IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත්‍රිරෝදයේ තෙල් පිරුණාම බිරියත් අමතක වෙලා

(සිටිනාමළුව අනීෂා මානගේ) තම ත්‍රීරෝද රථයට ඉන්ධන පිරවීම සඳහා ඉන්ධන පිරවුම්හල වෙත පැමිණි සැමියාට තමා සමග පැමිණි බිරිඳ අමතක වූ සිද්ධියක් තංගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

සිද්ධිය සැකෙවින් මෙසේය. වේලාව උදෑසන 7.30ට පමණය. මැදිවියේ පසුවන අඹුසැමි යුවළක් තම ත්‍රිරෝද රථයෙන් තංගල්ල බෙලිඅත්ත මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හල වෙත පැමිණියේ ත්‍රිරෝද රථයට ඉන්ධන පුරවා ගැනීමට ය. රථයට ඉන්ධන පුරවාගන්නා තුරු ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ වාඩි වී සිටි බිරිය මදකට රථයෙන් එළියට බැස්සාය. තමා සමග ත්‍රිරෝද රථයේ පැමිණි බිරිඳ වාහනයෙන් බිමට බසිනු සැමියා දුටුවේ නැත.

ත්‍රිරෝද රථයට අවශ්‍ය පමණින් ඉන්ධන පුරවාගත් සැමියා රථය පණගන්වා බෙලිඅත්ත දෙසට රථය පැදවීය. සැමියා පැදවූ ත්‍රිරෝද රථය තමාව ඉන්ධන පිරවුම්හල අසල දමා ඉදිරියට ඇදෙන අයුරු දුටු බිරිඳ කෑ ගසමින් රථය පසුපස දිව ගියාය. ඉන්ධන පිරවුම්හලේ සේවකයින් ද ත්‍රිරෝද රථ රියදුරුට කෑගැසූ නමුත් ඉදිරියට ධාවනය වූ ත්‍රිරෝද රථයේ සිටි සැමියාට බිරියගේ කෑගැසිල්ල හෝ ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ කෑගැසිල්ල කන වැකුණේ නැත.

ඉන්ධන පිරවුම්හලේ සිට කිලෝමීටර දෙකක් පමණ ගිය පසු ත්‍රිරෝද රථයේ පිටුපස ආසනයේ සිටි තම බිරිය එහි නොමැති බව දැනගත් සැමියාට දෙලෝ රත් විය. වහාම ත්‍රිරෝද රථය හරවා ගත් ඔහු නැවත ඉන්ධන පිරවුම්හල දෙසට ගමන් කළේ බිරිඳ කොහිදැයි සොයමිනි. ඔහු තංගල්ල දෙසට පැමිණෙන අතරතුර දී තංගල්ල සිට මාතර නගරය දක්වා ධාවනය වූ බස්රථයකට තම බිරිය ගොඩවදින අයුරු ඈත සිට දුටු සැමියාට සිදුවූයේ තම බිරිඳ සොයා බස් රථය පසුපස හඹා යෑමටය.



අදහස් (3)

ත්‍රිරෝදයේ තෙල් පිරුණාම බිරියත් අමතක වෙලා

Ranasinghe Friday, 18 May 2018 05:57 AM

ත්‍රීවීල් මල්ලිලා ඉන්නේ සිහියෙන් නෙමෙයි?

:       0       73

mahshika Friday, 18 May 2018 02:25 PM

බිරිඳ බස් එකකට නැග්ග එක ඔක්කෝටම වඩා මෝඩ කමක්... පිටිපස සීට් එක හිස් බව දැක්කම සැමියා අාපහු එ්වි කියලවත් හිතන්න මොලයක් නැද්ද?

:       23       29

pakeer Sunday, 20 May 2018 02:37 AM

මෝඩ යක්කු

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site