වඳින්න ගිය දේවාලය ඉහට කඩා වැටුණායි පැරණි කියමනක් තිබේ. මෙය සිහියට ආවේ සිය ආදරණීය පියාණන්ට යහපතක් කරන්නට ගිය පුතකුට තරුණ පිරිසක් ගුටිබැටදී හිරිහැර කිරීමේ සිද්ධියක් පිළිබඳව අසන්නට ලැබුණු සත්‍ය පුවතක් නිසාවෙනි.
දකුණේ ගමක විසූ පියා මේ වනවිට හැත්තෑපස් හැවිරිදිය. ඔහුට දරුවන් තිදෙනෙකි. වැඩිමහල් පුතා යුදහමුදා සේවයේ යෙදී සිට දැනට විශ්‍රාම ලබා සිටින්නකු වූ අතර පියා ජීවත්වූයේද එම පුතාගේ නිවෙසේය.
වයස්ගතවූ මේ පියාට වරින් වර සිහිමද වන ගතියක් තිබුණි. පසුගියදා පියා අසනීපවීම නිසා පියාට දැඩිසේ ආදරය කළ මේ පුතා ඔහු රෝහල්ගත කර ඔහුගේ සාත්තු සප්පායම් සඳහා පියා ළඟ නතරවද සිටියේය.
සුවපත්වූ පියා පසුගියදා රෝහලෙන් මුදාහැරීමට වෛද්‍යවරු කටයුතු කළහ. රෝහලෙන් බැහැරවූ පියා ලොකු පුතාගෙන් ඉල්ලා සිටියේ ටික දිනක් තමන් දියණියගේ නිවෙසේ නතර කරවන ලෙසය. ඒ අනුව ලොකු පුතා සිය ත්‍රී රෝද රථයෙන් පියා එක්කරගෙන ගියේ අගනුවරට ආසන්න නගරයක ජීවත්වූ සිය නැගණියගේ නිවෙස බලා ය.
මේ යන අතරතුරේ රථයේ වූ පියා එක්වරම කෑගසන්නට වූයේ ඔහුගේ සිහිමද ගතිය මතුවීමෙනි.
“මෙන්න මූ මාව කොහේ හරි දාල යන්න අරගෙන යනවෝ” කියමින් ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි පියා නොනවත්වාම කෑගසන්නට විය. ඒ වනවිට ඔවුන් ගමන් කරමින් සිටියේ නගරයක් මැදිනි. නගරයේ වූ තරුණ පිරිසක් එක්වරම පැන ත්‍රී රෝද රථය නතරකරවාගෙන එහි සිටි පුතාට ඉවක්බවක් නැතිව පහර දෙන්නට වූහ.
ලොකු පුතා පැවසූ කිසිම දෙයක් මායිම් නොකළ තරුණ පිරිස පහර දෙද්දි ඔහු සිය යුදහමුදා සේවයේදී ප්‍රගුණකළ ඉවසීමේ ගුණාංගය සිහියට ගෙන ඉවසා සිටියේය. පසුව ඔහු සිය නැගණියට දුරකතන ඇමතුමක් දී සිදුවීම පවසා ඇය එම ස්ථානයට ගෙන්වාගත්තේ වෙන කළ හැකි දෙයක් නොවූ හෙයිනි.
ඇය පැමිණීමෙන් පසු තරුණ පිරිස සත්‍ය තේරුම් ගත්තද ඒ වනවිට ලොකු පුතා ඔවුන්ගෙන් පහරකා හෙම්බත්ව සිටියේය. ඔවුන්ගෙන් පහර කෑමෙන් ලත් තැළුම් තුවාල හොඳකරගන්නට ඔහු තවමත් ප්‍රතිකාර කරන අතර ඔහු පැවැසුවේ පාර අයිනක අසනීපයකින් වැටිල ඉන්න කෙනෙක් රෝහල්ගත කරන්නවත් කවුරුවත් ඉදිරිපත් නොවන රටේ පොලිස් බලතල අතට ගෙන චණ්ඩිපාට් දමන මෙවැනි මිනිසුන් ඉන්න එක ගැන තමන් පුදුමවන බවයි.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
තාත්තාගේ කෑගැහිල්ලට පුතා අම්බානක ගුටි කාලා