IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තැනට සුදුසු නුවණින් නැති කහ මතුවෙලා

(හසලක වාර්තාකරු) 
කඩේ කහ කුඩු නැහැ යැයි කිව්වත් තැනට සුදුසු නුවණ පාවිච්චි කිරීම නිසා කහ කුඩු ග්‍රෑම් 50ක් ලබාගැනීමට පාරිභෝගිකයකුට හැකි වූ සිද්ධියක් හසලක පොලිස් වසමේ කුඩා නගරයකින් වාර්තා විය. 


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. 


හසලක ප්‍රදේශයේ පදිංචි ඔහු කිසියම් අවශ්‍යතාවකට මහියංගණය බලා තම යතුරුපැදියෙන් ගමන් කරමින් සිටින විටදී බිරිඳගෙන් ලැබුණු දුරකතන ඇමතුමෙන් කියවුණේ ගෙදර කහ කුඩු නැති නිසා එනවිට කහ රැගෙන එන ලෙසයි. ඒ වනවිට ඔහු හසලක හා මහියංගණය අතර පිහිටි කුඩා නගරය හරහා ගමන් කරමින් සිටියේය. එම නගරයේ වෙළෙඳසලක් අසල යතුරුපැදිය නතර කර වෙළෙඳසලට ගොඩ විය. එහි සිටියේ වයස අවුරුදු 35ක් පමණ වන කාන්තාවකි. ‘මුදලාලි මට කහ පැකැට් එකක් දෙන්නකෝ’ ඔහු පැවැසීය.  ‘අපේ කඩේ කහ විකුණන්න නැහැ, හැබැයි මිරිස් කුඩු 100ක් ගන්නවා නම් කහ කුඩු ග්‍රෑම් 50හේ පැකැට් එකක් දෙන්න පුළුවන්. කහ කුඩු 50ක් රුපියල් 200ක් වෙනවා’ යැයි ඇය ඇඟට පතට නොදැනීම පැවැසුවාය. 


‘ෂා නියමයි. මේක නම් පත්තරකාරයකුට දෙන්න මරු නිවුස් එකක්. මේක හෙටම පත්තරේ මුල් පිටුවෙම යයි. හා මුදලාලි මම යන්නම්’ යැයි කියා ඔහු කඩෙන් පිටත්ව යෑමට සූදානම් විය. ‘ඔහොම චුට්ටක් ඉන්නකෝ. ඒයි අර කහ වගයක් තියෙනවා කිව්වා නේද ඒකෙන් ග්‍රෑම් 50ක් ගෙනත් දෙන්නකෝ මේ මල්ලිට’ කියා ඇය නිවස තුළට ඇසෙන සේ යමකුට පැවැසුවාය. 


එම විධානයෙක් කඩේට පිටුපස තිබූ නිවස දෙසින් කහ කුඩු සහිත බෝතලයක් අතැතිව පැමිණි අයකු එම බෝතලය කාන්තාව අතේ තැබූ අතර එයින් කහ කුඩු ග්‍රෑම් 50ක් කිරා පාරිභෝගිකයා අත තැබුවේය. ‘මල්ලි දැන් කහ හරි හිඟයි. ඒ වගේම මිලත් ඉහළයි. අපි කහ ග්‍රෑම් 50ක් විකුණන්නේ රුපියල් 200ට. මල්ලි මට දෙන්න රුපියල් 190ක්’ යැයි අය කිරූ කහ කුඩු පාර්සලය ඔහු අත තැබුවේ තවදුරටත් ඔහු තුළ මිත්‍රශීලී බවක් ඇති කරමිනි.



අදහස් (0)

තැනට සුදුසු නුවණින් නැති කහ මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site