IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ජයට මඟුලක් කා ඇබැද්දියක හිරවෙලා

ලෝකයාට පෙනෙන්නට  ජයටම මඟුල් කෑ මනාල යුවළකට තම දරුවා පාසල් යවන දිනය වනවිටත් ඒ වෙනුවෙන් බැංකුවෙන් ලබා ගත් ණය වාරික ගෙවාගත නොහැකිව අසරණ වී සිටින පුවතක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි.

මනාලයාගේ මව මංගල්‍යය සුළුවෙන් කරන ලෙසට උපදෙස් දුන්නාය.

එහෙත් පියා ඊට අකමැති වුණේය. ඒ පුතා රාජ්‍ය සේවාවක නියැළෙන නිසාය. මේ නිසා අතේ පිච්චිය නැති පියා බැංකුවකින් ණය ගත්තේය. ඒ කුඹුරුවලින් ලැබෙන අස්වැන්නෙන් ණය වාරික ගෙවීමට හැකිවෙතැයි සිතාගෙනය.

පියා ගත් ණය මුදලින් මංගල්‍යය හෝටලයක ජයටම සිදු කෙරුණි.

මඟුලේ උණුසුම යන්නටත් මත්තෙන් පියා හදිසියේ රෝගි වී ජීවිතක්ෂයට පත් වුණි.

කුඹුරත් උකස් කර පියා මුදල් ගෙන තිබූ නිසා කුඹුරෙන් ලැබෙන අස්වැන්නද දැන් අහිමි වී ඇත. මේ නිසා බැංකු ණය වාරික ගෙවීමට හැකියාවක් නැත. ගෙවන්නට කිසිවෙකුත් ඉදිරිපත් වන්නේ ද නැත. පියා ගත් ණයවලට ඇප වී ඇත්තේ මනාලයා වූ තම පුත්‍රයාම ය.

මේ නිසා අනෙක් ඇපකරුවාත් අමාරුවේ නොදමන්නට පුතා පියවර ගත්තේය.

කාලය කෙමෙන් ගෙවී ගියේය. ඔවුනට දාව දියණියක උපන්නාය. ලොකු මහත් වූ දියණිය පෙර පාසල අතරින් පළමු ශ්‍රේණියට ඇතුළත් කෙරුණි. පංතියට දරුවන් ඇතුළත් කිරීමට යම් මුදලක් පාසලේ දියුණුවට පාසල් සංවර්ධන කමිටුවෙන් ඉල්ලා සිටියේය. එහෙත් එවැන්නක් ගෙවීමට හැකියාව නැති බව ඔහු කීවේය. එයට හේතුව මඟුලක් නිසා වෙච්ච අකරතැබ්බයක් යැයි ඔහු කීවා ලු.

මොරගොල්ලාගම සිසිර කැලේගම



අදහස් (0)

ජයට මඟුලක් කා ඇබැද්දියක හිරවෙලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නංගි පෙන්වා අඹ යාළුවාගෙන් සල්ලි ඇදලා
2024 මැයි මස 17 996 0

පෙම්වතියක යැයි නංගි පෙන්වා හොඳම මිතුරා ගෙන් ලක්ෂ පහ හමාරක මුදලක් ලබාගෙන ඇතැයි කියන අපූරු තරුණයෙකු පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියෙන් වාර්තා වෙ


අඩුවට පොල් කඩා බඩට ගහලා
2024 මැයි මස 16 1038 0

පොල් කැඩීම සඳහා එක් ගසකට පියා අයකරන කුලියට වඩා අඩු කුලියකට පුතා පොල් කඩන්නට වීමෙන් වසර ගාණක් තිස්සේ පියාට හිමිව තිබූ පොල් මුරයක් පමණක් නොව පියාගේ රැකි


කෑම වට්ටෝරුවෙන් දොස්තර අන්ද මන්ද වෙලා
2024 මැයි මස 15 3961 2

අගනුවර කාර්යාලයක සේවය කරන තරුණියක උදරාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත ගිය පසු වෛද්‍යවරයා රෝග විනිශ්චය සඳහා දිවා ආහාරයට ගත්තේ මොනවා ද කියා


කේවල් කරගත් කුකුළු මස් පන්සීය යළි ගෙනත් සල්ලි ඉල්ලලා
2024 මැයි මස 14 1470 0

අම්මා මාළු ගෙනාවා කියා ගමේ කඩෙන් තමන් රැගෙන ගිය කුකුළු මස් පන්සීය ආපසු ගෙනැවිත් මුදල් ඉල්ලාගෙන ගිය පුතකු පිළිබඳව සියනෑවේ ගස් ගල් ඇති ගම්මානයකින් වාර


මඟුල් ගෙදරදී පැරැණි පෙම්වතිය දැක ඉහ මොළ රත්වෙලා
2024 මැයි මස 13 11862 0

තමා කලින් ඇසුරු කළ පෙම්වතියගේ දියණියගේ මංගල උත්සවයට ගොස් අපහසුතාවට පත්වීමට පෙර උපක්‍රමයකින් යාමය බේරා ගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් මාතර දිසාවෙන් වා


අක්කා දැඩි සත්කාරයේ : මල්ලී අවමඟුලේ කතාව කටපාඩමේ
2024 මැයි මස 11 991 0

උපන් ගමෙන් සැතැපුම් 25ක පමණ දුරක පදිංචිව සිටින සිය වැඩිමහලු‍ සොයුරිය රෝගාතුරව අසාධ්‍ය තත්වයේ රෝහල්ගතව සිටියදී ඇයගේ අවමඟු‍ල් දිනයේ දී ගුණකථනයක් කිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 797 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2351 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2015 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site