IMG-LOGO

තමන්ගේ උපන් දිනයට තමන්ම තෑග්ගක් ගෙන පාර්සල් කරගෙන

රැකියාවක නියුතු තරුණියකි. දිනක් ඇය යෙහෙළියක් සමග ඔරලෝසු සාප්පුවකට ගොඩවූයේ ළඟ එන තම උපන් දිනය වෙනුවෙන් අත්ඔරලෝසුවක් මිලදී ගන්නා අදහසිනි. ඔවුන් විවිධ මාදිලියේ ඔරලෝසු පරීක්ෂා කරන අතරේ ඔවුනගේ හිත ඇඳී ගියේ රුපියල් තුන්දහසක් වටිනා අත්ඔරලෝසුවකටය. පසුව මිලදී ගන්නා අදහසින් ඔවුහු සාප්පුවෙන් පිටවූහ.


උපන් දිනයදා වටිනා කේක් ගෙඩියක් සහ කෙසෙල් ඇවරියක්ද රැුගෙන තරුණිය තම කාර්යාලයට පැමිණ කාර්යය මණ්ඩලයට තේ පැන් සංග‍්‍රහයක් පැවැත්වූවාය. සැවොම තළු මරමින් කේක් රස බැලූහ. ”හැමදාම ‘‘බර්ත් ඬේස්” තියනවා නම් කොච්චර හොඳද” නිලධාරියෙක් පැවසුවේ තවත් කේක් කෑල්ලක රස බලමිනි. සේවය නිමා වී තරුණිය ඔරලෝසු සාප්පුවට ගොස් පෙර කී අත් ඔරලෝසුව මිලදී ගෙන පාර්සල් කරවා ගත්තාය. නිවෙසට පැමිණි විට ඇයගේ සොහොයුරා, ”අක්කේ ඔෆිස් එකෙන් ඔයාගේ බර්ත් ඬේ එකට මොනාද ලැබුණේ” යනුවෙන් විමසීය. ඇය තමා මිලදී ගත් කුඩා පාර්සලය ඔහු අත තැබුවාය. සොහොයුරා පාර්සලය විවෘත කළ විට දක්නට ලැබුණේ අලංකාර අත්ඔරලෝසුවකි. ”අක්කාගේ ස්ටාෆ් එකේ අය කොච්චර හොඳද” සොහොයුරා පැවසීය. ඇය නිහඬව සිනාසුනාය.



අදහස් (0)

තමන්ගේ උපන් දිනයට තමන්ම තෑග්ගක් ගෙන පාර්සල් කරගෙන

සමන් Friday, 23 January 2015 06:00 AM

අනේ පව් කෙල්ල (දිල්)

:       0       0

සිරිල් Friday, 23 January 2015 06:08 AM

ඔයිට වඩා වෙනස් විදියට ඔය වගේ දේවල් අපටත් සිද්ධ වෙලා තියනවා. (නදී)

:       0       0

ඒකනායක Friday, 23 January 2015 06:17 AM

ඔයාට සුබ උපන් දිනක්. පව්.! අපරාදේ පාටියකුත් දීලා. (ර)

:       0       0

ශිරෝ Friday, 23 January 2015 06:21 AM

පව්.! අහිංසක කෙල්ලෙක්. දුකත් හිතුනා. (ර)

:       0       0

දුම්මලසූරිය Friday, 23 January 2015 06:40 AM

මට මිස්ටර් බීන් මතක් උනා. අහිංසක උත්සහයක්. සුබ උපන්දිනයක් ඔබට. ලබන වසරේදී ඔයාගෙන් කේක් කාපු අයයි, නොකාපු අයයි දෙගොල්ලොම ඔයාට තෑගි දේවි. ඔයාට සුබ අනාගතයක්.! (ර)

:       0       0

නුවන් Saturday, 24 January 2015 12:36 AM

අනේ පවු! (නි)

:       0       0

අසෝකා Friday, 23 January 2015 08:26 AM

මම හිතන්නේ ඇය හැම දෙනාවම ආරක්ෂා කරගනිමින් තම උපන්දිනය සමරුවා කියලා. ඔබගේ මතු දිවිය සතුටින් ගතවේවා! සුරකුමරෙක් වගේ හිමියෙක් හිමිවේවා! සිරිලක් මවගේ රැකවරණය හිමිවේවා! උපදින හැම දිනම සුභ දිනයක් වේවා! (නදී)

:       0       0

ආනන්ද ආර් Friday, 23 January 2015 10:12 AM

සුභ උපන් දිනයක් නැගණියනි. රස කර කර කේක් කාපු අය ගැන නම් කණගාටුවක් දැනෙනවා.(දිල්)

:       0       0

විකි Friday, 23 January 2015 10:38 AM

සැහෙන හොද කෙනෙක්, සුබ උපන්දිනයක් (දිල්)

:       0       0

පද්මේන් Friday, 23 January 2015 11:20 AM

අපේ කාර්යාලයේත් උපන්දිනේට හැම කෙනාම කේක් දෙනවා අපි තෑගි දෙන්නේ නැහැ.සමහරු ට්‍රීට් දෙන්නෙත් නැහැ.අපිට තෑගි හම්බවෙන්නෙත් නැහැ.ළඟම යාලුවෙක්නම් එදෙන්නා තුන්දෙනා තෑග්ගක් දීගන්නවා.සාමාන්‍යයෙන් කේක් වලට රුපියල් හත් අට දාහක් යනවා.(දිල්)

:       0       0

බුද්ධික Friday, 23 January 2015 01:29 PM

හොඳම හොඳ කෙනෙක් (නි)

:       0       0

මාලි Friday, 23 January 2015 02:01 PM

ක‍්‍රිස්ටෝපර් සීපියන් කොහොමද මේක දැන ගත්තේ? තමුසෙද ඔරලෝසුව අරන් දුන්නේ (නදී)

:       0       0

අරුණ Saturday, 24 January 2015 07:24 AM

හද ගැහෙන රිද්මයට ගැලපෙන වටිනා ඔරලෝසුවක් ලබේවා ! සුබ උපන් දිනයක් (නදී)

:       0       0

අශාන්ත Monday, 26 January 2015 01:01 AM

පව්, නංගී තෑග්ගක් බලාපොරොත්තු වෙලා ඉන්න ඇති කාර්යාලයෙන්. මම නම් තෑග්ගක් අරන් දෙනවා එයාට. (නදී)

:       0       0

ඉන්දික Friday, 23 January 2015 04:59 AM

සුභ උපන් දිනක් නගා (නදී)

:       0       0

නිහාල් Saturday, 24 January 2015 08:27 AM

ඉතාම නිහතමානී දියණියක් වගෙයි. ඔබ කල කාර්යයේ වටිනාකමක් ඇත. කිසිම වටිනාකමක් නැත්තේ නිකන් කේක කන අය ලඟයි (නදී)

:       0       0

ජයසිරි මාරසිංහ Sunday, 25 January 2015 08:45 AM

මටත් ඔහොම අතීතයක් තිබුනා,සුබ උපන් දිනයක් වේවා සහෝදරිය, ඔබට ජය .(හේ)

:       0       0

සරත් Friday, 23 January 2015 03:43 PM

සුභ අනාගතයක් තියන දියණියක්. සුභ උපන් දිනයක් වේවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 162 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 685 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 132 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site