IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත


මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
යාබද නිවෙස්වල සිටි ඔවුහු එක්වූයේ මහ මැතිවරණ ප්‍රතිථල අසා ගැනීමය. ඊට නිදි දෙව්දුව දුරස් කිරීමටත් ඒ සඳහා උත්තේජකයක් ලබා ගැනීමත් මෙහි තවත් අනු අරමුණක් විය.
ෂොට් එකක් දාගත් ඔහු කෙටි නින්දකට වැටුණේය. ඒ වාඩිවී සිටි පුටුවේමය. බෝතලය හිස්වූයේ විනාඩියට දෙකටය. තවත් ඔවුනට වුවමනාවිය. ළඟ සල්ලිද නොවීය. බාර් වසා ඇති හෙයින් බඩු ගත හැක්කේ වැඩි මිලටය. කරන්න කිසිම දෙයක් නොවිය. එකකු අනෙක් අයගේ කනට කර අලු‍ත් අදහසක් දැම්මේය. වෙනත් විකල්පයක් නොවූ තැන ඔවුහු ඊට කැමතිවූහ.
කොහොමින් හරි ඔවුහු තවත් බෝතලයක් ගෙන ආහ. අර මිතුරා තවම නින්දේය. පුටුව උඩමය. අනෙක් අය ඔහු කූද්දා ෂොට් එකක් දෙකක් දුන්නෝය. ඔහුත් නිදි මරගාතේම එය ඇරලා දැම්මේය. වැඩේ නැගලා යමින් තිබිණ.


නින්දේ සිටි මිතුරාට නිවසට යාමට අවශ්‍ය වූවේය. ඔහු දනිපනිගා නැගිට්ටේ නිවසට යාමටය. කමීසයේ සාක්කුව බැලු‍වේ නිකමටය. දෙයියනේ සාක්කුවේ තිබුණු මොනරු තමාටත් නොදැනීම ඉගිල්ලිලාය. ඔහුට හීන් දහඩිය දැම්මේය. මේ පිළිබඳ ඔහු මිතුරන්ගෙන් ඇසුවේය.
මචං අපිට මදිවුණා. කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. අපි ඉතිං උඹේ කමීස සාක්කුවෙන් සල්ලි අරගෙන තව බෝතලයක් අරන් ආවා. කමක් නැහැනේ. උඹත් බිව්වානේ යයි මිතුරන් කීවිට ඔහුට මැවි මැවී පෙනුණේ සිය භාර්යාවගේ රකුසු මුහුණය. නිවසට උදේට ගේන්න තියෙන බඩු ලයිස්තුවය. ඒ සඳහා ඔහු උදේට ඇයට දැන් මුදල් ලබාදෙන්නේ කෙසේද යන්නය. දැනි ඉතිං නිවසට ගොස් හමාරය.
කාගෙන් හෝ අත මාරුවක් අරගෙන උදේ පාන්දරම ගෙදර යන්නේ යයි සිතමින් ඔහු තමාගෙන් ගත් මුදලින් ගෙනා බෝතලයෙන් තවත් ෂොට් කිහිපයක් ගෙන පුටුව උඩම නිදාගත්තේ වෙනත් කරන්න දෙයක් නැති නිසාලු‍.



අදහස් (0)

ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site