මහනුවර සිට කුරුණෑගල දක්වා දිවෙන ශීඝ‍්‍රගාමී පෞද්ගලික බසයකි. රූමත් තරුණියක සමග අසුන්ගෙන සිටි කොලූ ගැටයෙකු තරුණියගේ සිරුරට හිරවනසේ සිටීම ඇයට රිස්සුවේ නැත. කීපවරක් රවා බැලූව ද අඩ සිනහවක් පෑ ඔහු අක්කේ වෙලාව කීයද ඇසුවත් ඇය පිළිතුරු දුන්නේ නැත. දෙවන වරටත් වෙලාව කීයද ඇසුවත් ඔහු දෙස රවා බැලූ ඇය ‘‘වෙලාව නරකයි වගේ’’ කීමෙන් ඔහුගේ මුකුළුව වැඩිවිය.
‘‘වෙලාව කියන්ඩකෝ’’ කී ඔහු එවර ඇගේ අතෙහි වූ ඔරලෝසුව තමා දෙසට හැරවීමට උත්සාහගත් අතර ඇයගෙන් උරහිසට එල්ලවූයේ දරුණු පහරකි. තරු පෙනුණ ඔහු වටපිට බලා එන හැඩ හොඳ නැති බව පෙනුණෙන් නැගිට පසුපසට ගියේ අවට සිටියවුන්ගේ විමසුම් සහගත නෙත් තමා වෙත එල්ල වූ හෙයිනි.
බසයේ මැද පොල්ලේ එල්ලීගෙන මේ දර්ශනය බලා සිටි වියපත් කාන්තාවක් වහා ඒ ආසනයට පැන වාඩිවූයේ ‘‘හොඳ වැඬේ’’ කියමින්ලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට ඒ කොල්ල හැන්ඩ්සම් නැතුව ඇති. එහෙම වුනානම් මේ ප්‍රශ්නේ ඔච්චර දුරදිග යන්නේ නෑ.(දී)
මේ නිරන්ජන් සහ රවිඳු කියන දෙදෙනාට බස් එකේ ගිය කෙනාට වැඩිය ලොකු මානසික ආබාධයක් තියනවා. මීට පෙරත් අදහස් ලියන කාන්තාවන්ට පහත් පෙළේ උපහාස වලින් අමතා තියනවා. ඔයගොල්ලන්ගේ ගෙවල් වල ඉන්න බවලතුන්ටත් මෙහෙමද කතා කරන්නේ (නි)
චන්දි ඔයා මොකද මේ නහයෙන් අඩා ගත්ත ගමන්. කවුද ඔයාගේ ඔය ලස්සන නම කැත කලේ? කාන්තාවක් ලෙස හිතල අදහසක් හෝ අත්දැකීමක් මෙතන ලියන්නකෝ. අර ඔයා කියන විදිහට ඔයාගේ ඔය රත්තරන් මොළය උඩ ඉඳගෙන හරි. එතකොටවත් මේ ලෙඩ්ඩු න්ගේ ලෙඩ හොඳවෙයි. (දී)
නිරන්ජන් සහ රවිඳු බස් එකේ ගිහින් විනෝද වෙන්න බැරිකමට මෙතන ඇවිල්ලා බවලතුන්ට අනම් මනම් කියලා , තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරනවාද කොහෙද? (නි)
මම කියපු දේ තේරේවි මීට කලින් දෙයියෝ සාක්කි තීරයේ පළවූ තරුණිය සහ විවාහකයාගේ පුවතට සමහරු ලියූ දේවල් කියෙව්වොත්. ඔය එක්කෙනෙක් හොඳට දන්නවා මම මොකක් ගැනද කතා කරන්නේ කියලා. (නි)
ගුටි නොකා බේරෙන්න තිබුන , (දී)
මෙතන සමහරු පුවතට අදාලව අදහස් ලියනවා වෙනුවට කාන්තාවන්ට අනම් මනම් කියමින් පහත් පෙළේ වින්දනයක් ලබන බව පැහැදිලියි. (නි)
නිහාල් විතානගේට කාන්තාවන් දැක්කහම කතා කර ගන්න බැරුව යනවා ඇති (දී)
