බස් රථය ගල්කිස්සේය. ඒ වනවිටත් කිටි කිටියේ සෙනගය. අතුරු සිදුරු නැත. ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමට පිරීතිබිණි. ආසන දෙකක ඇඳි දෙකක් අල්ලාගෙන සිටගෙන සිටි මැදිවියේ පිරිමියෙකි. ඔහු කවුළු අතරින් ඉවත බලාගෙන යයි. කුමක්දෝ වෙනසක් දැනී මද වෙලාවකින් ඔහු පසුපස හැරී බැලූවේය. තරුණියක් ඔහුගේ පිටුපසින් හිටගෙන සිටි අතර ඉගටිය ප‍්‍රදේශය එක් අතකින් අල්ලාගෙන සිටි ඇය තම ඉදිරිපසින් සිටි පුද්ගලයා අමතා මෙසේ කිව්වාය. අනේ කරුණා කරලා මට උදව්වක් කරන්න. ඔහු නැවතත් පිටුපස හැරී බැලූවේය. මගේ සාරියට ගහලා තිබුණු කටුව ගැලවිලා වැටුණා. මට ටිකක් වාඩි වෙන්න ඉල්ලා දෙන්න පුළුවන්ද? තරුණියට සිදුවී ඇති අකරතැබ්බය ඔහුට තේරුම් ගියේය. ඔහු ඒ අසල වාඩිවී සිටි අයෙකුට යමක් කණට කොට කීවේය. ඔහුද ඉද්ද ගැසුවාක් මෙන් නැගිට තරුණියට ආසනය පරිත්‍යාග කළේය. සැණින් තරුණියද සාරිය ගුලියක් සේ අතින් අල්ලාගෙන වාඩි වූවාය. දැන් ඔයා බහින්නේ කොහොමද? කටුව මෙතන වැටුණේ. හොයා ගත්තනම් හරි. එසේ කියූ ඇය බිමට නැමී සෙරෙප්පු සපත්තු කුඩ බෑග් අතරින් කටුව සොයන්න වුවාය. මේ අතර ඇයට ආසනය දුන් තරුණයා සෙනඟ අතරින් රිංගා ඉදිරියට ගියේය. රියැදුරුට යමක් කීවේය. යළිත් දොරටුව අසලට පැමිණියේය. මදවෙලාවකින් බසය නතර කැරිණි. හරි යං. හඬක් ඇසුනි. නැවත සෙනග අතරින් තරුණිය අසලට පැමිණියේය. නංගී ආ. ඔයාට අවශ්‍ය තැනකට ඔය කටුව ගහගන්න. මේ බසයේ කටුවක් තියා රේක්කයක් වැටුනත් හොයන්න පුළුවන්ද....මේ ඉන්න සෙනඟත් එක්ක.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව තියෙද්දී සාරිය වැටුනනම් එහෙම...
ඒ කොල්ලා නිසාම හොදයි...
මනුස්සකමේ වටිනාකම...
තැන්ක් යු මල්ලි..........
තාම හොඳ කොල්ලෝ ලංකාවේ ඉන්නවා..
ඇත්තටම අගේ කලයුතු දෙයක්ග... අපේ තරුණයන් අතර තාමත් හැදියාව රැඳීම ගැන අපි ලාංකිකයන් හැටියට ආඩම්බර වෙන්න ඕනෙ.
ඔහොම යන් නංගී...
සාරිය රඳවන්නේ කටුවෙන්ද ?
හිත හොඳ කම කොල්ලන්ගේ ගතියක් ඒක ප්‍රයෝජනයට ගැනීම කෙල්ලන්ගේ ගතියක් (ස)
මේ වගේ ඉලන්දාරි ඉන්න බව අහන්නත් සතුටුයි
අපේ අත්තලා මුත්තලාගේ කාලේ ඉදලා පවතින සිරිත් විරිත් නොවැ
ඒයි කිව්වත් වගේ මේ අර නංගියානේ.එයාගේ හැමදාම ඔහොම සාරි ගැලවෙනවා තමයි සීට් එකක් ඕන වුනාම. හැබැයි ඔය විදිහේ උදව්වක් කලේ ඒ කොල්ල විතරමයි මගේ හිතේ...
ඒක මනුස්ස කම
කොයි තරම් හොද වැඩක්ද ..වාසනාවන්ත දරුවෙක්..මෙම සිරිත් විරිත් රැකගෙන , ඉදිරියටත් රැගෙන යමු
ආසනය ගන්න දාපු මායමක් වද්ද
අයියෝ, සල්ලි අපරාදේ...
සාරි කටුව නිසා හොදයි
එල කොල්ලෙක්
අපේ රටේ මිනිස්සු හරි වෙනස්, ඒ වෙනසට අපි ගරු කරමු
ඇත්තටම හොද නුවණක්කාර හිත හොද තරුණයෙක්
හොදයි...
මාර කොල්ලෙක් තමයි නේද?
කට්ට දීලා නතර වුණා ඇති..කටුව ගහන්න නොයා...
කොල්ලෙකුට හදිස්සියේ ඔහොම දෙයක් වුණානම් හිතන්නේ වැරදියට... බලන්නේ වපරෙට... ඒ මදිවට බැණුම් අහලා තමයි බැහැලා යන්න වෙන්නේ
මිතුර ඔබ අවංක සිතෙන් කල උපකාරයක් බව හැගේ
ගොඩක් හොදයි
අද තාලෙ සාරිය අදින්නේ ඉනටත් නැතිව බඩටත් නැතිව,වෙලාවට කටුව ගැලවුනේ නේද...?
මල්ලි අහුවෙලා, ගල්කිස්සෙන් බස් එකට නගින ඒ නංගිගේ සාරි කටුව හැමදාම ගැලවෙනවා. එතකොට සීට් එකක් ලැබෙනවා
අහන්නත් ආසයි මේ වගේ අය ඉන්නවා කියලා. හොඳ හිතින් කළ ඒ උදව්වට අපේ හදපිරි ස්තූතිය!!!
බැරිවෙලාවත් කොල්ලෙක්ගේ කලිසමට ඔහොම උනානම් කෙල්ල සලකාවිද ??
ආදර්සවත් තරුණයෙක්