IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


තරුණියන් දැකලා ටිකට් පරීක්ෂක ඔල්මොරොන්දන් වෙලා

(විශ්ව ගැමුණු පි‍්‍රයංකර)
ටිකට් පරීක්ෂාවට බසයට ගොඩවූ නිලධාරියකුට සිදුවූ පටළැවිල්ලක් පසුගියදා බස් රථයකදී දැක ගැනීමට හැකිවිය.


ඔහු නවක නිලධාරියෙකි. ටිකට් පරීක්ෂාවට පෙර දින කිහිපයක් ඔහුට පුහුණුව ලබා දුන්නද ඔහු තුළ තිබුණු පෙනුම ඊට බාධාවක් විය. ටිකට් පරීක්ෂකවරුන් බසයේ ඉදිරි දොරටුවෙන් ඇතුළු වී මුලින්ම කරනුයේ බසයේ සිටින කොන්දොස්තරවරයාගේ අතෙහි ඇති ටිකට් යන්ත‍්‍රය ඔවුන් භාරයට ගැනීමයි. මේ නවක නිලධාරියාද ඒ පුහුණුව එම අයුරින්ම අනුගමනය කොට බසයකට ගොඩ විය.


බසයේ ඉදිරි අසුණේ පෙනුමෙන් සිත් ඇද බැඳ ගන්නා තරුණියෝ කිහිප දෙනෙක්ද සිටියහ. වරක් ඔහු ඉන් එක් තරුණියක දෙස බැළුවේය. තවත් වරක් තවත් තරුණියක දෙස බැළුවේය.


බස් එකට ”චෙකර්ලා” පැනලා අයෙක් කියනු ඇසුණි.


ඒ සමඟම නවක නිලධාරියා තරුණියන් ඉදිරියේ සිය බලය පෙන්වීමට සිතමින් සැණෙකින් ඉදිරියට පැන කොන්දොස්තරවරයාගේ අතේ තිබූ ටිකට් යන්ත‍්‍රය උදුරා මෙන් අතට ගත්තේය. යන්ත‍්‍රය අතින් නිදහස් කොට ඔහු මූණ ඇඹුල් කර ගත්තේය.


අනේ මහත්තයෝ  ඕක මම හම්බ කරන් කන මැෂින් එක  ඕකට මුකුත් කරන්න එපා.


එවිට නවක නිලධාරියා මෙසේ කීවේය. හරි හරි හම්බ කරගෙන කන හැටි තමයි අපි මේ පරීක්ෂා කරන්න යන්නේ.


එසේ කියමින් නිලධාරියා ටිකට් යන්ත‍්‍රය එහාට මෙහාට හැරෙව්වේය. ඔහු අන්දුන් කුන්දුන් වීය. කෝ මේකේ ටිකට් කොහෙන්ද එන්නේ. නැවතත් ඇසීය.


අනේ මහත්තයෝ  ඕකෙන් ටිකට් දෙන්න බෑ ඔය මොබයිල් ෆෝන්වලට රී ලෝඞ් දාන මැෂිමක්.


තත්ත්පර ගණනකදී නිලධාරියාට සියල්ල වැටහුණේය.


කොන්දොස්තර යැයි සිතා ඔහු යන්ත‍්‍රය උදුරාගෙන තිබුණේ බසයට ගොඩවී මගීන් වෙනුවෙන් පෙරගෙවුම් නිකුත් කරමින් සිටි පුද්ගලයකුගෙන්ය. ඔහු වේගයෙන් බසයේ පසුපස දොර අසළට ගියේය.



අදහස් (0)

තරුණියන් දැකලා ටිකට් පරීක්ෂක ඔල්මොරොන්දන් වෙලා

දුමින්ද Monday, 23 February 2015 03:33 AM

නවකයන්ට සිනා නොවන්න (දිල්)

:       0       0

රූපවතී Thursday, 26 February 2015 12:37 PM

හරි හරි...ටෙනිසන් අයියත් චන්දෙ ඉල්ලන්නකෝ ....අපි ගැහැණු පරාන ටික ඉන්නකම් ඔයා දිනයි (නදී)

:       0       0

සුජාන් Wednesday, 25 February 2015 10:06 AM

ටිකට් පරීක්ෂක දන්නේ නෑ ටිකට් මැෂිම මොකක්ද රී ලෝඩ් මැෂිම මොකක්ද කියලා. ඔය විදිහේ රජයේ නිලධාරීන් තමයි අපේ රටේ වැඩි හරියක් ඉන්නේ.(හේ)

:       0       0

ටෙනිසන් Tuesday, 24 February 2015 07:57 AM

අනේ රූපවතී, පිරිමින්ගේ පෞරුෂයක් නැත්නම් ලෝකයේ පැවැත්මට මොකද වෙන්නේ? ඔයාලගේ කැමැත්තට මොකද වෙන්නේ? (නි)

:       0       0

මහේෂ් Monday, 23 February 2015 05:46 AM

කාලෙකට පස්සේ දෙයියෝ සාක්කි!(හේ)

:       0       0

නිලූ විදානගේ Wednesday, 25 February 2015 01:20 AM

මෙහෙමත් පිස්සු මනුස්සයෙක්! ඇති ඔයින් ගියා. (නි)

:       0       0

රිචි බාලසුරිය Sunday, 22 February 2015 07:49 PM

ලංකාවේ බහුතරය තරුණ ගැහැණු ළමයින් ඉදිරියේ බොරු සෝබන දානවා. එහෙම වුණාම වෙනදේවල් තමයි ඕවා (නි)

:       0       0

හිමාල් Wednesday, 25 February 2015 04:29 AM

මෙතන මේ වෙලා තියෙන්නේ පොඩි පටලැවිල්ලක්.මොකද ගැහැණු ළමයි දිහා බලන්නේ නැතුව පිරිමි ළමයි දිහා බලන්න කියලද කියන්නේ? (නි)

:       0       0

චන්දා Sunday, 22 February 2015 09:08 PM

කෙනෙකුගේ සිත එහෙමයි මෙහෙමයි කියන්න අපි කවුද? කලබලයෙන් සිදුවෙන මෙවැනි සිදුවීම් අපි කාටත් පොදුයි. (නි)

:       0       0

සරත් Sunday, 22 February 2015 11:09 PM

පස්සේ හරියයි. අාපු ගමන්නේ. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 23 February 2015 12:36 AM

ඕක ඉතින් වයසේ වැරැද්ද.ඔය වාගේ අය දැක්කහම ඉන්නේ කොහෙද,මොනවාද කරන්නේ කියලා සියල්ල අමතක වෙනවා. (නි)

:       0       0

කැනඩා දිසා Monday, 23 February 2015 01:22 AM

පිස්සු හැදෙයි කිවුවාලු... නියමයිනේ! (නි)

:       0       0

බන්දුල ධර්මකීර්ති Monday, 23 February 2015 01:44 AM

වස ලැජ්ජාවනේ... කෙල්ලෝ ටික බඩ අල්ලගෙන හිනාවෙන්න ඇති (නි)

:       0       0

රූපවති Monday, 23 February 2015 11:49 AM

ඇයි ඉතින් ඔය මහා පෞරුෂයක් ඇති පිරිමින් ගැහැනු පරානයක් දැක්කාම ඔය තරමටම හෑල්ලුවට පත්වෙන්නේ, එකෙන් පෙනෙන්නේ පුරුෂ පක්ෂේ ඇති මානසික දුර්වල කම...? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1287 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1233 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 448 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site