කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
අලුත් අවුරුද්දට ලැබී ශීතකරණයේ දමා තිබූ අමුතුම අමුතු කේක් ගෙඩිය අලුත් අවුරුද්දට නෑගම් ආ අයට කපන්න ගොස් අමුතුම අමාරුවක වැටුණු ගුරුවරියක පිළිබඳව අමුතු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
මේ ගුරුවරියගේ නිවසට අලුත් අවුරුද්දට රොතු බුරුතු පිටින් පිරිස් ආහ. සිය පාසලේ සහෝදර ගුරුවරුන් සහ සිසුන් ද ඒ අතරය. නෑ සනුහරේ අය ද ඊට නොදෙවැනි ලෙස පැමිණියහ. ඒ පැමිණි සෑම දෙනාම තෑගි බෝග ද රැගෙන ආහ. වැඩිමනත් ගෙන ආවේ කේක් ගෙඩි සහ බිස්කට් වර්ගය. මෙලෙස ගෙනා කේක් සහ බිස්කට් ඇය කල් තබා ගැනීම සඳහා ගබඩා කළේ ශීතකරණයේය. ඒ එන අයට සංග්‍රහ කිරීමට සහ වෙනත් නිවෙස් කරා ගෙන යාමේ අරමුණෙන්ය.
මේ ගුරුවරිය හමුවීමට හිතවත් ගුරුවරුන්, දෙගුරුන් සිසුන් මෙන්ම නෑ සනුහරම අවුරුද්දට ආවෝ ගියෝය. අවුරුද්ද පසුවී මේ ඊයේ පෙරේදා ඇයගේ නිවසට පැමිණියේ නැගණියගේ පවුලේ අය ය. ඒ දුර පළාතකිනි.
අක්ක, නගෝ කුස්සියට ගියේ ආගිය තොරතුරු කතා කරමින් කට්ටියටම තේ ටිකක් සෑදීමටය. ගුරු අක්කා තේ හදනකම් නැගණියට කීවේ ශීතකරණයේ ඇති කේක් ගෙඩියක් ගෙන කපන ලෙසය. ඒ අනුව නැගණිය ශීතකරණයෙන් අහඹු ලෙස තමාගේ අතට හසුවන හොඳ වර්ගයේ පොලිතින් කවරයක දමා තිබූ කේක් පෙට්ටියක් ගත්තාය.
පොලිතීන් කවරයෙන් එළියට එහි තිබූ පෙට්ටිය ගෙන එය ගැලවීමෙන් පසු දුටු දෙයින් නංගිට ඇතිවූ හිනාවෙන් ඇයගේ ඇස්වලින් කඳුළු ද පැන්නේය. ‘අනේ අනේ අපේ අක්කා කේක් ගෙඩියක් කියලා මෙච්චර කලක් ශීතකරණයේ දාගෙන ඉඳලා තියෙන්නේ පෙට්ටියක දාලා හොඳට පැක් කරලා තිබුණු වටිනා සාරියක්නේ’ යනුවෙන් කියා සිටියේ නිවසේ අනෙක් අය ද දැනුම්වත් කරමිනි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෑගි සාරියත් කූල් පෙට්ටියේ