අලුතින් හටගත් කිතුල් මලක් බෙහෙත් තැබීම සඳහා සිය පියා විසින් තම කවකටු පෙට්ටියේ තිබූ කවකටුව හා බෙදුම් කටුව රැගෙන යාම නිසා පාසලේ ගණිත පාඩමට හරිහැටි මුහුණ දීමට අසමත්වූ පාසල් දැරියක් පිළිබඳ පුවතක් ලංකාදීපයට වාර්තා විය.
සිද්ධිය මෙසේය.
ඇය ගම්බද පාසලක එකොළොස්වන පන්තියේ අධ්‍යාපනය ලබන දැරියකි.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්වීමට නියමිත බැවින් ඇය පාසල් ගොස් සිය අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ දැඩි උනන්දුවකිනි.
ගණිත විෂය බාර ගුරුතුමාගේ මග පෙන්වීම මත පසුදින නියමිතව තිබු ජ්‍යාමිතික ගණිත පාඩමට අවශ්‍ය කවකටු බෙදුම් කටු ඇතුළු ජ්‍යාමිතික උපකරණ කට්ටලය ද ඇය පිළියෙල කොට පොත් බෑගයට දැමුවේ එම පාඩම කෙරෙහි තිබූ දැඩි උනන්දුව නිසාමය.
නියමිත දිනයේ උදෑසනින්ම පාසල කරා ගිය ඇය ගණිත විෂය බාර ගුරුවරයා පන්තිය වෙත පැමිණීමත් සමගම සිය ජ්‍යාමිතික උපකරණ කට්ටලය පොත් බෑගයෙන් එළියට ගත්තේ පාඩමටද සාවධානව ඇහුම් කන්දෙමිනි.
කෙසේ වෙතත් තමන් රැගෙන ආ උපකරණ කට්ටලයේ කවකටුව හා බෙදුම් කටුව නැති බව දුටු ඇයට තරු විසි වුණේ පාඩම හරි හැටි කර ගන්නට සිදුවන අපහසුතාව සිහිපත් වෙද්දීය.
මිතුරියගේ පිහිටෙන් කෙසේ හෝ පාඩම ගොඩදමාගත් ඇය පාසල නිමවා නිවසට ගියේ කවකටුවටත් බෙදුම් කටුවටත් සිදුවූයේ කුමක්දැයි සිහි කරමිනි.
නිවසට ගිය ඇය පොත්පත් පෙරළමින් නැතිවූ කවකටුව හා බෙදුම් කටුව සොයන්නට වූ අතර ඉවෙන් මෙන් එය දැනගත් ඇගේ පියා පවසා ඇත්තේ ‘අනේ කෙල්ලේ මම අලුත් කිතුලත් බෙහෙත් තියන්න උඹේ පොත් මල්ලේ තිබූ අර ඇලිස් කටු දෙක ගත්තා, ඒක වැඬේට මරුවට ගැළපුනා’ යනුවෙනි.
සවස් යාමයේ පොත් මල්ලෙන් අතුරුදන් වූ කවකටුව හා බෙදුම් කටුව ඇයට ලැබුණද කිතුල්මලට ඇනීම නිසා එහි බෙහෙවින්ම කහට තැවරී තිබිණි.
(වියලුව වාර්තාකරු)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කිතුල් පැණි වුවත්, සීනි පැණි වුවත් සකසා ගොඩක් කල් ගතවුවවොත් එය පැසීමට ලක්වෙනවා. පැසීමට ලක්වූ පැණි බෝතල්වල දැම්මාම කැලතීම හා උණුසුම සමඟ පැසීම ඉක්මන් වී පැණි ප්‍රසාරණය වෙනවා. එවිට බෝතලය පුපුරනවා. පැරණි පැණි බව මෙයින් කිව හැකිය. හොඳම ක්‍රමය නම් පැණි උණුකර පිරිසිදු බෝතලයකට රස්නය පිටින් දමා වැසීමයි. ජෑම් බෝතලයක් තමයි මේකට වඩා හොඳ (නි)
මම පාසල් යන කලේ 3 වසරේදී මට චිත්‍ර පොතක් තිබිලම නැ. ඉල්ලලා ගෙදරට කරදර නොකළේ ගෙදර තත්ත්වය දන්නා නිසාමයි. මම බොහොම අමාරුවෙන් ඒ කලේ ගෙවල දැම්මා. දුක් වෙන්න එපා දුවේ. ඔයාට එක දවසනේ. (අ)
අනේ මිලානෝ වලත් කිතුල් ගහක් දෙකක් තිබුනා නම් පරණ රස්සාව යස අගේට කරගෙන ඉන්න තිබුනා. ඒකෙත් හැටි......! ඉතාලියේ කිතුල් තියා පොල්වත් හැදෙන්නේ නැහැ නොවැ. (නි)
මම දවසක් කුකුලේ ගඟ පැත්තේ යාලුවෙක් එක්ක ගිහින් ඇළකින් නාලා වයසක ආච්චි කෙනෙක්ගෙන් කිතුල් පැණි බෝතල් දෙකක් ගත්ත. මගදී යාළුවගේ බෝතලේ පිපිරුණා.යාළුවා කිව්වා ඔරිජිනල් පැණි බෝතල් වල දාල වහන්න බැහැ කියල!