මෙතන අදහස් ලියන උදවිය සමහරුන් අම්මලා සිටින ගෙදරකින් සමාජයට පැමිණ නැති කට්ටියද කියලා හිතෙනවා (නි)
මේ පාඨක පුවත් තීරය හරවත් බුද්ධිමත් ඒ වගේම හැමෝටම අහිංසක විනෝදයක් දෙන අදහස් ගලා යන තැනක් වෙනුවට දැන් සමහරු මේක කාන්තාවන්ට අපහාස කරන තැනක් කරගෙන. (නි)
මට පෙනෙන්නේ මේ සභාවේත් මෙහෙම කීපදෙනක් ඉන්න බවයි (නි)
මට හිතන්නේම නිරන්ජන් කියන කෙනා නෝනා කෙනෙක් සොයාගන්න බැරුව දුකෙන් පෙළෙන කෙනෙක් කියලයි. මීට කලිනුත් කවුදෝ බවලත් පාඨකයෙක් අල්ලාගෙන පිස්සුවක් නැටුවා. (නි)
එක්කෙනෙකුට තියෙන්නේ එසේ මෙසේ ලෙඩක් නෙමෙයි. ඔය ගැහැණු කට්ටියට පහත් කතා කියල ආශ්වාදයක් ලබන්නේ පෞරුෂයේ අඩුපාඩු තිබෙන පිරිමි. (නි)
ලංකාවේ පිරිමි මහා අසහන කාරයෝ ලංකාවේ කාන්තාවන් බොහොමයක් ඔවුන්ගේ තාත්තල අතින් හෝ සහෝදරයන් අතින්ම දුෂණයට ලක් වෙනවා. ඉතින් එහෙම කාන්තාවක් කොයි පිරිමියා දිහා බලන්නේත් සැකයෙන් තමයි. අරාබි රටවල මුස්ලිම් ඇඳුම තමයි අපේ කාන්තාවන්ටත් ගැලපෙන්නේ.(නදී)
කුමාරිල වගේ අයට ඉතින් මුහුණ නොදක වැරදිලා කවුරු හරි මංගල යෝජනාවක් කරනවා හැරෙන්න මුහුණ බලාගෙන ඒ වගේ යෝජනාවක් කරයිද? කුමාරි බස් එකේ යද්දී බලාපොරොත්තු තියාගෙන හිටියට වැඩේ ඉෂ්ට වෙලා නැහැ වගේ . (දී)
මෙතන සමහරු පළවෙන පුවතට අදාලව ලියනවා වෙනුවට බවලතුන්ව අමතමින් පුද්ගලික අසහනය පිටකරනවා. (නි)
ලකී මහතාට මම ගරු කරනවා. නිරංජන්ලා වගේ මානසික අසහනකාරයන් අතරේ මහත්මයෙක් මේ සභාවේ ඉන්න බව වැටහුනා. (නි)
චන්ද්‍රා ඔයා කියන විදිහට ඔහොම දේවල් වෙන රට වල ඇත්තෙම නෑ. අනේ නිකම් ඉන්න (නදී)
කෙලින්ම තමන්ගේ ස්වාධීන අදහස් කියලා වැඩක් බලාගන්නේ නැතුව සමහරු මෙතන පිස්සු නටනවා. (නි)
ඇත්තට මේ නිරංජන් කියන කෙනා කවදාවත් මෙතන පළවෙන පුවතට අදාලව වචනයක් ලියලා තියනවා මම දැකලා නැහැ. මෙතෙක් ලියපු හැම අදහසකින්ම මෙතන පාඨක මහත්මියක් අල්ලාගෙන නොමනා ප්‍රකාශ කරමින් පහත් පෙළේ විනෝදයක් ලබනවා. මෙහෙම කට්ටිය මේ වගේ වියත් සභාවකට සුදුසු නැහැ. (නි)
ජනප්‍රියම නිව්ස් එක , ලංකාවට ගියපු කලක්. (නදී)
නිරංජන්, දැන් හොඳටම ඇති. මමත් බලාගෙන හිටියේ. සීමාව ඉක්මවා පාඨක කාන්තාවන්ට තැනට සුදුසු නැති වචන කියන්න ගියොත් ඔබටත් අර ලංකා තිලක්ට එක දවසක් වුණ වැඩේ වෙන්න පුළුවන්. (නි)
