණාය. මුදලාලි සිමෙන්ති මිටිය එතැනම බිමට අතහැරීය. සිමෙන්ති මිටිය හතරට පහට පැළුණි. එන පොට හොඳ නැති බව දැනගත් කොලුවා එතනින් එර්දි විය.
සිද්ධිය එතැනින් නිමා වුවද, අදටත් එම සිද්ධිය දත් ප්‍රදේශවාසීන් ”මුදලාලි, රෙද්ද”යැයි කියන විට ඇඳ සිටින සරම ඔසවා අසැබි ලෙස හැසිරෙන බවට දැන ගැනීමට ලැබුණි.
කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
ත්‍රිවිලරයේ රෙද්ද උස්සන්න කීවාම ගෝලයා මුදලාලිගේ සරමෙන් ඇදලා