අපි කොයිතරම් නිර්මාණශීලි ජාතියක්ද කියලා එ්කෙන්ම පෙනෙනවා. (නි)
හිතේ කහටක් තියාගන්න එපා දුවේ. ඕව නුගත්කමට කරන වැඩනෙ. තාත්තට කරුණාවෙන් කියන්න මිට පස්සේ ඔය වගේ කටයුතු කරනකොට කියන්න කියල. ඔබගේ ඉගැනීමේ කටයුතු කහටක් නැතිව කරගන්න. ජය ලැබේවි. ඒ අතරම තාත්තට කියන්න පිටිගලට කියල ඉතාලියෙන් හොදට කැපෙන පිහියක් ගෙන්න ගන්න කියල. මිනිහ දැන් ඉතාලියේ උන්නට මෙහෙ ඉන්න කාලේ ඔය රක්ෂාව තමයි කරලා තියෙන්නේ. මොනවා වුණත් ඒ වැඩ උඩ වැඩනෙ, ඉතාලියේ කිතුල් නැති නිසා එයා දැන් බිම වැඩ කරන ගමන් උපදෙස් දීමත් කරනවා (අ)
සුපර් මාර්කට් එකේ තියෙන්නේ පිරිසිදු කිතුල් පැණි නම සහිත උක් සීනි පැණි බව මතක් තබාගන්න (නි)
අතුල, ඇළකින් නාලා විඩාව නිවාගෙන ගියේ කිතුල් පැණි හොයාගෙනද නැත්නම් එයින්ම හදන මීවිතක් හොයාගෙනද? (අ)
අපගේ නිවහනද කිතුල් ගස් කීපයකටම උරුමකම් කියූ නිවසක්. අපට වඩා ඒ ගස් අයිති කරගත්තේ එම ගස් මැද්ද කලුහාමියි. පුවක් පතකින් සාදාගත් කොපුවක් තුල බහා ඉනේ ගසාගත් ඉතාමත් තියුණු මල්පිහිය එලියට ඇද මහපොට ඇඟිල්ලෙන් එහි මුවාත පරීක්ෂා කිරීම ඔහුට ආඩම්බර කරුණක් වුනා. (බ)
මිලානෝ වල දුක්විඳලා හොයනවාට වඩා එක කිතුලක් හරිගියොත් මාසයට 50000ක් විතර හෙවිය හැකියි. නොමිලේම හවසට සප්පායමකුත් ලැබෙනවා. අනෙක වක්‍ර රැකියා කීයක් හැදෙනවාද. මම දන්න නිසා කියන්නේ, මගේ සහෝදරයා මල් කපනවා. සුමානෙට පැණි බෝතල් (පිරිසිදු කිතුල් පැණි) 10 ක් එකක් රුපියල් 350 ගානේ විකුණනවා. එක මලකින්. හැබැයි ඒවා ගන්න කෙනා කොළඹට කිතුල් හකුරු පැණි විකුණනවා. මිනිහා එක පැණි බෝතලයකින් කොහොමත් උක් සීනි දාලා පිරිසුදු කිතුල් පැණි නාමයෙන් 10 ක් හදනවා. එකක් රුපියල් 400ක් විතර වෙනවා. ඔය කොළඹ සුපර් මාර්කට්වල විකුණන්නෙත් අපේ ගම කිට්ටුව කිතුල් පැණි හදන කෙනෙක්ම තමයි. කිතුල් මල් දහයක් තියෙනවා නම් නිදහස් රස්සාව. උදේට හවසට විතරයි වැඩ. (නි)
අනේ ඕකට අප්පච්ච්ට දොස් කියන්න ඕනැයැ ඉතින්!
පිටිගල මිලානෝ ඔයාගේ හරිම රස්සාව අපි දැන් දන්නවා (අ)
පවු අහිංසක මිනිස්සු!
කිතුල් මලකට බෙහෙත් තැබීමට අවශ්‍යම භාණ්ඩය වන්නේ බ්ලේඩ් තලයක්, රේසරයක් මෙන් තියුණු මල්පිහියයි. මලෙහි සියුම් ස්ථරයක් පලුද්දකින් තොරව කැපීම මෙහි මුලික අවශ්‍යතාවයයි. පලුදුවූ මල් වලින් පැණි(තෙලිජ්ජ) වැහැරෙන්නේ නැතිවීම මීට හේතුවයි. මේ මනුස්සයා කවකට්ටකින් කිතුල් මලට කළේ කුමක්ද යන්න මටත් කුතුහලය ගෙනෙදෙන්නක්. (නි)