IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


තට්ට සර්ට පාරේදී අමුතු සැලකිල්ලක්

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
ආයතනයක ලිපිකරුවන් දහ දොළොස් දෙනකු සමග ගමනක් යමින් සිටි එම ආයතනයේ ගණකාධිකාරීවරයාට අතරමගදී පිරිසක් ‘දණ්ඩ නමස්කාරය’ කළ පුවතක් අනුරාධපුර නගරයේ ආයතනයකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය.
ආයතනයේ ලිපිකරුවකුගේ ආච්චිගේ අවමඟු‍ල් උත්සවය සඳහා ආයතනයේ කීප දෙනකු සමග වෑන් රථයකින් මහඉලු‍ප්පල්ලම බලා ඔවුහු එදින පිටත් වූහ.
මෙම ආයතනයේ ගණකාධිකාරිවරයා ජැන්ඩි පහට අඳින කඩවසම් හාදයකි. වැඩිපුර ඔහු ඇන්දේ කහපාට හෝ එයට සමාන පාටකට හුරු කමිස වීම විශේෂත්වයකි. ඉතා ශාන්ත දාන්ත මුහුණකට උරුමකම් කියූ ඔහු නිරතුරුවම මඳ සිනාවකින් මුව සරසාගෙන සිටියේය. සේවකයන් ඔහුට දැඩි පක්ෂපාතී බවක් පෙන්වා, අපේ එකවුන්ටන් මහත්මයා යැයි පැවැසුවත් ඔහු නොමැති තැන්වලදී එම වචනය ‘අපේ එකවුන්ටන් තට්ටයා’ බවට හරවා කීමට සේවක පිරිස පුරුදුව සිටියහ. ඒ, ඔහුගේ ඔළු ගෙඩිය තුළ බේතකටවත් එක කෙස් ගසක් වත් සොයා ගැනීමට නොහැකිව තිබූ නිසාය.
සේවක සේවිකාවන් පිරිවරාගෙන වෑන් රථය මහඉලු‍ප්පල්ලම දක්වා ඉදිරියට ඇදෙමින් තිබිණි. ගණකාධිකාරිවරයා ශාන්ත දාන්ත මුහුණෙන් ඉදිරි අසුනේ නිදි කිරමින් සිටියේය.
මහඉලු‍ප්පල්ලම මළගෙදරට යන පාර දන්නේ එතුමාය. කෙසේ හෝ එහි යන පාර පසුකර ආවාදෝයි සැකයක් ඇති වී “අපේ එකවුන්ටන් මහත්තයාට පාර වැරදිලා වගෙයි නේද?”‍ ඇසීය. නින්දත් නොනින්දත් අතර සිටි ගණකාධිකාරිවරයා අවදි වී වටපිට බලා මාර්ගය වැරදී ඇති බව වටහා ගෙන රියැදුරාට පැවැසුවේ ඉස්සරහ කවුරුහරි හිටියොත් නතර කරන ලෙසය.


කාන්තාවන් සහ පිරිමින් හත්අට දෙනකු මාර්ගය අයිනේ සිටිනු දැක රියැදුරා වාහනය නතර කළේය. එකෙනෙහිම වාහනයේ වීදුරුව පහත් කොට ගණකාධිකාරිවරයා සිය ‘දිලිසෙන තට්ටය’ එළියට දමා “අම්මලා අපට කියන්න පුළුවන්ද අර මළගෙදර යන පාර කොහෙද කියලා?” යැයි ඇසීය.
පාර අයිනේ සිටි පිරිස සිටි තැන්වලම දෑත් වදින ඉරියව්වට ගෙන එතැනම දණ නමා වදිමින්, “අපේ හාමුදුරුවනේ ඔතැනින් වමට දාලා ටික දුරක් ඔහොමම වඩින්න.”‍ යැයි පැවැසූහ.
වෑන් රථය තුළ සිටි පිරිසට කාරණය වැටහුණි. ඒ ඔවුන්ගේ ‘එකවුන්ටන් තට්ටයා’ එදින ඇඳ සිටියේ කහ පැහැයට හුරු කමිසයක් නිසා ඔහු මොහොතකට හාමුදුරු නමක් බවට පත්ව ඇති බවය. 
සේවක පිරිස සිනහව එළියට පනින්නට ඉඩ නොදී දෙතොල් තදින් හපාගෙන සිටියත් ගණකාධිකාරිවරයා සුපුරුදු සිනහවෙන් පිරිසට ස්තුති කොට වාහනයේ වීදුරුව වසා සිය තට්ටය සහිත ඔළුගෙඩිය බිමට නවාගෙන ඇති තරම් සිනාසුණේය. එදින ඔවුන් මළගෙදර සිට ආපසු ආවේ සිනා සාගරයක් මැදය. දැන් එම ගණකාධිකාරිවරයා එනවිට ආයතනයේ පිරිස “අන්න අපේ ලොකු හාමුදුරුවෝ වඩිනවා”‍ යැයි කීමට පුරුදු වී ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (0)

තට්ට සර්ට පාරේදී අමුතු සැලකිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 598 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17491 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 713 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site