IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ජෝඩුවක් පෙම් සයුරේ ගිලෙද්දී තරුණයෙක් අම්බානක කාලා

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
මෑතක දී විවාහ වූ මනාල යුවළක් ළිඳකින් නාන අයුරු හැංගී බලා සිටි තරුණයකුට ගම්මුන් එකතු වී පහර දී ඇතැයි කියන පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත්දා වාර්තා විය.


සිද්ධිය මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ තරුණයෙක් විවාහ උත්සවයක් ගෙන ඉකුත්දා මනාලියක නිවෙසට කැන්දාගෙන පැමිණියේය.


මෙම යුවළ පදිංචිව සිටින ප්‍රදේශයට මේ දිනවල තරමක් වතුර හිඟතාවක් පවතින බැවින් මෙම යුවළ ඉකුත් දිනක දී ත්‍රිරෝද රථයකින් මීටර් 500 ක් පමණ ඈතින් රබර් ඉඩමක පිහිටා ඇති ඇති පොදු ළිඳකට දිය නෑමට ගියහ.


මනාලයා යට ඇඳුමක්ද මනාලිය චීත්තයක් ද ඇඳ පෙම්බස් දොඩවමින් සිනාසෙමින් දිය නාමින් සිටිය දී මනාලිය මනාලයාට කියා ඇත්තේ රෙදි කැබැල්ලකින් පිට අතුල්ලා දෙන ලෙසය.


පසුව මනාලිය රබර් වත්ත දෙසට නැමී මනාලයාට පිටේ කුණු ඇතිල්ලීමට අවස්ථාව දී තිබුණාය. තරුණ මනාලයා මනාලියගේ පිට අතුල්ලමින් සිටින අවස්ථාවේ දී රබර් වත්තේ ගසකට මුවාවී තමන් දෙස බලා සිටින හිසක් මනාලිය දැක්කාය. මනාලිය ඒ බව තරුණ මනමාලයාට පැවසුවාය. පසුව තරුණ මනාලයා දිවගොස් දිය නාන දෙස බලා සිටි තරුණයා අල්ලාගෙන මනාලිය රැගෙන ගොස් තිබූ අමතර චීත්තයෙන් රබර් ගසක ගැට ගැසීය. පසුව ඔහු දුරකථනයෙන් සිය මිතුරන් කිහිප දෙනෙකුට සිද්ධිය සම්බන්ධයෙන් පැවසීය. එම ස්ථානයට පැමිණි තරුණ පිරිස ගස් බැඳ සිටි තරුණයාට හොඳටම අතින් පයින් සංග්‍රහ කළහ. එහිදී තරුණ පිරිස් ගස් බැඳ සිටි තරුණයා පොලිසියට බාරදීමට යෝජනා කළහ. මනාලයා ඊට මැදිහත්වී තරුණයාගේ වයස කීයද යන්න විමසීය.


ඔහු එහිදී පවසා ඇත්තේ තමන්ට අවුරුදු 28 ක් බවය. තමන්ගේ වයස අවුරුදු 28 ක් බව සිතූ මනාලයා තරුණයාට අනුකම්පා කර පසුව අතහැර දමා යන්න කියා යළි ඔවැනි දේවල් නොකරන ලෙස දන්වා ඇතැයි වාර්තා වෙයි.



අදහස් (0)

ජෝඩුවක් පෙම් සයුරේ ගිලෙද්දී තරුණයෙක් අම්බානක කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 57 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site