මාල කඩන කොල්ලකරුට, තමාගේ ගෙල බැඳි මාලය ගලවා අතට දුන් තරුණියක් ගැන සබරගමුව ප‍්‍රදේශයේ ගමකින් වාර්තාවේ. සිද්ධිය මෙසේයි. ඇය ගමේ තරුණියකි. නගරයේ පෞද්ගලික ආයතනයක කාර්යාලයේ සේවය කරයි. රැකියාවට යන්නේ තරුණ වියට ගැළපෙන නව විලාසිතාවන්ගෙන් සැරසීගෙනය. එදින සේවය නිමාවී ගෙදර යෑමට බස් රථයෙන් බැස ගමේ අතුරු පාරේ ගමන් කරන විට, හදිසියේම පැමිණි යතුරුපැදියක් ඇය ඉදිරියේ නතර විය. නංගී අද පරක්කු ඇයි දැයි ඇසූ තරුණයා, ඉණේ සඟවාගෙන තිබූ උල් පිහිය අතට ගෙන කෑගහන්න එපා යැයි ඇයට තර්ජනය කළේය. ඔහුගේ සූදානම වටහාගත් තරුණිය, අනේ අයියේ කරදර කරන්න එපා කියමින් කරේ තිබූ මාලය ගලවා ඔහුගේ අතේ තැබුවාය. මාලය අතටගත් ඔහුට වැඬේ වැරදුණු බව වැටහිණි. කෝපයටපත් තරුණයා, ජොලියට දමාගෙන යන්නේ ඉමිටේෂන් බඩුයැයි කියා මාලය ඇගේ මූණට දමා ගසා යන්නට ගියේ දවස් තුනක් පිච්චූ ඉන්ධනවල ගණන අතින් පාඩු යැයි කියාගෙනය.
නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.
මුහුදු මාළු ගැනීමට ගොස් අනුන්ට පේන්නට ප්‍රදර්ශනය කළ තම ‘‘මහන්තත්තකම” බිංදුවට වැටුණු උඩඟු කාන්තාවක පිළිබඳ අපූරු කතාවක් කැබිතිගොල්ලෑව සතිපොළ ප්‍ර
අලුත් අවුරුදු උත්සවයක් සදහා ලිස්සන ගසේ නැගීමේ තරගය සඳහා අනුග්‍රාහක ත්‍යාග මුදලක් ලබා දීමට පොරොන්දු වී එයින් ලිස්සා යෑමේ පුවතක් මහනුවරට නුදුරු ප්‍රද
සැඟවුණු අමුත්තා සැඟවී සිටින තැන් සැඟවුණු භාෂාවෙන් නිවේදකයා යකඩ කටින් කියද්දී අවුරුදු උත්සවය නරඹන්නන්ට සැඟවී සිටීමට සිදුවූ අපූරු ගාලු දිසාවේ ගමකින
අවුරුද්දට මුල් නිවසට පැමිණි දරුවන් දෙදෙනකුට තම නිවෙස්වල යතුරු මාරු කරගෙන යාම නිසා සිදු වූ අලකලංචියක් පිළිබඳව පුවතක් දකුණ හා රජරට පළාත් අතරින් අසන්නට
අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තරුණිය මාලය ගලවා හොරාගේ අතටම දීලා
මංඡුල බිරුට් Tuesday, 26 June 2012 12:38 PM
මේ මාල හොරු ඔක්කෝම රත්ත්‍රන් කඩ හිමියොද කොහෙද නැත්තම් කොහොමද අතට ගත්ත ගමන් හොද නරක කියන්නේ ....
නුවන් Wednesday, 27 June 2012 08:46 AM
අමිල කටුනායක ඒකාලෙ මොටර් බයිසිකලෙන් ඇවිත් මාලෙ හොරකම් කලා කියන්නෙ අද කාලෙ බෙන්ස් කාර් එකෙන් ඇවිත් මාලයක් කඩාගත්ත වගේනෙ?
ප්‍රසාද් Thursday, 28 June 2012 12:29 PM
ලංකාවෙ තියෙන නීති රීති මදි නිසා තමයි මිනිස්සු සල්ලි නැති උනාම හොරකමේ හරි යන්න පුරැදු වෙලා තියෙන්නෙ.. අපේ රටේ නීති හොදටම වැඩි නොකොලොත් මිනිස්සු බය නැතිව ඔය දේවල් කරනවා.. අපේ රටේ මිනිසුන්ට තමන්ගෙ ආර්ථිකේ ගොඩනගා ගන්න මොකක් හෝ හොද වැඩ පිළිවෙලක් රටේ නායකයන්ට බැරි කම තමයි අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ.. රටේ ජනතාව දියුණු වෙනවට මේ පාලකයන් කැමැති නැහැ..
කපිල Tuesday, 26 June 2012 01:36 PM
ආසියාවේ ආශ්චර්‍ය................
ටිකිරි Thursday, 28 June 2012 06:40 AM
හොඳ වෙලාවට මාල හොරෙක් වුණේ....ඇඳුම් හොරෙක් වුණානම්.....
චාමර Tuesday, 26 June 2012 03:00 PM
මොලේ කල්පනා කරල වැඩ කරන කෙල්ලෙක්...
රිපෝටර් ළමයා Thursday, 28 June 2012 01:57 PM
මම මේක මීට පෙර කියවල තියෙනවානේ අනේ....
බන්ගලියා Tuesday, 26 June 2012 03:38 PM
කතාවත් ටිකක් ඉමිටේෂන් වගේ ...?? ඊට වඩා තිසා හාමිගේ කමෙන්‍ට් එක හොඳයි...
හිල්මි Tuesday, 26 June 2012 10:09 PM
චේන් එක ඉමිටේෂන් නම් දෙන එක හරි...
ප්‍රසාද්-Male Tuesday, 26 June 2012 03:37 PM
දැන් රත්තරං අරන් හංගගෙන ඉන්න තමයි වෙන්නේ.විවාහයකටවත් දාන්න බෑ
චන්ද්‍ර Thursday, 28 June 2012 11:11 AM
ඉල්ලන්නත් කලින් දීල ..හොද....ළමයා
සුදා Tuesday, 26 June 2012 10:24 AM
හී හී හී.... හරි හිනා....
අමිල කටුනායක Tuesday, 26 June 2012 04:32 PM
ඔය තරැණිය දැන් ආච්චි කෙනෙක්.. අපේ තාත්තලගේ තරැණ කාලෙ කිව්ව කතාවක්නෙ ඕක..
නුවන් Tuesday, 26 June 2012 11:03 AM
නුවනක්කාර ළමයෙක්.
ඉන්දික Tuesday, 26 June 2012 11:06 AM
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ඉහළයි..
කුරැං ගුරැං Thursday, 28 June 2012 04:00 PM
මොනව උනත් හොද හොරෙක්.. පෙන්ඩන්ට් එකට මොකුත් කරල නැහැ.. සමහර විට ඒකත් ඉමිටේෂන් කියල හිතන්න ඇති..
අචිනි Tuesday, 26 June 2012 11:03 AM
අනේ හසන්ත ළමයෝ මේක තමයි ආශ්චර්ය ,දැන් රට වැසියන්ටත් මොලේ පෑදීගෙන එනවා,බලන්න කොච්චර සුභදායක දෙයක්ද කියලා ?
කොටා Tuesday, 26 June 2012 04:16 PM
බෙන්ටෙන්ගේ කතාව හරි....
තිසා හාමි Tuesday, 26 June 2012 11:27 AM
මාල හොරෙක් නිසා හොදට ගියා..... ඇදුම් හොරෙක් එහෙම ආවනම් කිරි අප්පට බල්ලෝ පැනපි කිව්ව ලු.....
බෙන් ටෙන් Tuesday, 26 June 2012 12:48 PM
පිරිමින් රැ. 10,000 ක් වත් සාක්කුවේ දාගෙන ඉන්නේ නැහැ කොතැනක හෝ කවුරැ මංකොල්ල කයිද කියා බියෙන්. ඒ වුනාට කෙල්ලෝ ලක්ෂ ගණන් වටිනා රත්තරං බඩු සොරැන්ට පෙනෙන්නම දාගෙන පාරේ යනවා. පිරිමියෙකුගේ සාක්කුවේ නොපෙනෙන මුදල් කොල්ල කන ඒකද ලේසි කාන්තාවන්ගේ කරේ තිබෙන ලක්ෂ ගණන් වටින මාලය කඩා ගන්න එකද ලේසි? ඉතින් කවුද වැරදි? හොරාද ? අපිද?
mr Wednesday, 27 June 2012 12:07 AM
තරුණිය, "අනේ අයියේ කරදර කරන්න එපා කියමින් "...... ගලවා ඔහුගේ අතේ තැබුවාය. බඩුව ආච්චිගේ වගේ !!! අතටගත් ඔහුට වැටහිණි. කෝපයටපත් තරුණයා, "ජොලියට දමාගෙන යන්න මෙහෙම බඩුයැයි ඇගේ මූණට දමා ගසා යන්නට ගියේය.
සමන් Tuesday, 26 June 2012 01:16 PM
අනේ අයියෝ........ඉල්ලන හැමදේම ඔහොම දෙන්න එපා.....