IMG-LOGO

‘ටිකට්’ කතාවක් ඇසී මඟියා දුවන දුම්රියෙන් පැනලා

මොරටුව බලා ධාවනය වූ බලවේග කට්ටල දෙකක් සහිත ශීඝ‍්‍රගාමි දුම්රියකි. එය රාගමට ළඟාවන විට උදෑසන හයයි පනස් පහ පමණ විය. තම කාර්යාලවලට රාජකාරි සඳහා ගමන් ගන්නා බොහෝ අයගෙන් මෙම දුම්රිය පිරී තිබිණි. දුම්රිය පසුව හුණුපිටියේ ද, ඊළඟට කැලණියේ ද නවත්වන ලද අතර ඉන් අනතුරුව නැවැත්වූයේ දෙමටගොඩය. බලවේග කට්ටල දෙකකින් යුක්ත වූ නිසා දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී ඉදිරිපස දුම්රිය මැදිරි දෙකක් පමණ නැවැත්වීමට සිදුවූයේ දුම්රිය වේදිකාවද පසු කරමිනි. එම මැදිරිවල සිටි කාන්තාවන්ට බිමට බැසීමට සිදුවූයේ අන් අයගේ ද උපකාරයෙනි. දුම්රිය නියාමක මහතාගේ සංඥාවෙන් පසු දුම්රිය නැවතත් ධාවනය වන්නට විය. එවිටම වාගේ ඉදිරිපස මැදිරියෙන් ”ටිකට් ටිකට් ටිකට් ටිකට්” යනුවෙන් හඬක් ඇසුණි. එවිටම සෙනඟ පිරී තිබු එම මැදිරියේ සිටි මගියකු දුම්රියෙන් බිමට පැන කඩාගෙන දුවන්නට විය. වාසනාවකට මගියාට අනතුරක් සිදු නොවීය. ”ටිකට්” යන හඬ දෙස බැලූ මගීන්ට දක්නට ලැබුණේ දෙමටගොඩින් දුම්රියට ගොඩවූ ලොතරැයි අලෙවිකරුවකු ලොතරැයි අලෙවි කරමින් ගමන් කරන බවය.



අදහස් (0)

‘ටිකට්’ කතාවක් ඇසී මඟියා දුවන දුම්රියෙන් පැනලා

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 30 September 2012 12:27 PM

ටිකට් නැතුව කෝච්චිවල යන්න එපා මිනිසුනේ. (නි)

:       0       0

කුමාර Monday, 01 October 2012 03:57 AM

නුවණක්කාරයෙක් නේන්නම්. (නි)

:       0       0

සරත් Thursday, 27 September 2012 01:57 PM

මොනවා කලත් අවධියෙන් ඉන්න (ස)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 September 2012 11:52 PM

දුම්රියේ ගිය කට්ටියක් විහිලුවට කිවුවද දන්නේ නැහැ. (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 27 September 2012 02:01 PM

මෙයා නම් මාරයි කොහොම හරි බේරිල යන්න හිතන්න ඇති (ස)

:       0       0

කිත්සිරි Thursday, 27 September 2012 02:04 PM

ටිකට් කියා කියා ලොතරැයි විකුණන අය මම දැකල නැහැ... එක එක ලොතරැයි වල නම් කියාගෙන යන අය තමයි වැඩිපුර ඉන්නේ (ස)

:       0       0

ක්‍රිෂාන් Friday, 28 September 2012 12:52 PM

හොරාට ගියාම කොහොමත් බයෙන් තමයි ඉන්න වෙන්නේ..(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 05:59 PM

මෝඩයෙක්. (නි)

:       0       0

අශාන් Monday, 01 October 2012 10:48 PM

ඕක ඉතිං සාමාන්‍ය දෙයක්නේ. මේක ලංකාවනේ. (නි)

:       0       0

ප්‍රගීත් Friday, 28 September 2012 07:22 PM

බලන් ගියාම ලංකාවෙ වැඩිම හොරු ඉන්නෙ වෙන්නප්පුවෙද? (නි)

:       0       0

චානුක Monday, 01 October 2012 03:08 PM

ඉක්මන් වුණා වැඩියි (ස)

:       0       0

හෙට්ටිආරච්චි Friday, 28 September 2012 08:01 PM

පනාගොඩ මිලානෝ ගිහින් ඉතාලිය බේරා ගන්න. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 07:01 PM

සරා ගොයියා මතක් වුණා. (නි)

:       0       0

චමින්ද Thursday, 27 September 2012 12:02 PM

ලොතරැයි අලෙවිකරුට එම නම කියලා විකුණන්නෙ තිබුණෙ..!(නු)

:       0       0

හ්රාන් Thursday, 27 September 2012 02:56 PM

අයියෝ සල්ලි

:       0       0

සෝනාර Friday, 28 September 2012 09:13 PM

මේක නම් බොරුවක්. (නි)

:       0       0

වරුණ Thursday, 27 September 2012 12:17 PM

හැමදාම හොරෙන් යන කෙනෙක් ටිකට් සෝදිසි කරනවා කියලා හිතලා බයේ දුවන්න ඇති.. මීකිරි කන්න ගෙනා පැනි බෝතලේ පොලිෂ් බෝතලේට මාරු වෙලා වගේ.. (නු)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 03:15 PM

ටිකක් හොඳ කතාවක් (ස)

:       0       0

සිල්වා Thursday, 27 September 2012 07:59 PM

සරත් හැමදාම අවදියෙන් තමයි යන්නේ.. හදිසියේ උන දෙයක් මේක..!(නු)

:       0       0

අනුර Thursday, 27 September 2012 03:52 PM

තව ටිකක් එහා මෙහා උනානම් මුළු ජීවිතේටම ටිකට් එක ඇදෙනවා.(ස)

:       0       0

රංජිත් Thursday, 27 September 2012 08:46 PM

ඔවු නන්දන, වෙන්නප්පුවේ අය යන්නේම ටිකට් නැතුව. (නි)

:       0       0

Panagoda Milano Thursday, 27 September 2012 12:57 PM

ඉතාලියෙනම් ටිකට් නැතුව යන්නෙම වෙන්නප්පුවෙ අය (ස)

:       0       0

දිමුතු Friday, 28 September 2012 03:28 PM

වෙන්නප්පුවේ කට්ටිය ඉතාලිත් යනවා හොරෙන්..(ස)

:       0       0

මනම්පේරි Thursday, 27 September 2012 10:18 PM

පනාගොඩ, ඇත්තටම ජපානෙත් ටිකට් නැතුව යන්නෙම වෙන්නප්පුවේ අයමනේ.මොකද මන්දා? (නි)

:       0       0

ගීත් Thursday, 15 November 2012 04:02 PM

තව පොඩ්ඩෙන් නොමිලයේම ටිකට් එක හම්බ වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site