මුල සිටම මේ අදහස් කියවපුවම තමයි තේරෙන්නේ සමහර කාන්තාවන්ගේ කට හැකර කම. මෙහෙම කාන්තාවන් කොහොමද සමාජයට ආදර්ශයක් ඇතිව ජිවත් වෙන්නේ. හරි හෝ වැරදි හෝ තමන්ගේ අදහස ලියනවා වෙනුවට එකිනෙකාට ගරහමින් වචන හුවමාරු කර ගැනීම තමයි කරන්නේ. මම අහල තියනවා මොලේ අමාරු තියන අයට අනිත් අයව පෙනෙන්නෙත් ඒ විදිහට කියලා. බලාගෙන ගියාම මේකත් පිස්සන් කොටුවක් වගෙයි. මොනා කරන්නද, මෝඩ කමට බෙහෙත් නැහැනේ. (නදී)
කවුද මේ නිරන්ජන් කියන කෙනා ? බලනකොට අර බන්දුල පෙරේරා මීට වඩා හොඳ මානසික මට්ටමකින් මෙතන අදහස් ලියනවා. (නි)
බස් එකේ යනකොට කුඩයක් රැගෙන ගියොත් වැඩිය කවුරුවත් බලපෑම් කරන්න එන්නේ නැහැ. තමන් අකමැති හැසිරීමක් ආවොත් කෙළින්ම කුඩය උරුක් කරන්න. (නි)
ඉස්සර ඉදන්ම එක එක නම් වලින් ලියලා අපිවත් විනාශ කර කෙනා තාමත් මේ සභාව විකෘති කරනවා වගේ, ඔයා මොන නමින් ලීවත් එන්නේ එකම අදහස් නිසා කවුරුත් දන්නවා ඔය කවුද කියලා. දැන්වත් මොලේ උඩින් නැගිටලා හිතක් සනසන්න හැකි වදනක් ලියන්න. (නදී)
නියම කතාව.... (නි)
මට හිතෙන්නේ කාන්තා පක්ෂය ඔය නිරන්ජන්ලා කියන දේවල් වැඩිය ගණන් ගන්න ඕනෑ නැහැ. පාර තොටේ යනකොටත් ඔය වගේ අය හමුවෙලා ඇතිනේ. (නි)
ඇත්තම තමයි!සමහරුන්ට නෝනා කෙනෙක් සොයාගන්න බැරිවුණ අසහනය පිටකරගන්න පාඨක සභාවට ගොඩවෙලා (නි)
අපේ කාර්යාලයේ කසාදයක් බැඳගන්න බැරිවුණ තලත්තෑනි පිරිමි කෙනෙක් ඉන්නවා. එයත් හරියට කාන්තාවන්ට පහත් පෙළේ අපහාස උපහාස කරනවා. (නි)
නිරන්ජන් නමින් ලියන කෙනා ට ඇත්තටම මානසික අවුලක් තිබෙනවා ද කොහෙද . ඔය බවලත් පාර්ශවය එයාට උත්තර බඳින්න එපා. (දී)
මේක වැදගත් , බුද්ධිමත් පිරිසක් ඉන්න සභාවක්. එම නිසා අනුන්ගේ නම් වලින් අදහස් ලිවීමෙනුත්, අදහස් ලියන කාන්තාවන්ට නොමනා කතා ලිවීමෙනුත් කරුණාකර නවතින්න. සීමාව ඉක්මවා මේ දේවල් කරන්න ගියොත් අපිට පාඨක තීරය නැති වෙන්නත් ඉඩ තිබෙනවා. (දී)
හේවාවිතාරණ , තැනට සුදුසු ලෙස කියන්න ඕනෑ දෙය පමණක් කියලා මහත්වරු ලෙස මේ සභාවේ ඉන්න පාඨක පිරිමි අතළොස්සක් නිසා තමයි තවමත් මෙහි ගරුත්වය රැඳිලා තියෙන්නේ. (නි)
කවුරු හරි වෙලාව ඇහුවම වෙලාව කිව්වා නම් ඉවරයිනේ. ඕක ඔච්චරටම හිතට ගන්න දෙයක්ද? සමහරු නිකම් ඔවුන් පත්තිනි අම්මල වගේ කියල අනිත් අයට පෙන්නන්න හදනවා. (ස)
කිව්වට තරහවෙන්න එපා. මෙතන ලියන සමහර කාන්තාවනුත් කට ඇරියම බෙංගාල බොක්ක කැළඹුනා වගේ. එක්කෝ අනෙකුත් අදහස් ලියන කාන්තාවන්ට ඇනුම් පදයක්. නැත්නම් උපහාසයක්. (නි)
