IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඩිංගක් ඇහැ පියවිලා අලුත් සපත්තු ජෝඩුව එර්දි වෙලා

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්

බස් රථයක ගමන් කරමින් සිටියදී නින්දගිය මගියකු පැලඳ සිටි පාවහන් යුගල අවදි වී බලන විට අතුරුදන්ව තිබීමේ සිද්ධියක්   වාර්තා වෙයි.
එය එක්තරා ප්‍රධාන නගරයක සිට කුඩා නගරයක් කරා ගමන් කරන බස් රථයකි. එම බස් රථයේ ආසන සම්පූර්ණව බස් රථය පුරා  මගීන් පිරී සිටි අතර පසුව තව තවත් මගීහු එක්වන්නට වූහ.
ටික දුරක් යද්දී  බස් රථයේ ඉදිරි ආසනයේ වාඩි වී සිටි මගියා සිය දෙපා තරමක් දික්කර ගෙන සිට ඇති අතර ඔහුට එම ඉරියව්වෙන්ම නින්ද ගොස් තිබිණ. බස් රථයේ මගීන්ද පිරී සිටි බැවින් සියලු‍ දෙනා වෙනත් විවිධ දේවලට අවධානය යොමු කර  සිටියහ.


ටික දුරක් ගමන්කිරීමෙන් පසුව නිදා සිටි මගියාට ඇහැරුණ අතර ඔහු බස් රථයෙන් බහින ස්ථානය ද ළංව තිබිණ. බස් රථයෙන් බැසීම සඳහා සූදානම් වී තම පාවහන් යුගල සොය බැලූ නමුත් එය එහි නොවීය. බස් රථය පුරාම ඔහු එය සෙව්වද සොයාගත නොහැකි විය.
පසුව දැන ගන්නට ලැබුණේ කිලෝ මීටර් ගණනාවක් දුරකින් බැස්ස මගියකු පාවහන් යුගලක් අතේ ගෙන බැස ගිය බවයි. 
රුපියල් 2000 ක් පමණ වටිනා අලු‍ත්ම පාවහන් යුගල ඔහුට අහිමි  වූයේ එසේයි. 



අදහස් (0)

ඩිංගක් ඇහැ පියවිලා අලුත් සපත්තු ජෝඩුව එර්දි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1900 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1518 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 531 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site