බලංගොඩ වයි.ඵ්.ඵස් වීරවංශ
හෙතෙම කම්කරු රැකියාවේ යෙදෙන්නෙකි. වැටුප් ලැබෙන්නේ සතියකට එක් වරකි.
වැටුප් ගත් දිනට මත්පැන් ස්වල්පයක් පානය කිරීම ඔහුගේ සිරිතකි. මේ කටයුත්ත කරන්නේ බිරියට හොරෙන්ය.
එක් සති අන්තයක වැටුප් ගත් දින මත්පැන් අලෙවිසලකට ගොස් ඔහු මත්පැන් ස්වල්පයක් ගෙන තම බෑගයේ දමාගෙන නගරයට ගොස් නිවසට අවශ්‍ය අඩුම කුඩුම රැගෙන රාත්‍රි ආහාරය සඳහා මුහුදු මාළු ද රැගෙන නිවසට පැමිණියේ ය.
නිවසේ සිටින්නේ තම බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණි.
ඒ අනුව ඔහු මාළු කැබලි අටක් රැගෙන ආවේය. ඒ එක් අයකුට කැබලි දෙක බැගින් ය. බිරිය ඉතා රසවත් ලෙසට මාළු වෑංජනය සකස් කළාය.
ඔහු හොර රහසේ මාළු කැබැල්ලක් ගෙන කාමරයට ගොස් මත්පැන් පානය කළේ මාළු කෑල්ලේ රස බලමින් ය. රාත්‍රී ආහාර ගන්නා වේලාව ළංවූයේය, බිරිය සිවු දෙනාගේම පිඟන්වලට බත් බෙදා මාළු බෙදන්නට සූදානම් විය. එක් මාළු කැබැල්ලක් අඩුය.
මේ ඇහුන ද මාළු මුට්ටියේ කෑල්ලක් අඩුයි. සතෙක් වත් කෑවද දන්නෙ නැහැ. ඒ නිසා මේක බල්ලට දීලා ඔය පොල් සම්බෝලයක් වත් හදා ගෙන අදට කමු බිරිඳ සිය සැමියාට කීවාය.
දෙයියෝ සාක්කි, වැඩේ මාට්ටු. ඔහු තනියම කල්පනා කළේය.
බිරිය වහා ක්‍රියාත්මක වූවාය. මාළු මුට්ටිය ඇයගේ දෑතින්ම එළියට විසිවෙනවා සැමියා බලා සිටියේ මහත් කනගාටුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගොතපු බොරු කතාවක්. මේ වගේ දුප්පත් පවුලක්. මේ කාලේ හැටියට මාලු හට්ටිය එළියට විසිකරයිද? අනිත් එක එයා කෑම පිඟන්වලට බෙදලා ඉවරනේ... බිරිඳට නහයක් නැත්ද කසිප්පු ගඳ නොදැනෙන්න... සමුරන බොරු කතාවක්...