අද බස් වල මැද පොලු නෑනේ. (ස)
චන්ද්‍රා ඔබ ඔය ඉන්න රටේ කාන්තාවකගෙන් වෙලාව අහන එකත් ලිංගික අතවරයක් ගණයට වැටෙනවද? පිස්සු නැත්නම් ෂෝක්! (ස)
මේ කොලුගැටයා මොකට ගොළු තරුණියකගෙන් වෙලාව ඇහුවද? (ස)
අනේ මන්ද මොනවා කියන්නද කියල, සරත්,ඔයාගේ අදහසට මට හිනා.., කොහෙද දන්නේ නැහැ නේද ඒ බස්වලින් ගියේ....? (ස)
ගණන් ගන්න එපා ඕව සුළු දේවල් හිනා වෙලා අපි ඔහේ යමු....// (ස)
මොකද කුමාරි උදෙන්ම වලිගෙ පාගාගෙන? බස් එකේදී කවුරු හරි ඔයාගෙන් වෙලාව ඇහුවද? (ස)
කුමාරි අක්කේ, ඔයා තවමත් පසුගිය දෙයක් ගැන හිතමින් දුක්වෙනවද? ඕනෑවට වඩා ඕක ගැන කල්පනා කරන්න එපා. ප්‍රෙෂර් වැඩිවෙයි. (නි)
වෙලාව ඇහුවට මක් වෙනවද (දී)
නිල්මිණි කියන දේවල් කරන්න පුලුවන්ද? ඔහොම හිතන්න එපා (නි)
නිල්මිණි, ලංකාවේ කාන්තාවන් "බොහෝමයක්" ඔවුන්ගේ තාත්තලා අතින් හෝ සහෝදරයින් අතින් දූශනය වෙනවා කියලා කියන්න ඔබට තිබෙන පදනම මොකක්ද? උපන්දා ඉඳන් ඇහේ මූණේ තියාගෙන මලක් වගේ දීග දෙන තුරු දියනියන් රකින පියවරුන්ගේ පීතෘත්වයට, තම සොයුරියගේ ආත්ම ගරුත්වය වෙනුවෙන් ජීවිතය දෙන සොයුරන්ගේ සහෝදරත්වයට නිගරු කරන්න එපා. (දී)
කුමාරි, මොනවද මේ ඔයා කියන්නේ? (නි)
මමත් මේ එක තමා බැලුවේ මොකද කුමාරි උදෙන්ම වලිගෙ පාගාගෙන ඉන්නේ කියල? (අ)
දෙන්න තිබ්බේ කොහොමද දන්නවාද (දී)
මම දැන් අවුරුදු අවුරුද්දක් තිස්සේ මේකට ලියන්නේ මේනක යන මගේ නමින්. ඔන්න දැන් ඊයේ තව කෙනෙක් මේනක නමින් ලියලා. (නි)
සරත් නියමයි (දී)
අනෝමාගේ කටේ මසුරන් දාන්න වටිනවා (නි)
මගේ නමිනුත් ඉඳලා හිටලා කවුදෝ ලියනවා. ඕනෑ දෙයක් ලියපුදෙන් කියලා මම නිකම් ඉන්නවා. මොකෝ මම දැන් ඉතින් මගේ නම වෙනස් කරලා ලියන්නද? (නි)
සරත්-නිවැරදි අර්ථකතනයක් ලබා දුන්න.ස්තුති (දී)
මගේ නමිනුත් කවුදෝ පුවතකට විවේචනාත්මක අදහසක් ලියලා තිබුනා. මොනවා කරන්නද? මගේ නම ලංකාවේ බහුලව භාවිතා වෙන නමක් නිසා මට කරන්න කිසිම දෙයක් නැහැ (නි)
අපි තැනෙ හැටියට ඇනෙ ගහන්න ඔන..වෙලාව කිවානම් ඉවරයිනෙ.(දී)
පළවූ පුවතට අදාළ අදහස් ලියනවා වෙනුවට පුද්ගලික අපහාස උපහාස කිරීමෙන් මෙතන ගරැත්වය නැතිකරන්න එපා.. තමන්ගේ ස්වාධීන අදහසක් ලියලා නම්බු පිටින් ඉන්නේ කීයෙන් කීදෙනාද .(අ)
