IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ත්‍රිරෝදයේ තෙල් කරාමය කරකවද්දී දැරියගේ කකුල අතගෑවිලා

ත්‍රිරෝද රථයෙහි ගමන් ගන්නා අවස්ථාවෙහි ඉන්ධන කරාමය කරකැවීමට පසුපස ආසනය වෙත අත යොමුකළ තරුණ රියදුරකුට මුහුණ පෑමට සිදු වූ අපුරු පුවතකි.
ටැක්සි රථ රියදුරකු ලෙස සේවය කළ ඔහු අවු 35 ක දෙදරු පියෙකි. දකුණු පළාතේ උපනගරයක බස් නැවතුමක් අසල ඔහුගේ රථගාල විය. මනා පෙනුමකින් හා සංවර බවින් යුතු නිසාවෙන් ඔහුට නිරන්තරයෙන්ම කුලී ගමන් බිමන් යෙදෙයි.
වැසිබර කාලගුණයක් පැවති පසුගිය දිනෙක තම රථයට ගොඩ වූයේ මව, පියා දියණිය යැයි සිතිය හැකි තිදෙනෙකි. අපි අහවල් ස්ථානයට බස්සන්න ගාන කීයද?  අසා එකඟතාවට පැමිණි ඔවුන් කඳුකර මාර්ගයක ගමන් කරන්නට විය. හිටි හැටියේ රථයේ ඇන්ජිම අක්‍රීය වන්නට යන  බව හැඟී ගිය හෙයින් රියදුරු තම වම් අත පසුපස අසුන වෙත යොමු කළේ ඒ අසල ඇති ඉන්ධන කරාමය කරකැවීමටය. එහෙත් නොසිතූ දෙයින් ඔහු තම අත ඉවතට ගෙන තවත් සුළු මෙහොතකින් ඉන්ධන කරාමය වෙත අත දිගු කළේය. එහෙත් එවර ඔහුට අත ඉවතට ගත නොහැකි විය. මන්ද ඒ වන විටත් කලින් සිදුවීම දෙස විමසිලිමත්ව බලාසිටි වැඩි හිටි පුද්ගලයා ඔහුගේ එම අත අල්ලා කරකවා ඔවැනි වනචර වැඩ නොකරන ලෙස බැන වදිමින් රථය නවත්වන්නට අණ කළේය. කෙසේ වෙතත් රියදුරු තම රථය පෙරළෙන්නට නොදී බේරාගත්තේ මහත් ආයාසයෙනි.


රථය අයින් කර නැවතූ ඔහුට, තම දියණියගේ පාදය ස්පර්ශ කළ බවට වැඩිහිටි දෙපළ  චෝදනා කරන විට මොහුට තේරුම් ගියේ මේ අය ඉහත සිදුවීම ඉතා වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවයි. වහ වහා කරුණු අවබෝධ කරදුන් ඔහු කියා සිටියේ මෙවැනි රථවල ඉන්ධන කරාමය පසු පස ආසනය යට ඇති බවත් එය බොහෝ විට කරකවන්නේ ඉදිරිපස බලාගෙන බවත් ඒ අවස්ථාවේ දියණියගේ පාදය ඕන කමකින් අත නොගෑ බවත් එය අත් වැරදීමකින් සිදු වු බවත් තමන්ටත් මෙවැනි දරුවන් දෙදෙනෙකු සිටින බවත්ය. ඒ වන විටත් එම ප්‍රදේශයේ බොහෝ දෙනෙක් මේ සිදුවීම දෙස බලා සිටි අතර ඔවුන් ද රථයේ පැමිණි මගීන්ට කරුණු අවබෝධ කර දුන්නේ මෙය අත් වැරදීමක් බවයි.
අනතුරුව රථයෙන් බැසගත් ඔවුන් මොනවාදෝ කියමින් වෙනත් ත්‍රීරෝද රථයක නැග යන්නට ගියේ ගමනේ කුලිය ද නොගෙවාය. එදින මුලින්ම ලැබුණු කුලී ගමනේ දී තමාට අත්විඳීමට සිදුවූ අබැද්දිය පිළිබඳ කලකිරීමෙන් යුක්තව නැවත ටැක්සි රියදුරු රථගාල වෙත ත්‍රීරෝද රිය ධාවනය කළේ හිස් අතිනි.

කඹුරුපිටිය විශේෂ කේ.අජිත්



අදහස් (0)

ත්‍රිරෝදයේ තෙල් කරාමය කරකවද්දී දැරියගේ කකුල අතගෑවිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site