IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ටයි කෝට් කාරයෙක් ඉස්කෝලයක්ම අන්දලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ ඇත්කඳුර ජනක් ද සිල්වා
අග නගරයේ කර්මාන්ත ශාලාවක් නැරඹීමට අවසර ලබා දෙන්නේ යැයි කියමින් මුළු පාසලක් හා මගී ප්‍රවාහන බස් රථ තුනක රියැදුරන්ද අන්දවා සෑහෙන ගානක් කඩාගෙන ගිය නාදුනන්නකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


වැදගතකු යයි කෙනකුට හැඟෙන අයුරින් හොඳට ඇඳ පැළඳගත් අයෙක් විදුහල්පතිවරයා මුණගැසීමට පැමිණියේය. ඒ පාසලේ පහළ පන්තිවල සිසුන් කර්මාන්ත ශාලාවක් නැරඹීමට කතිකාවක් ගොඩනැගී තිබූ අවස්ථාවකය.


  තමා අසවල් ආයතනයේ අසවලා යැයි ඔහු පාසලට හඳුන්වා දුන්නේය. සිය කර්මාන්ත ශාලාව නැරඹීම සඳහා  තමාට අවසර ලබාගත හැකි යැයි පාසලට ඔහු කීවේ එය ඇත්ත යැයි පිළිගත හැකි සාක්ෂිද ඕනෑවටත් වඩා පෙන්වා දෙමිනි.


ඒ සඳහා විදුහලෙන් ලිපියක්ද ඔහු නැරඹීමට යන ආයතනය සඳහා ලබාගත්තේය. ඒ විතරක්ම නොවේ පාසල් සිසුන් රැගෙන යාමට සූදානම් කර තිබූ බස් රථ තුනක අංක සඳහන් කරමින් අදාළ බස් ඩිපෝවටද ලිපියක් ගත්තේය. ඒ බස් රථ සඳහා ඉන්ධන ලබාගැනීම සඳහාය.


මේ සියලු‍ ලියකියවිලි ගත් මේ තැනැත්තා ඊට පසු ගියේ ලිපියේ අංක සඳහන් බස් රථ තුනේ රියැදුරන් හමුවීමටය. පාසල් සිසුන් රැගෙන යාමට බස් රථ තුනට අවශ්‍ය තෙල් බස් ඩිපෝවෙන් ගසා ගැනීමට නම් අත්තිකාරම් මුදලක් ඩිපෝවට බැඳිය යුතු බව එහි රියැදුරන්ට ඔහු කීවේය.


පෝලිමේ නොසිට තෙල් ටිකක් බස් එකට ගැසීමේ අවස්ථාවක් උදාවී ඇතැයි සිතූ බස් රථ තුනේ රියැදුරන් ඔහුට  ලෝස් නැතිව මොනර කොළ ලබාදී ඇත්තේ යන්න තියෙන පාසල් සිසු හයර් එක ගැනද සිහිපත් කරමිනි.


  පාසල් සිසුන් යාමට කතිකා කරගත් දිනය ආසන්න වෙද්දී බස් රථවලට ඉන්ධන ලබාගැනීමට අත්තිකාරම් මුදල් ලබාගත් ඔහු ගැන සොයා බැලුවත්, කිසිදු හෝඩුවාවක් නොවිණි. අන්තිමේදී සිසු චාරිකාව ද අත්හැරියේ එම ආයතනයට කතා කරද්දී එවැන්නක් ගැන එහි වගකිවයුත්තන් කිසිම දෙයක් නොදන්නා බව පැවසීම නිසා ය.



අදහස් (1)

ටයි කෝට් කාරයෙක් ඉස්කෝලයක්ම අන්දලා

Perera Sunday, 04 September 2022 01:40 PM

පාර්ලිමේන්තුවේත් ඕනතරම් ටයිකෝට් කාරයෝ ඉන්නේ මුළු රටක්ම අන්ද අන්ද...!!!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site