IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


තාත්තා වත්තේ ගහක් කැපුවාට පුතා පොලිසි ගිහින්

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන


ප්‍රාණ භුක්තිය තබාගෙන පුතාට පැවරූ ඉඩමෙහි තේක්ක ගස් කිහිපයක් කැපීම නිසා උරණ වූ පුතකු ගස්වලට අලාබය ඉල්ලා පියාට එරෙහිව නීතිමය පියවර ගැනීමට යාමේ අපූරු කතාවක් දකුණු පළාතේ ප්‍රදේශයකින් වාර්තාවේ.

මහලු යුවලට දරුවන් හතර දෙනකු සිටින අතර සියල්ලෝම විධිමත් අධ්‍යාපනයක් ලැබීමෙන් පසුව රජයේ රැකියාවල නිරතව සිටිති. බිරිය දැනට වසර කිහිපයකට පමණ පෙර මිය යාමෙන් පසු බාල දියණිය පියා සිය නිවෙසට කැඳවා ගත්තාය. විශ්‍රාමිකයකු වන පියාගේ ජීවිතය සතුටින් තැබීමට දැඩි වෙහෙසක් ගෙන ගත හැකි සෑම දෙයක්ම ඉටු කිරීමට දියණිය කටයුතු කළාය.

මසකට හෝ දෙකකට හෝ වරක් සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය බැලීමට පියා කැටුව යාමට දියණියත් බෑනාත් අමතක නොකළහ. බිරිය මිය ගිය පසු ඔවුන් දෙදෙනාට හිමිව තිබු කුඹුරු වතුපිටි සියල්ල දරුවන් හතර දෙනාට නිරවුල්ව බෙදාදුන් අතර මහ ගෙදර ඉඩම ලොකු පුතාට පැවරුවේ ප්‍රාණ භුක්තිය තබාගෙනය.

බාල දියණිය ලැබුණු දේපළ සියල්ලම ප්‍රතික්ෂේප කර ඒවා ද සෙසු තිදෙනාට බෙදා දෙන ලෙස පියාට කීවාය.

ආගමික ස්ථානයක ඉදිකරන ගොඩනැගිල්ලේ දොර ජනෙල් සෑදීම සඳහා තේක්ක ගස් දෙකක් ලබාදෙන ලෙස ඉල්ලීමක් ලැබුණු නිසා පියා විසින් මහගෙදර වත්තේ ඇති ගස් දෙකක් පරිත්‍යාග කළේය.

ලොකු පුතා සති අන්තයේ නිවෙසට පැමිණි පසු ගස් කපා දමා ඇති අයුරු දැක කෝපාවිෂ්ඨ විය.

පසු දින උදේම නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් හමුවී තම ඉඩමේ ගස් අනවසරයෙන් කපා ඇති බව පවසමින් පියාට විරුද්ධව පැමිණිලි කර ගස් ඉවත් කිරීම ද තහනම් කිරීමට ඔහු ක්‍රියා කළේය. ඇති වූ සිද්ධිය හේතුවෙන් දැඩි මානසික පීඩාවට පත් පියා සැනසීම සඳහා දියණිය සෑම උත්සායක්ම ගත්තාය.

ගස් ප්‍රවාහනය තහනම් කර ඒවායේ අලාබ ඉල්ලා සිදුකළ පැමිණිල්ල විභාග කිරීමට පෙර මෝඛා සුළි කුණාටුව නිසා අධික වැසි තත්ත්වයක් ඇති විය.

උදේ පාන්දර ආරම්භ වූ වැස්ස රාත්‍රී කාලය උදාවන විට මහ ගෙදර පහළින් ගලායන කුඩා ගංගාව උතුරා යමින් මහා ගංවතුරක් බවට පරිවර්තනය විය. පසුදා උදෑසන වන විට යම් තරමක් ගංවතුර අඩු විය. වත්ත පහළ කපා දමා තිබු තේක්ක ගස් දෙක තිබූ ස්ථානයක්වත් සොයා ගැනීමට නොහැකි වන සේ පෙරදින රාත්‍රියේ ගංවතුර විසින් රැගෙන ගොස් තිබුණි. 

තේක්ක ගස් සැඩ පහරට ගසා ගෙන ගොස් ඇති පුවත ලැව්ගින්නක් සේ පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. 

පියාට පිනක් කරගත හැකිව තිබූ අවස්ථාවට බාධා කළ පුතාට ගම්වාසීන්ගෙන් දැඩි විවේචනයක් වූයෙන් ඔහු ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටියේය. පසුව ඔහු සිදුකළ පැමිණිල්ල ද ඉවත්කරගෙන පියාගෙන් සමාව ගත් බව ද පැවසේ.



අදහස් (1)

තාත්තා වත්තේ ගහක් කැපුවාට පුතා පොලිසි ගිහින්

ලාසුරුස් Wednesday, 17 May 2023 08:45 PM

මේක සතිපතා පළවන කතාවක් නේද? කියවලාම එපාවෙලා...

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17645 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site