IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තේ බිලේ පොල්ලට තරු පේන දඬුවමක්

හසලක සුනිල් ඒකනායක
අහඹු ලෙස නගරයේදී හමුවන මිතුරන් හට තමන් මුදල් ගෙවන බව අඟවමින් කඩයට තේ පානය කිරීමට ආරාධනා කර, තේ කඩයට රැගෙන ගොස් කා බී මුදල් නොගෙවා හිමින් සිරුවේ මාරු වී යන අයකුට මතක සිටින තාලේ දුන් අපූරු දඬුවමක් හසලක නගරයෙන් වාර්තා විය.


පෞද්ගලික ආයතනයක රැකියාව කරන තිදරු පියෙකි. හිත මිතුරන් වංචාවෙන් මුළා කර තම සිතැඟි දෑ ඉටු කරගැනීමට ශූර කපටියකු බවට මිතුරන් අතර ද කතාබහට ලක් වූ අයෙකි.


හසලක නගරයේදී හෝ මහියංගන නගරයේදී හෝ හමුවන අතමිට මුදලක් ඇතැයි සිතන අයකු හමු වූ විට ආගිය තොරතුරු කතා කරමින් සිට “ආ... ගොඩ කාලෙකින්නේ හමු වුණේ, යමු මා ගානේ තේ එකක් බොන්න” යැයි කියා ආරාධනා කර අසල තිබෙන තේ කඩයකට මිතුරා එක්කරගෙන යයි. එසේ තේ කඩයට යන ඔහු කෑමට යමක් රැගෙන එන ලෙසත්, කිරි තේ දෙකක් රැගෙන එන ලෙසත් කඩේ සේවකයන්ට කියයි. 


ආහාර වර්ග රැගෙනවිත් මේසයේ තිබූ සැණින් ඉතා ඉක්මනින් එයින් කිහිපයක් ගිල දමා තේ එක ද යහළුවාට පෙර පානය කර “මචං මම ටක් ගාලා එන්නම්, ඔහොම හිටපන්” කියා සැණෙකින් එම ස්ථානයෙන් මාරු වී යයි. පැය බාගයක් පමණ කාලයක් ගතවුවත් මිතුරා නොපැමිණෙන හෙයින් සේවකයා ගෙනැවිත් දුන් තේ බිල ගෙවා දමා තේ කඩයෙන් පිට වීමට මිතුරන්ට සිදු වෙයි.


මෙම කපටි ක්‍රියාව බොහෝ මිතුරන් දැනගෙන සිටින හෙයින් ඔවුහු මොහු තේ පානයට කතා කළත් නොයන මට්ටමක සිටිති. එවැනි අපහසුතාවකට මුහුණ දුන් අයකුට නැවත දිනක මොහු හමු වුණේ හසලක නගරයේදීය.


පෙර මෙන් මෙදින ද මිතුරා සමග ආගිය තොරතුරු කතාබහ කරමින් සිට “ආ මචං, අපි තේ එකක් බොන්න යමු” යැයි කියා මිතුරාට තේ පානය කිරීමට හෝටලයකට යෑමට යෝජනා කළේය. “මොහුට අද හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ, මේකෙන් හරි මේකා මට්ටු වෙයිනේ...” කියා සිතාගත් ඔහු එම ස්ථානයේ සිටි තවත් මිතුරන් දෙදෙනකුට කතා කර “මේ මගේ හොඳ යාළුවෙක්. තේ එකක් බොන්න කතා කරනවා අපි යමු.” කියා තේ පානය කිරීමට අසල තිබූ හෝටලයකට ගොඩ විය.


වෙනදා මෙන් තේ කඩයට ගොඩ වූ ඔහු කෑමට යමක් සහ බීමට කිරි තේ රැගෙන එන්නැයි කඩේ සේවකයාට පවසා ඇත. එසේ ඇණවුම් කළ ආහාර මේසය මත තබනවාත් සමගම යහළුවන් තිදෙනා ආහාර වර්ග කිහිපයක් ගිල දැමුවේ ඔවුන් කලින් කතා කරගත් පරිද්දෙනි.

ආහාර ගිල දමා තේ රැගෙන ඒමට පෙර මිතුරා, “මගේ ෆෝන් එක වීල් එකේ අමතක වුණා, මං ටක් ගාලා අරගෙන එන්නම්. එතකන් ඔහොම හිටපන්.” යැයි කියමින් මහත් කලබලයකින් මෙන් අසුනෙන් නැගිට ඔහු පිටව යනවාත් සමගම අනෙක් දෙදෙනා ද තේ පානය නොකර අසුන්වලින් නැගිට පිටව ගියේ ඔවුන්ට කලින් දුන් උපදෙස අකුරටම ඉටු කරමිනි.


හෝටලයේ සේවකයා රැගෙන ආ කිරි තේ එක පානය කර මිතුරා එතැයි සිතමින් පැය බාගයකට පමණ කාලයක් හෝටලයේ රැඳී සිටියත්, ඔහු පැමිණෙන පාටක් නැත. ඒ වන විටත් සේවකයා රුපියල් 970ක තේ බිල ඔහු වාඩි වී සිටි මේසය මතට ගෙනැවිත් දී තිබිණි.
මේ බිල ගෙවීමට තමන් අත මුදලක් ද නැත.


ඇත්තේ රුපියල් 400ක පමණ මුදලකි. එය ද සුරැකිව තබා ගත්තේ යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම සඳහාය. එය වැය කළහොත් යතුරුපැදියෙන් නිවෙසට යෑමට නොහැකිය. තමන් අමාරුවක දමා මිතුරන් පලා ගොස් ඇති බව වැටහුණි.


වෙන කළ යුතු දෙයක් නැත. මුදල් කවුන්ටරයේ සිටි මුදලාලි අසලට ගොස් කාරණය පවසා, “මම හෙට මුදල් රැගෙනවිත් දෙන්නම්. දැනට මගේ අතේ මේ බිල ගෙවන්නට තරම් මුදලක් නැහැ. එතෙක් මගේ අතේ තිබෙන මේ ඔරලෝසුවයි ජාතික හැඳුනුම්පතයි මුදලාලි තියා ගන්න.” යැයි ඒවා මුදලාලිට බාර දී එදින නිවෙසට ගොස් පසු දින පැමිණ අදාළ මුදල ගෙවා හැඳුනුම්පත හා ඔරලෝසුව රැගෙන යාමට ඔහුට සිදු විය.

 



අදහස් (0)

තේ බිලේ පොල්ලට තරු පේන දඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site