(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මෑතක දී විවාහ වූ මනාල යුවළක් ළිඳකින් නාන අයුරු හැංගී බලා සිටි තරුණයකුට ගම්මුන් එකතු වී පහර දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත්දා වාර්තා විය.
සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙක් විවාහ උත්සවයක් ගෙන ඉකුත්දා මනාලියක නිවෙසට කැන්දාගෙන පැමිණියේය.
මෙම යුවළ පදිංචිව සිටින ප්‍රදේශයට මේ දිනවල තරමක් වතුර හිඟතාවක් පවතින බැවින් මෙම යුවළ ඉකුත් දිනක දී ත්‍රිරෝද රථයකින් මීටර් 500 ක් පමණ ඈතින් රබර් ඉඩමක පිහිටා ඇති ඇති පොදු ළිඳකට දිය නෑමට ගියහ.
මනාලයා යට ඇඳුමක්ද මනාලිය චීත්තයක් ද ඇඳ පෙම්බස් දොඩවමින් සිනාසෙමින් දිය නාමින් සිටිය දී මනාලිය මනාලයාට කියා ඇත්තේ රෙදි කැබැල්ලකින් පිට අතුල්ලා දෙන ලෙසය.
පසුව මනාලිය රබර් වත්ත දෙසට නැමී මනාලයාට පිටේ කුණු ඇතිල්ලීමට අවස්ථාව දී තිබුණාය. තරුණ මනාලයා මනාලියගේ පිට අතුල්ලමින් සිටින අවස්ථාවේ දී රබර් වත්තේ ගසකට මුවාවී තමන් දෙස බලා සිටින හිසක් මනාලිය දැක්කාය. මනාලිය ඒ බව තරුණ මනමාලයාට පැවසුවාය. පසුව තරුණ මනාලයා දිවගොස් දිය නාන දෙස බලා සිටි තරුණයා අල්ලාගෙන මනාලිය රැගෙන ගොස් තිබූ අමතර චීත්තයෙන් රබර් ගසක ගැට ගැසීය. පසුව ඔහු දුරකථනයෙන් සිය මිතුරන් කිහිප දෙනෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පැවසීය. එම ස්ථානයට පැමිණි තරුණ පිරිස ගස් බැඳ සිටි තරුණයාට හොඳටම අතින් පයින් සංග්‍රහ කළහ. එහිදී තරුණ පිරිස් ගස් බැඳ සිටි තරුණයා පොලිසියට බාරදීමට යෝජනා කළහ. මනාලයා ඊට මැදිහත්වී තරුණයාගේ වයස කීයද යන්න විමසීය.
ඔහු එහිදී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 28 ක් බවය. තමන්ගේ වයස අවුරුදු 28 ක් බව සිතූ මනාලයා තරුණයාට අනුකම්පා කර පසුව අතහැර දමා යන්න කියා යළි ඔවැනි දේවල් නොකරන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd