IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


තැඹිලි කපන්න ගිහින් ජංජාලයයි

ගෙවත්තේ තැඹිලි ගහකින් ඉත්තක් කපා බිමට බෑම සඳහා ලණුවේ කෙළවර බිරිය අතට දී ගහට නැග තැඹිලි කැපූ පුද්ගලයකුට තැඹිලිත් අහිමි වූවා පමණක් නොව බිරියට ද අනතුරක් වීමට ගොස් ඇය අනූනවයෙන් බේරුණු පුවතක් පසුගිය දිනක රාජාංගනය ප්‍රදේශයේ ගමකින් වාර්තා විය.
එම වාර්තාවට අනුව සැමියා ගස් නැගීමට පළපුරුදු අයකු නොවන බව කියයි. 
තරුණ අඹුසැමි යුවළක වන ඔවුන්ගේ ගෙවත්තේ තරමක් උස තැඹිලි ගසක සරුවට වැඩුණු ගෙඩි විසිපහක තිහක පමණ විශාල තැඹිලි ඉත්තක් තිබී ඇති අතර එහි ගෙඩිවලට අනතුරක් නොවී බිමට බෑම සඳහා කැපූ අවස්ථාවේ දී වූ සිද්ධියක් මෙම කතාවට හේතු පාදක වෙයි.
තැඹිලි සඳහා පසුගිය කාලයේ වෙළඳපොළ තුළ විශාල ඉල්ලු‍මක් තිබුණද මේ දිනවල අදාළ ප්‍රදේශයට නිරන්තරව පවතින වර්ෂාව හේතුවෙන් වෙනදා තරමට ඒ සඳහා ඉල්ලු‍මක් නැති බව කියයි. ඒ අනුව වෙනදා තැඹිලි මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් පවා කාලෙකින් අදාළ ප්‍රදේශයට පැමිණ නැති බවත් කියයි.
තවදුරටත් සිය ගෙවත්තේ තැඹිලි ගසේ මෝරමින් පවතින විශාල තැඹිලි ඉත්ත පැසී යන්නට පෙර කපා යතුරුපැදියේ පටවාගෙන  කඩමණ්ඩියකට හෝ රැගෙන ගොස් කිසිවකු ඉල්ලන ගානකට වුවද විකිණීමට තීරණය කළ සැමියා ඒ බව බිරියටද පවසා ඇති බවත්, එහිදී බිරියගේද කැමැත්ත ඊට ලැබීම නිසා දෙදෙනාම එකතුවී තැඹිලි ඉත්ත කපා පරිස්සමින් බිමට බෑමට සූදානම් වී ඇති බවත් පවසයි.


තැඹිලි ඉති කපා බිමට හෙළුවොත්  ගන්න දෙයක් ඉතිරි නොවන නිසා කවුරු ගස් නැග තැඹිලි කැපුවත් ලණුවක ආධාරයෙන් ඉත්ත බිමට බෑම සුපුරුදු ක්‍රමවේදය වෙයි. ඒ අනුවම යමින් අදාළ ගෙවත්තේ හිමිකරු ද මෙහිදී වැඩේට සරිලන නයිලෝන් ලණුවක් ද සොයාගෙන ඇත. අනතුරුව එහි කොනක් ගස යට සිටි බිරියට අල්ලා ගන්නට දී ලණුවේ අනෙක් කෙළවර ඔහු කටින් හපාගෙන පළපුරුදු අයකු සේ පිහියක් ද ඉනේ ගසාගෙන දෙපයේ ලූ රෙදි වළල්ලක ආධාරයෙන් මහත් වෙහෙසක් දරා ගහට නැග ඇති බවද කියයි.
ගහට නැගි ඔහු පසුව ඔහු සතු ලණුවේ කෙළවර අවශ්‍ය ආකාරයට තැඹිලි ඉත්තේ (දණ්ඩේ) ගැට ගසා ලණුවේ අනිත් කෙරවල තදින් ඇද අල්ලා ගන්නා ලෙසට බිරියට පවසා ඇත. ලණුව ගැට ගැසූ තැනට පිටුපසින් (ලණු ගැටය තැඹිලි ඉත්තේ ඉතිරිවන ලෙසට) ඉත්ත කැපිය යුතු නමුත් මෙහිදී ගහ යටට වී ලණුව අල්ලා සිටි බිරිය ලබාදුන් සංඥාවකින් පසුව ඔහු එක්වරම සිය අත තිබූ පිහියෙන් තැඹිලි ඉත්තට පහරක් එල්ලකර ඇත. මෙහිදී කැපුණු තැඹිලි ඉත්ත ලණුවේ එල්ලී තිබිය යුතු වුවත් එය එසේ නොවී එක්වරම පහළට ඇද වැටී පුපුරා ගොස් සීසීකඩ විසිරී ගොස් ඇති බව ද කියයි.
මෙහිදී ගහඋඩ සිටි පුද්ගලයාට ‘හුටා’ යැයි  කියැවී ඇති අතර පහළ සිටි ඔහුගේ බිරිය ද ඒ සමගම‘‘අම්මෝ” යැයි මහ හඬින් පවසා ලණුව අතහැර ගහ මුලින් ඉවතට පැන ඇගේ දිවි බේරාගෙන ඇති බවද කියයි. 
සිදුවී ඇත්තේ කුමක්දැයි මෙහිදී ගහඋඩට වී භීතියට පත්ව සිටි සැමියා  විපරම්කර බලද්දී ඔහුට දැක ගැනීමට ලැබී ඇත්තේ තමා තැඹිලි ඉත්ත කපා ඇත්තේ එහි ලණුව ගැට ගැසූ  තැනට පිටුපසින් නොව ඊට ඉදිරියෙන් (ලණුවේ ගැටය ඉත්තට හසු නොවන අයුරින්) බවත් එම නිසා තැඹිලි ඉත්ත කැපූ සැණින් බිමට වැටී ඇති බවත්ය.
‘‘මදෑ ඔයින් ගියා පිහිය බිමට දාල ඔයා පරිස්සමට බහින්න’’යැයි පහළ සිටි බිරිය ගහඋඩ සිටි සැමියාට එහිදී පවසා ඇති බවද කියයි.

 

 කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි



අදහස් (0)

තැඹිලි කපන්න ගිහින් ජංජාලයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site