IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


’තට්ටුව’ වැරදී ගුටි කාලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


වැරදි කෙනාට තට්ටු කර වැඩේ වරද්දගත්තු අයකු පිළිබඳව අපූරු කතාවක් ගාලු‍‍ දිසාවේ වෙස් මුහුණුවලට ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු ධීවරයෙකි. වැඩකරනුයේ බහුදින ධීවර යාත්‍රාවකය.මහ මුහුදේ සිට එන්නේ අඩ මසකට වරක්ය. ඒ එන සෑම වරකම ඔහුගේ අත මිට සරුය. සරු අතමිට නිසරු කර ගන්නේ රහ මෙරට හා පරදාර සේවනයටය. මුහුදෙන් ගොඩට එන මොහු නිවසට යනුයේ මේ ක්‍රියා සියල්ලෙන්ම සංතෘප්ත කර ගැනීමෙන් පසුවය.
ඒ අනුව ඔහු එදා ගොඩබිමට පැමිණ දෙකක් දාගෙන එන්නේ බස් නැවතුම් පොළටය. හොර පූසා මෙන් බස් නැවතුම් පොළට පැමිණි ඔහු බස්පොළම විනිවිද යන සේ බැල්ම හෙළනුයේ තමා බලන රුව එහි සිටීද යන්න සෙවීමටය. ඔහුගේ දෑස් නතරවනුයේ ඒ රූපය ළගය. ඒ ඇඳුම පැලඳුමට සමානය. ඒ උස මහතය. ජංගම දුරකතනයට කොටන ආකාරයද හරියටම හරිය. ඇයගේ මුහුණ නොපෙ‍නෙනසේ පැත්ත හැරී සිටියත් ඒ ඇයමය. ඔහු අනුමාන කළේය. ඇය වෙතට කිට්ටු කළේ අනුමානය හරි නිසාය.
ෂූ ෂූ ගෑවේය. උගුර පෑදුවේය. ඇය ඒ පැත්තවත් නොබැලු‍‍වාය. ඔහුගේ ඉවසීමේ සීමාව පැන්නේය. ඔහු පස්ස පැත්තෙන් තවත් ඇයට කිට්ටු කළේ ඒ සමගමය. ඔහු නැවතත් තමා සොයන රුව සමග මේ රුව සංසදනය කළේය. වතාවල් කිහිපයක්ම ගෙන ගිය බැවින් මේ ඉන්නේ ඇයමයි ඔහු සිතුවේය.
 වටපිට බැලු‍‍වේය. තමා වෙතට කිසිවකුගේ අවධානය නැති බව ඔහු දුටුවේය. තවත් බලා සිටීමේ තේරුමක්ද නැත. ඒ ඇයමය.නිවසට යාමට ද අවශ්‍යය. නැවතත් වටපිට බැලු‍‍වේය. කවුරුත් තමා ගැන අවධානයක් නැත. ඒ නිසාම ඔහු ඇයගේ පසුපසට හීන් තට්ටුවක් දැම්මේය. ආපසු හැරුණු ඇය ඔහුගේ කන අත ගෑවේ ඒ ශබ්දයට සෑමදෙනාගේම දෑස් ඒ වෙතට යොමු වන ලෙසය.
ඔහුට දෙවියන් බුදුන් සිහිවූවේ ඒ ඇය නොව වෙන කෙනෙකු නිසාය. වැරදීමක් කියා ඇයගෙන් ඔහු සමාව ඉල්ලු‍‍වේය. ඒ වන විටත් ඇය ඔහුට සුද්ද සිංහලෙන්ම ඔහුගේ මවුපියන්ද මතක් කරමිනි. කොල්ලන් ද පිරුනේ පහරදීමටය. එන පොට හොඳනැති බව තේරුම් ගත් ඔහුට එතනින් පැන දිවීම හැර වෙනත් විකල්පයක් නොවීය.



අදහස් (0)

’තට්ටුව’ වැරදී ගුටි කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1035 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1073 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site