IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ටක්​කෙට හොරු අල්ලන කපුවාගේ මල්ලේ දේවාභරණත් සොරාගෙන

හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
දේවාලයක් පවත්වාගෙන යමින් දේවාරූඪයෙන් සාස්තර කීම සහ සොරකම් කිරීම් පිළිබඳව පේන බැලීම හා විවිධ අපල සඳහා ශාන්තිකර්ම සිදුකළ කපු මහතකුගේ ගමන් මල්ලේ තිබූ දේව ආභරණ සොරකම් කිරීමේ සිද්ධියක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා වේ. 


කපු මහතාගේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ පේන බැලීම සහ සාස්තර කීමය. දිනකට බොහෝ පිරිසක් මෙම ස්ථානයට පැමිණීම සුලබ දසුනක් ද විය. කපු මහතා කාන්තාවන් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන පුද්ගලයකු වන නිසාම බිරිඳ නිතරම දේවාලය අසල ගැවසුනාය.


යාතිකා පැවැත්වීම ඇතුළු විවිධ අන්දමේ ශාන්තිකර්ම සිදුකරමින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා අතර වසරකට වරක් වන්දනා නඩයක් සාදාගෙන වට වන්දනාවේ යාමත් ඔහු අනිවාර්යයෙන්ම සිදුකළේය.මළගෙදරකට මගුල් උත්සවයකට සහභාගී වුවහොත් කුමන හෝ දොසක් පෙන්වා දී දේවාලයට ගෙන්වා ගැනීම ඔහුගේ සිරිත විය.


දුර බැහැර ප්‍රදේශයක කාන්තාවකගෙන් ලද  ආරාධනාවකට අනුව අපලයක් දුරුකිරීම සඳහා කපු මහතා  පිටත්ව ගියේය. දේවාභරණ ඇතුළු අවශ්‍ය දේවල් සිය ගමන් මල්ලෙහි දමාගෙන උදෑසන දුම්රියෙන් පිටත්වූ කපු මහතා අග නගරයේදී කාන්තාව හමුවිය.


කාන්තාවගේ නිවසේ අපල දුරුකිරීමට දින තුනක් ශාන්තිකර්මය සිදුකළ අතර සිව්වැනි දිනයේදි ඔහු ගමට යාමට සූදානම් විය. සිදුකළ ශාන්තිකර්මය සඳහා විශාල මුදලකුත් ලබාගත් කපු මහතා අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථයකට ගොඩවීමේ අරමුණෙන් එම බස් නැවතුමට පැමිණීම සඳහා කාන්තාව සමග බස් රථයකට ගොඩවිය. අධිවේගී බස් රථ නැවතුම අසලට පැමිණෙන විට කපු මහතා දැඩි නින්දක පසු විය. කොන්දොස්තරගේ ගෝරනාඩුව නිසා නින්දෙන් ඇහැරුණු කපුමහතා බෑගයද ගෙන ඉක්මනින් බසයෙන් බැස්සේය.


බස් රථයෙන් බැස තමා සමග පැමිණි කාන්තාව පිළිබඳව විපරම් කළත් ඇය පෙනෙන්නට නොසිටියාය. ඇය ලබා දී තිබූ දුරකතන අංකයට ඇමතුමක් ලබාගත්තද එයටද ප්‍රතිචාර නොවීය. සිය ගමන් මල්ල පරික්ෂා කිරීමේදී ඔහුට දෙලොවම රත්විය. කාන්තාව ලබා දුන් මුදල් සහ ගමන් මල්ලේ තිබූ දේවාභරණ සියල්ලම කාන්තාව විසින් රැගෙන ගොස් තිබුණි. 


ගමේ හිතවතකුට කතාකර ඔහුගේ මාර්ගයෙන් අග නගරයේ සිටින අයෙකුගෙන් මුදලක් ඉල්ලාගෙන ගමට පැමිණෙන විට සිද්ධිය ගම පුරාම පැතිරී තිබුණි. අනුන්ගේ බඩු සොරකම් කිරීම් ගැන පේන බලන කපු මහතාට තමන්ගේ බඩු සොරකම් කිරීම පිළිබඳව නොදැකීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව හේතුවෙන් ඔහුට දේවාලය වසා තැබීමට සිදුවූ බව ද සැලවේ. 



අදහස් (0)

ටක්​කෙට හොරු අල්ලන කපුවාගේ මල්ලේ දේවාභරණත් සොරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17827 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site