IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න


අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ කාන්තාවක පිළිබඳ පුවතක් කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථානයකින් වාර්තා වෙයි.
වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ වයස අවුරුදු 77ක් වූ හත් දරු වයෝවෘද්ධ කාන්තාවක් සිය වයෝවෘද්ධ සැමියා හා බාල පිරිමි දරුවා සමග මහගෙදර නිවෙසේ පදිංචිව සිටින්නීය. මෙම වයෝවෘද්ධ කාන්තාවගේ දරුවන් හත් දෙනාගෙන් හය දෙනෙක්ම විවාහ වී වෙන වෙනම පදිංචිව සිටිති.


වෙළහෙළඳාම් කරන වයෝවෘද්ධ සැමියා විවාහක බාල පිරිමි දරුවා සමග නිවෙසේ පදිංචිව සිටින වයෝවෘද්ධ කාන්තාවට මිල මුදලින් කිසිම අඩුවක් නැත. දණහිස් අමාරුවක් හේතුවෙන් කාලයක සිට ඇය නිවෙසට සීමා වී සිටියත් අත්වාරුවක් පාවිච්චි කරමින් නිවෙසේ එහාට මෙහාට වැසිකිළියට පමණක් ඇය යන්නේ එන්නේය.
පිට පදිංචිව සිටින දරුවෝද නිතර නිතර ඇය කෙරෙහි ඕනෑකමින් සොයා බලති. බාල ලේලිය ඇඳුම් පැලඳුම් සෝදා දී කෑම ටික ද නිසි කලට වේලාවට පිළියෙල කර දෙන්නේය.
ඉකුත් 14 වැනිදා පෙරවරුවේ වයෝවෘද්ධ කාන්තාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට යාමට දහවල් කාලයේ අවශ්‍ය බව වයෝවෘද්ධ සැමියා හා බාල පිරිමි දරුවා හමුවේ පැවැසුවාය. ටික වේලාවක් ගත වෙද්දී දරුවන් දෙතුන් දෙනෙක් ද කෑම බීම ද රැගෙන වයෝවෘද්ධ මවගේ සුවදුක් බැලීමට මහ ගෙදර නිවෙසට පැමිණියහ.
තමාට ඡන්දය අනිවාර්යයෙන් දැමීමට යෑමට අවශ්‍ය බව ඇය දරුවන් හමුවේ පැවැසුවාය.
“ඇවිද ගන්නවත් බෑ, මොන ඡන්දය ද අම්මට? ගෙදරට වෙලා ඉන්නකෝ”‍ දියණියක් පැවැසුවාය.
“තාත්තා ඉන්න කාලේ මම තාත්තාට දුන්නා. දැන් පුතා ඉල්ලන්නේ. අනිවාර්යයෙන් පුතාටත් ඡන්දය දාන්න යන්න ඕනෑ”‍ වයෝවෘද්ධ කාන්තාව අත්වාරුව අතැතිව පැවැසුවාය.
කාන්තාවගෙන් බේරීමට බැරි තැන ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට දරුවෝ තීරණය කළහ. 
දින කිහිපයකට ඉහතදී පවුලේ තොරතුරු ලබා ගැනීමට නිවෙසට පැමිණ ඇතැයි කියන ආර්ථික සංවර්ධන නිලධාරියාට ජාතික හැඳුනුම්පත වයෝවෘද්ධ කාන්තාව දී තිබේ. පසුව නිලධාරියා හැඳුනුම්පතේ තොරතුරු සටහන් කරගෙන ආපසු වයෝවෘද්ධ කාන්තාවට දී ඇත. පසුව ඇය හැඳුනුම්පත නිවෙසේ තිබූ තැන හරියට මතකයක් නොමැත. හැඳුනුම්පත වෙනුවට ගුවන් ගමන් බලපත්‍රය රැගෙන යාමට පසුව තීරණය කෙරිණි. කලකට ඉහතදී සාදාගෙන තිබුණු ගුවන් ගමන් බලපත්‍රය අල්මාරියේ තිබී සොයා ගත් කාන්තාව, තමා දැන් ඡන්ද මධ්‍යස්ථානය වෙත එක්ක යන්නැයි දරුවන්ට කීවාය.
පසුව දරුවෝ වයෝවෘද්ධ මවගේ දෑත් දෙකෙන් අල්ලාගෙන ගුවන් ගමන් බලපත්‍රය හා ඡන්ද කාඩ්පත ද රැගෙන අසල පිහිටි ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන ගියහ.
ඡන්ද මධ්‍යස්ථානයේදී වයෝවෘද්ධ කාන්තාව ඡන්ද කාඩ්පත හා ගුවන් ගමන් බලපත්‍රය නිලධාරීන්ට ඉදිරිපත් කෙරිණි. ගුවන් ගමන් බලපත්‍රය ඡන්ද මධ්‍යස්ථානයේ පළමු නිලධාරියා විසින් පරීක්ෂා කෙරිණ.
“අම්මේ, මේ ගුවන් ගමන් බලපත්‍රය අවලංගු වෙලා තියෙන්නේ. ඔයාට මේ ගුවන් ගමන් බලපත්‍රයෙන් ඡන්දය දාන්න බෑ. ආපසු යන්න වෙනවා.” නිලධාරියා පැවැසීය.
පසුව ඡන්ද මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය ගුවන් ගමන් බලපත්‍රය තවදුරටත් පරීක්ෂා කර බැලිණි. ඡන්දය ප්‍රකාශ කිරීමට දීමට නොහැකි බව කාර්යමණ්ඩලය එකහෙළාම වයෝවෘද්ධ කාන්තාවට හා ඇගේ දරුවන්ට පැහැදිලි කර දුන්හ. දරුවෝ පිළිගත්හ. වයෝවෘද්ධ කාන්තාව පිළිගත්තේ නැත.
“ගුවන් ගමන් පොත අවලංගු වෙනවා කියලා අද මම දැනගත්තේ. මම මීට පෙර එහෙම දෙයක් අහලා හිටියේ නෑ.”‍ යැයි වයෝවෘද්ධ කාන්තාව නිලධාරීන් හමුවේ ආවේගශීලිව පැවැසුවාය. 
දරුවෝ ද කර කියාගත හැකි දෙයක් නොමැති තැන අසරණ වූහ. ඔවුහු මුහුණට මුහුණ බලා ගත්හ. මව ආපසු නිවෙසට රැගෙන ඒමට සූදානම් වූ අවස්ථාවේදී කාන්තාව නිලධාරීන්ගේ මුහුණට දොස් නැගුවාය. දියණියක මවගේ කට අතින් වහගෙන ඡන්ද මධ්‍යස්ථානයෙන් පිටතට ගෙන නිවෙසට රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි. නිවෙස දක්වා ගමන් කරන අවස්ථාවේදී වයෝවෘද්ධ මව දරුවන්ට ද දොස් නගා ඇති බව වාර්තා වෙයි.



අදහස් (1)

ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා

ගුණරත්න Wednesday, 20 November 2024 11:48 AM

ගුවන්ගමන් බලපත්‍රය අවලංගු වුණාට එහි නිරවද්‍යතාව ප්‍රශ්නයක් නැහැ... ඡන්ද පත්‍රිකාවත් තිබුණා නම් ඡන්දය දාන්න දෙන්න තිබුණා. මේ වගේ තකතීරු නිලධාරීන් නිසයි මිනිසුන්ට රාජ්‍ය සේවය එපා වෙන්නේත්...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site