ගහන්න තිබුනේ සෙරෙප්පුවෙන් .මීට පස්සේ ඔය වගේ දේවල් නොකරන්න. (අ)
අර කලින් තිබුන ලෙඩේ නැවතත් පැතිරෙනවා වගෙයි. කුමාරි,බිමල්, ඔයාලට දැන් වැටහෙනවා නේද? මගේ නමින් ලියලා ලියලා මාව නැත්තටම නැති කළා. පුදුම පිස්සුවක් එයාට තියෙන්නේ අනුන්ගේ නම් වලින් ලියන්න (නි)
කොල්ල බස් එකේ යන හින්ද වෙන්න ඇති වෙලාව ඇහුවම ඒ තරුණියට ඔච්චරටම ඩෝන් ගියේ බැරි වෙලාවත් කොල්ල කරෙකකින් බැහැල ඇවිල්ල වෙලාව ඇහුවනම් අතේ තියන ඔරලෝසුවත් ගලවල කොල්ලට දෙයි වෙලාවම බලන්න. (අ)
නියම උත්තරයක්‍නේ දීලා තියෙන්නේ (නි)
මෙම තීරයට අදහස් දක්වන තරුණ ළමුන් කරුණාකර ටිකක් සංයමයෙන් යුතුව අදහස් දක්වන්න. විහිලුවට අන් අයගේ නමින් අදහස් දැමීම නතර කරන්න. කුමාරි මහත්මිය, ඔබතුමිය හිත කලබල කරගන්න එපා.මේ තරුණ ළමයි නොදැනුවත්කමට කරන කියන දේ ගැන අපි සමාව දෙමු. (නි)
ජපානයට අලුතෙන් බහින කොලු ගැටයෝ ,ජපන් කෙල්ලක් හා කතාවට අල්ලාගන්න උත්සහ කරන්නේ වෙලාව ගැන අහලා.හරියට උත්තරය දුන්නත් ,ඉන් එහාට වැඩිදුර කතා කිරීමට නොදන්නා නිසා ඒක එතැනින් ඉවරයි. පසුකාලයකදී යාලු උනත් අවන්හල් වලට ගිහින් සංග්‍රහ කරන්න ගිහාම අපේ කොල්ලෝ කොට උඩ !! (දී)
මේ තිරේ අදහස් දමල තියන සොයුරන් කවුරුවත් බස් එකේ යන අය කියල හිතන්න අමාරුයි. මේ දේ උනේ ඔබේ සොහොයුරියට නැතිනම් අම්මට කියල හිතන්න.ඇත්තටම කාන්තා පහස විදින්නම බලන් යන තිරිසන් මිනිසුන් අපේ සමාජේ ඕන තරම්.මේ ළමය වෙලාව කිවනම් ඊළගට තව මොනවා අහයිද දන් නැහැ.නියම පිළිතුර ලැබිල. (දී)
හැබැයි හැම කොල්ලම ඔහොමයි කියල හිතන්නෙපා. (අ)
මේ තිරේ අදහස් දමන අවංක අයටයි මේ ලියන්නේ. කුමාරි කියල තියන අදහස් වලින් 8-6-15.43.19 ට තියන අදහස පමණයි මගේ. මම දන්නේ නැහැ ඇත්තටම තව කුමාරි කෙනෙක්ද එහෙම නැතිනම් නිරන්ජන්ලා වගේ කෙනෙක්ද ඒ ලිවේ කියලා. ඔයාලට දාන ගන්න පමණයි මේ ටික ලිවේ. ගණන් ගන්න එපා. ඔහොම යන්. (නදී)
ඒ ගැහැණු ළමයා හරි (දී)
කුමාරි මහත්මිය ඔය නමේ පටලැවිල්ල මගේ නමටත් දැන් දවස් කීපයකට කලින් තිබුනා. කවුදෝ කෙනෙක් බිමල් නමින් ම ලියන්න පටන් අරන්. එයා ගේ නමත් ඇත්තටම බිමල් වෙන්න ඇති කියලා හිතුන නිසා මම දැන් මගේ දෙවැනි නමත් අදහස් ලියනකොට භාවිතා කරනවා. ඔබ් තුමියත් එහෙම දෙයක් වත් කරලා බලන්න. (නදී)
