IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ඩොලැක්කි ගහන්න ගිහින් බයික් එකටත් තට්ටු වෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම.
විශ්‍රාම යාමේ ප්‍රී්‍රතිය සැමරීමට ඩොලැක්කියක් ගෙනා හිතවතෙකුට යතුරු පැදිය උකස් තැබීමට සිදු වූ පුවතක් මහව ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඔවුහු රාජ්‍ය ආයතනයක සේවය කරන පිරිසකි. සියල්ලෝ එක්ව  තම සේවාවේ වගකීම් නිසි ලෙසට ඉටුකිරීමෙහි නිරත වූහ.
එසේ සේවය කළ සේවකයකුට සේවයට සමුදීමට සිදු විය. ඒ ඔහුට අවුරුදු 60 සපිරීම නිමිත්තෙනි. ඔහු ඉන්නකම් එහි ලොකු පොඩි කා අතරෙත් සිත් දිනාගෙන කටයුතු කළ අයෙකි.
මේ නිසා ඔහුගේ සමුදීමේ උත්සවය ඉහළින් සැමරීමට ආයතනයේ පිරිස් ඒකරාශී වූහ.


උත්සවය තබා සමුදීමේ ත්‍යාගයන් පිරිනැමු ඔහු එදින ආයතනයෙන් නික්ම ගියේය.
ඊට පසු දිනක ඔහු නැවත ආයතනය කරා පැමිණියේය.
ඒ සමුගෙන ගිය ඔහුට ආයතනයෙන් කළ සංග්‍රහයට ප්‍රති සංග්‍රහ කිරීමටය.
සියලු‍ දෙනාට තම නිවසට පැමිණෙන ලෙසට ඇරයුම් කර තිබුණි.
ඔවුන් එහි යන අතරේ ගීතයට, සංගීතයට ලැදියාවක් දක්වන සේවකයෙක් ඩොලැක්කියක්  රැගෙන ගියේය.
එම නිවසේ කාන්තාවන්ට වෙනම සංග්‍රහය. පිරිමි අයට මත් තොල ගෑමේ සංග්‍රහයන්ය.
කෑමට පෙර සංගීත සාජ්ජය පැවැත්වීම ඒ අතරවාරයේ සිදුවිය.
ඩොලැක්කිය ගෙනා අයම ගීතයක් ගායනා කරමින් ඩොලැක්කිය හැඩ ගැන්වූයේය.
තවත් සේවකයෙකු ඒ අතරවාරයේ ඩොලැක්කිය ඉල්ලා ගත්තේ තමාටද එම හැකියාව ඇති බව පෙන්වීමටය.
සියල්ලෝ ඔහුගේ හැකියාව බැලීමට ඒකරාශී වූහ. ගතවූවේ නිමේෂයකි. ඩොලැක්කිය දෙබෑ විය. සංගීතය නිමා විය.
එය ගමේ හිතවතෙකුගෙන් ඉල්ලා ගත් එකකි. හානියට පත් එකක් හිතවතාට දීමට බැරිය. අලු‍තින් එකක් ගැනීමට ඔහු අත පිච්චියක්ද නැත. අවසානයේ තම යතුරු පැදියට අදාළ පොත රැගෙන ඔහු උකස් මධ්‍යස්ථානයක් වෙත පිය නැග්ගේය.
වැටුප ගත් සැණින් ඊට අදාළ පොලියත්, මුදලත් ගෙවන්නට පො‍රොන්දු වූ ඔහු එකී පොත එහි තබා අවැසි මුදල  ඉල්ලා ගත්තේය. ප්‍රදේශයේ සංගීත බඩු අලෙවි කරන ස්ථානයකින් අලු‍තින්ම ඒ ආකාරයේම එකක් මිලදී ගත්තේය.
එය ඩොලක්කිය දුන් සඟයාට ගෙන ගොස් දුන්නේය. ඒ සියල්ල එලෙස විසඳී ඇතත් යතුරුපැදියේ පොත බේරා දෙන තෙක් ‘‘ගෙදර ඩොලැක්කියෙන්’’ දැන් ඔහුට බේරුමක් නැතිලු‍.

 



අදහස් (0)

ඩොලැක්කි ගහන්න ගිහින් බයික් එකටත් තට්ටු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1775 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1457 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site