(මොරගොල්ලාගම සිසිර කැලේගම)
කාන්තාවන් දෙදෙනකුට එක් තරුණයකු ආදරය කරන බවට තොරතුරු හෙළි වී කාන්තාවන් දෙදෙනා එක්ව ඔහුට ප්‍රසිද්ධියේ ගුටි පූජාවකින් සංග්‍රහ කිරීමේ පුවතක් ඊයේ (16) පෙරවරුවේ පොල්පිතිගම මඩගල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

කාලයක් තිස්සේ කාන්තාවක මෙම තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතර ඔහු තවත් කාන්තාවක සමග එලෙස ඇසුරක් පවත්වන බවට කාන්තාවන් දෙදෙනාටම හිතවතුන්ගේ මාර්ගයෙන් දැන ගන්නට ලැබී තිබේ.
ඒ අනුව සැලසුම් කර ගත් පරිදි එක් කාන්තාවක් තරුණයා මඩගල්ල හල්මිල්ගොල්ල වැව් බැම්මේ වන සංරක්ෂණ සීමාවේ වන රොද පෙදෙසට ඊයේ (16) උදේ 10.00ට පමණ කැඳවා ඇත.
ලද ආරාධනාවට අනුව තරුණයා පැමිණ එම කාන්තාව සමග දොඩමඵ වෙමින් සිටිනා අතරවාරයේ දී අනෙක් කාන්තාව ද එතැනට පැමිණ තිබේ.
ඒ සමගම එසේ කැඳවීම කාන්තාවන් දෙදෙනාගේ උප්පරවැට්ටයක් බවට තරුණයාට ඒත්තු ගොස් ඔහු ඉන් මිදී පළා යෑමට තැත් කර ඇතත්, කාන්තාවන් දෙදෙනාම තමන්ට තරුණයා ආදරය කරනා බවට ඔහු ඉදිරිපිටම තොරතුරු අනාවරණය කරමින් කාන්තාවන් මෙසේ අමාරුවේ නොදමන ලෙසට පාඩමක් උගන්වන බව පවසමින් දෙදෙනාම එක්ව අතින් පයින් හා ඔවුන් පැළඳ සිටි සෙරෙප්පුවලින් පවා පහර පිට පහර දුන් බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවැසූහ.
කෙසේ වෙතත් මෙම තිදෙනාම පිටස්තරයන් බවට හඳුනා ගැනීමෙන් අනතුරුව තම ගම් සීමාවෙන් පිටතට ගොස් සිද්ධිය විසඳා ගන්නා බවට අවට වැසියන් රැස්ව ඔවුනට බැණ වැදීමෙන් පසු තරුණයා යතුරුපැදියෙන් හා කාන්තාවන් දෙදෙනා මහ මග ගමන් ගත් බස් රථයක නැගී ඉන් නික්ම ගිය බව ප්‍රදේශවාසීහු පැවැසූහ.
2025 දෙසැම්බර් මස 04
743
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුන් කොන් ආදරය සෙරෙප්පු පහරින් නිමවෙයි
SAM Thursday, 17 January 2019 06:12 AM
කාන්තාවන් දෙදෙනෙක් එක තරුණයකු ඇසුරු කිරීම ප්‍රේම කතාවක් නොවේ. මෙය අද සමාජයේ පිරිහීම පෙන්වන එක් අවස්තවාක් පමණි. අනියම් ඇසුර අද සමාජයේ පිළිකාවක් වගේ ඔඩු දුවලා සමාජය විනාශ කරනවා. හැඟීම් වලට යට නොවී සංවර ලෙස සමාජයේ ජීවත් වීමේ වටිනාකම පෙන්වා දෙන්න පුලුවන්නම් හොඳයි.
sampath Thursday, 17 January 2019 10:55 AM
මේවා ගහ මර ගන්න දෙයක් නෙවි තමන්ට එපානම් අයින් වෙලා යන්නයි තියෙන්නේ. කෙසේ වුණත් මේකෙන් කාටවත් ලාබයක් වාසියක් අත්වෙලා නැහැ හැමොගේම අත්ම ගෞරවයට හානි කරගැනීම හැර