කොල්ලෝ එක එක හේතු වලට කෙල්ලන්ගෙ පස්සෙ යනවා. මේ වගේ දේවල් වලට කැමති කෙල්ලන් පිරිසකුත් සමාජයේ ඉන්නවා. දෙන්නම කැමති නම් ඕන දෙයක්, ඒත් ඕනම දේක සීමාවක් තියෙන්න ඕන. අනිත් අයව පීඩනයට ලක් කිරීමෙන් තමන්ගේ අවශ්‍යතා ඉටුකරගන්න හදන එක ගැන නම් ලැජ්ජ වෙන්න ඕන. මේ විදිහෙ ගෑනු පිරිමි දෙගොල්ලම සමාජයේ ඉන්නවා. (නදී)
කුමාරි අක්කේ, මමත් බස් වල ඕනෑ තරම් යනවා. එහෙත් තරුණ පිරිමි ළමයින්ගෙන් නම් ඔය කියන විදිහේ කරදරයක් අපිට නම් නැහැ. සමහර වෙලාවට විහිලුවට මොනවා හරි කියන අවස්ථා තියනවා. ඉතින් අපි ඒකට ප්‍රතිවිහිළුවක් කරලා නිකම් ඉන්නවා. ඒවා දැකලා සමහරු රවාගෙන බලා ඉන්නවා දකිද්දී තමයි හොඳටම හිනා යන්නේ. (නි)
භාග්‍යා ඔයා වැඩකරන කාර්යාලයේ මානසික රෝගීන් එක්කෙනෙක් නෙමේ කීප දෙනෙක් ඉන්නවද කියල ටිකක් හොයල බලන්න. ඩිලාන්ට ටිකක් පැටලිලා වගේ නේද? (දී)
කාන්තාවකගෙන් වෙලාව ඇහුවම කාන්තා පතිවෘත්තාව සම්බන්ධයෙන් මොකක්හරි ගැටළුවක් එහෙම පැන නඟිනවද? මෙතන අදහස් බලලා නොදන්නා නිසයි අහන්නේ? මම නම් නිතරම යන්නේ මගේ ලැම්බෝගිනියේ හින්දා ඕවා ගැන වැඩිපුර මුකුත් දන්නේ නැහැ. (නි)
මම නම් කාන්තාවන්ට කිසිදෙයක් කියලා නැහැ කවදාවත්. (නි)
කොහොමත් බස් වල කෝච්චියක යන්න බැරි කාලයක් තියෙන්නෙ. ඔහොම ගහල මදි (දී)
නියම පිළිතුර (දී)
ඇත්තම කිව්වොත් ඔහොම ගහල මදි. දැන් බස් එකකවත් කෝච්චියකවත් ගෑනු ලමයෙක්ට අම්මා කෙනෙක්ට තියා යන්න බැරි තත්වයක් තියෙන්නෙ. ගහන්න නෙමෙයි මරන්න ඕන. තමන්ගෙ අම්මත් ගෑනියෙක් නේද කියලා හිතන්නෙ නැති පිරිමි දැන් ඉන්නෙ (දී)
ඒ ළමය වෙන මොකක් කරන්නද මෙහෙම කරනවා හැරෙන්න (දී)
සමහරුන්ට මෙය ගැන මනා අවබෝධයක් ඇතිවන්නේ , තමාගේ ආදරණිය අම්මාට , නංගිට , අක්කාට හෝ තමාගේ ආදරණිය බිරිඳට මෙවැනි දෙයක් සිදුවුවහොත් පමණි. සමහරුන්ට මෙවැනි සිද්ධියක් විහිළුවක් වන්නේ එම නිසාය (නි)
නයන, ඔබගේ අදහස ගොඩක්ම හරි. නමුත් අකමැත්තෙන් වුණත් නිල්මිණි කියනදේත් පිළිගන්න වෙනවා නේද....? (නි)
මේ තරුණියට පිරිමි ළමයින් ගැන මොකක්හරි ප්‍රශ්නයක් ඇති. සමහරු හිතාගෙන ඉන්නේ ලංකාවේ ඔක්කොම පිරිමි අසහනකාරයින් කියලා වගෙයි. (නි)
අපේ අය අපරාදේ රණ්ඩු වුනාට මේක මේ සත්‍ය සිදුවීමක් ඇසුරින් ගොතපු කතන්දරයක් වෙන්නත් බැරි නෑ. (නදී)
ඔහොම නොකියා හිනා උනා නම් කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ (දී)
