IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
කොළඹ ඇඟලුම් කම්හලක සේවය කරමින් සිටියදී මුහුණු පොතෙන් හඳුනාගෙන ගෙනා මනාලියට කොවිඩ් 19 එන්නත ලබා දී නිවසට ගන්නා තුරු වයෝවෘද්ධ කාන්තාවකගේ නිවසක දින කිහිපයක් තාවකාලිකව නතර කර සිටියදී වෙනත් තරුණයෙකු සමග පෙම් සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ලට පත් තරුණයෙක් පිළිබඳ පුවතක් කෑගල්ල දේවාලේගම ප්‍රදේශයෙන් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


කෑගල්ල දේවාලේගම ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් සිටියි. මෙම තරුණයා කලක සිට කෑගල්ල නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන්නේය. මෙම තරුණයා මුහුණු පොතෙන් කොළඹ ඇඟලුම් ආයතනයක සේවය කරන අවිවාහක 21 හැවිරිදි තරුණියක් හඳුනා ගත්තේය.


තමන්ට මව්පියන් සහෝදර සහෝදරියන් නොසලකා හැරිය අවස්ථාවේ දී අසල්වැසි හිතවතියක් මාර්ගයෙන් කොළඹ ඇඟලුම් කම්හලකට මීට මාස අටකට පමණ ඉහතදී පැමිණි බව දිනක් තරුණිය කෑගල්ලේ තරුණයාට දුරකථනයෙන් තොරතුරු විමසා සිටින අවස්ථාවේ දී පැවසුවාය. 


ඇගේ ජීවිත කතාව ඇසූ තරුණයා ඇයට අනුකම්පා කර ඉදිරියේ දී විවාහ කර ගන්නා බවට පොරොන්දුවී පරිස්සමෙන් ඇඟලුම් ආයතනයේ රැකියාව කරගෙන ජීවත් වෙන ලෙසට උපදෙස් දුන්නේය.


පෙමින් වේලී සිටි තරුණියත් තරුණයාත් මීට දින කිහිපයකට ඉහතදී තරුණියගේ ඇඟලුම් ආයතනයේ කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙක් හමුවීමත් සමග තරුණිය සිටියේ ගාල්ලේ මහ ගෙදර බලා යාමටය.


තරුණයා ඒ අදහස් වෙනස් කර   ‘අපි දෙන්නා දැන් විවාහ වෙමු’ යැයි තරුණියට පැවසුවේය. ගාල්ලේ මව්පියන් ළඟට යළි නොගොස්  තමන්ගේ නිවසට පැමිණෙන ලෙසට තරුණයා තරුණියට දුරකතනයෙන් දැනුම් දුන්නේය.


තරුණයාගේ දැඩි ඉල්ලීම පරිදි තරුණිය කොළඹ සිට කෑගල්ල දේවාලේගම නගරයට පැමිණියාය. තරුණිය පිළිගත් තරුණයා ඊට පසුව අසල ඇති බස් නැවතුමට එක්කරගෙන ගියාය. දේවාලේගම නගරයේ සිට මීටර් 300 400 ක් ඈතින් පිහිටි නිවසේ සිටින මවට තරුණයා දුරකථන ඇමතුමක් ගෙන පෙම්වතියගේ තොරතුරු පළමු වරට අම්මාට කීවේය. පසුව අම්මත් නිවසේ සිටින බාල සහොදරයාත් කලබලයට පත් වී දැඩි කොරෝනා වසංගතය පවතින අවදියේ දී තරුණිය නි​ෙවස පැත්තටවත් රැගෙන නොඑන ලෙස දැන්වීය. 


තරුණියට කොරෝනා එන්නත දී ඇද්දැයි දුරකථනයෙන්ම බාල සහෝදරයා වැඩිමල් සහෝදරයාගෙන්  විමසීමක් කළේය. එන්නත් කරගෙන නොමැති බව තරුණයා මවටත් බාල සහෝදරයාටත් කීවේය.


කලබලයට පත්වූ බාල සහෝදරයා ඇඟලුම් ආයතනයක සිටියා නම් අනිවාර්යයෙන්ම කොරෝනා ඇති බවත් අම්මා ද අසනීපයෙන් පසුවන හෙයින් වහාම එන්නත් කරගෙන පමණක් නි​ෙවසට රැගෙන එන ලෙසට වැඩිමල් සහෝදරයාට බාල සහෝදරයා දුරකථනයෙන් පවසා ඇති බව වාර්තා වෙයි.  


තරුණයා තරුණිය දින කිහිපයකට නතර කිරීමට නිවසක් සොයමින් සිටින අවස්ථාවේ දී එකවර රඹුක්කන පදිංචි හිතවත් කාන්තාවක් පිළිබඳ සිහිපත් වූයේ අහම්බෙනි.


පසුව තරුණයා රඹුක්කන කාන්තාවට සිද්ධිය සම්බන්ධයෙන් පැවැසුවේය. පසුව ඇගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසුව ත්‍රිරෝද රථයකින් යලි දේවාලේගම සිට තරුණිය රැගෙන ගොස් දින කිහිපයකට කාන්තාවගේ නිවසේ නතර කළේය. තරුණියගේ කෑම බීම සම්බන්ධයෙන් තරුණයා රුපියල් 5,000 ක මුදලක් කාන්තාවගේ අත තැබීමට ගිය අවස්ථාවේ දී ඇය මුදල් ප්‍රතික්ෂේප කර කෑම ටිකක් දෙන එක මහ ලොකු දෙයක් යැයි පවසා හැකි අයුරින් කෑම ටිකක් දෙන බවට තරුණයාට පොරොන්දු වුවාය.


සතුටු සිතින් නිවසට පැමිණි තරුණයා දිනකට තුන් හතර වරක් ඇගේ දුක සැප සොයමින් එන්නත් කරදීම සම්බන්ධයෙන් සොයා බලන්නට විය. නියමිත දිනට එන්නත් කරන බවට තොරතුරු සොයා ගෙන සිටි තරුණයා එදිනට පෙම්වතිය රැගෙන පැමිණ එන්නත් කිරීමෙන් පසුව නි​ෙවසට රැගෙන එන්නට සිතාගෙන සිටියේය.


රඹුක්කන නි​ෙවසේ නතර කළ තරුණිය සතියක් පමණ කල්ගත වූ පසුව ඇගෙන් පෙරට වඩා ආදරයේ වෙනසක් තරුණයාට දැනුණි. කීප අවස්ථාවකදීම දැනුන වෙනස පිළිබඳ තරුණියගෙන් විමසා සිටියත් ඇය කිසිවක් ප්‍රකාශ නොකළාය. පසුව තරුණයා ඉකුත්දා සිය යතුරුපැදියෙන් රඹුක්කන නිවසට ගිය අවස්ථාවේ දී ප්‍රකාශ කර ඇත්තේ නි​ෙවසේ සිටින කාන්තාවගේ තනි නොතනියට 25 හැවිරිදි මුණුපුරකු සෑම දිනකම රාත්‍රියට එන බවත් ඔහුගේ බලවත් ඉල්ලීම පරිදි තමා අනාථ වූ බවත් කදුළු සලමින් පැවසුවාය. පසුව තරුණයා දැඩි සිත් වේදනාවකින් ඕනෑ දෙයක් කර ගන්න යැයි තරුණියට පවසා ආපසු තම නි​ෙවසට පැමිණ ඇති බව වාර්තා වෙයි.

 



අදහස් (0)

තනියට ආ තරුණයාට වහවැටී පෙම්වතා එපාවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 101 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 36 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site