IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ඩෝං’ සද්දෙන් මැඩම්ට ශිෂ්‍ය භටයන් තිත්ත වෙලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
පුහුණුවීම්වලදී විදුහල්පති නිල නිවසේ විදුලි බුබුළ කුඩු වෙන්න වෙඩි වැදී ශිෂ්‍ය භටයන්ට වූ අලකලංචියක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.
දකුණේ ප්‍රසිද්ධ පාසලකි. මේ දිනවල පාසලේ ශිෂ්‍ය භටයන් පුහුණුවීම්වල යෙදෙනුයේ ළඟ ළඟ එන තරගාවලියක් සඳහාය. ඒ සඳහා ඔවුනට කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේම නැත. දිවා කාලයේ මෙන්ම රෑ ද ඔවුහු පුහුණුවීම්වල නිරත වූහ.


මේ කියන දවසේ ඔවුන් පුහුණු වූවේ මළ හිරු බැස යන වෙලාවේදීය. විදුහල්පති නිල නිවස ආසන්නයේ පාසල් භූමියේය. ඒ අවස්ථාවේදී විදුහල්පති නිල නිවෙසේ එළියේ විදුලි බුබුළු දැල් වෙමින් තිබිණ. ‘ඩෝං’ ශබ්දයත් එක්ක විදුහල්පති නිල නිවෙසේ එළියේ තිබූ විදුලි බුබුළක් බිමට කඩා වැටුණේය.
 විදුහල්පති නිල නිවෙසේ සිටි විදුහල්පතිනිය ඇතුළු නිවැසියෝ මහත් බියට පත්වී එළියට පැන්නෝය. ගතවූයේ ටික වේලාවකි. සිදුව ඇති දේ විදුහල්පතිනියට තේරුම් ගිය අතර පුහුණු වෙන්න පැමිණි ශිෂ්‍ය භටයන් අත තැබූ රබර් උණ්ඩ යොදන තුවක්කුවකින් පතුරමක් සිය නිල නිවසේ විදුලි බුබුළට වැදී ඇති බව ඇයට සැලවුණාය.
 ශිෂ්‍ය භටයන් සියල්ල විදුහල්පතිනිය ඉදිරියට රැස් කෙරිණ. මෙහි වගකීම ගන්නා ලෙස විදුහල්පතිනිය ශිෂ්‍ය භටයන්ට කීවාය. අත් වැරැද්දකින් එය සිදුවූවාක් යයි ශිෂ්‍ය භටයෝ කීහ. එහෙත් එය පිළිගැනීමට අකැමැති වූ විදුහල්පතිනිය මේ දරුවන්ට සතියක් තහනම් කළාලු‍. ඇයට විදුහලේ ශිෂ්‍ය භටයන් පේන්න බැරිවීම මෙයට එකම හේතුවලු‍.



අදහස් (0)

‘ඩෝං’ සද්දෙන් මැඩම්ට ශිෂ්‍ය භටයන් තිත්ත වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site