මෙහෙම වේලාවකදී කරන්න තියෙන්නේ ළඟ පාත හිටගෙන ඉන්න තරුණ විය පසු කල , මහත දෙහෙත කාන්තාවකට නැගිටලා සීට් එක දෙන්න . වෙලාව අහපු කෙනා බුල්ඩෝසර් එකකට යට වුනා වගේ ඉඳීවි. (දී)
අනේ පව් කුමාරි අක්කාටත් බස් එකේදී පොඩි කරදරයක් වෙලා වගෙයි. ඔය මැදි වයසේ කට්ටිය මෙතන ප්‍රබුද්ධ කතා ලිව්වට කරන වැඩ ගැන නම් කියලා වැඩක් නැහැ. (නි)
මේක නම් වෙන්න ඇත්තේ මේ පාඨක තීරයට කෙනෙකුට වෙන්න පුළුවන්. කාට හරි හේත්තු වෙන්න තිබෙන උවමනාව කොච්චරද කිව්වොත් සමහරු මෙතනත් තැන නොතැන නොබලා බවලතුන්ට කැමැත්ත ප්‍රකාශ කරන්න මංගල යෝජනා තීරයක් කරගෙන ඉන්න නිසා . (අ)
ලංකාවේ තරුණ අසහන වැඩි ! ඒක නිසා තමයි බස් වල යද්දී ගෑනුන්ගේ ඇගට හේත්තුව දාගන යන අය ඉන්නේ .....ගණිකා වෘතිය නීතිගත කොට යම් දුරකට අසහනයට පිළියම් යෙදිය හැකි වුවත් සම්පුර්ණ අසහන දුරු කිරීමට වෙනත් ක්‍රමයක් සෙවිය යුතුයි (අ)
මෙන්න පිළිගන්න! කැමතිනම් පලිගන්න. ගියවර තරගයේ ජයග්‍රාහක ලංකා තිලක් පරදවා මෙවර සුපර් ස්ටාර් කිරුල හිමිකර ගන්නේ ඔබ සැම අනාදරය කරන කාන්තා හිතවාදී, නිරන්ජන්!!! (දී)
වේලාව අහන්නත් අනේ ඇඟටම හේත්තු වෙන්න ඕනද? අත් ඔරලෝසුවක් වත් නැති තරුණයෙක් වගේ. (දී)
මම ඉන්න රටේ මෙහෙම කලොත් කෙලින්ම ගිහින් රිමාන්ඩ් එකේ නවතින්නේ. කාන්තාවන්ට ඔවුන්ගේ අකමැත්තෙන් අයුතු බලපෑම් කරන්නට ලිංගික අතවර කරන්නට තැත් කිරීම මේ රටේ ලොකුම වරදක්. (අ)
බැරිවෙලාවත් කොල්ලා "කඩවසම් නම්" කතාව වෙන විදිහකට ලියවෙන්න තිබුණා. මමත් ඔය බස් වල ගිහිල්ලා තියනවනේ.(අ)
ඉවසුවා ඇති. දැන්නම් වැඩේ නියමෙට නැගල යනවා වගෙයි. (නදී)
කොහොමත් ගොඩක් දෙනාගෙ වෙලාව නරකයි තමයි (නි)
ඇත්තටම නියම කතාවක් (නි)
මේ රවිඳු සහ නිරන්ජන් කියන දෙදෙනා මීට කලින් පළවූ පුවත් වලත් අදහස් ලියන කාන්තාවන්ට නොමනා අපහාස ආදිය කර පහත් තෘප්තියක් ලබන බව පෙන්නුවා. (නි)
හිමාලි, මට හිතා ගන්න පුළුවන් ඔයා කව්ද කියල, මොකද හිතෙන හිතෙන නම්වලින් ලියන එක ඔයාගේ විනොදංසය කියල මම දන්නවනේ (දී)
රවිඳු සහ දිලාන්, කරුණාකර මේ පාඨක තීරයේ වැදගත් විදියට අදහස් ලියන්න. ඔබ දෙදෙනා මීට කලිනුත් මෙතන අදහස් ලියන කාන්තා පක්ෂයට නොමනා උපහාස කළා (නි)
හේත්තු වෙන්න ආවා නම් ළඟම ඉන්න වයසක බවලතා දිහාට තල්ලු කරලා දාන්න. ආයෙත් කාගේවත් ඇඟට හේත්තු වෙන්න එන එකක් නැහැ. (දී)