කරන්දෙණිය එම්. සුසිල් ප්රියන්ත
ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබිණි.
මේ ගමේත් අනෙක් ගම්වල මෙන් ඡන්ද උණුසුම ඊයේ (6) උදේ සිටම වැඩිවෙමින් පැවතිණි. කිහිපදෙනෙක්ම අපේක්ෂකයෝවී සිටියහ. ඔවුහු එක එක ලකුණින් තරගයට එක්වී සිටියහ. පුළුවන් පුළුවන් අය යාන වාහනවලින් ගොස් ඡන්දය දැමූහ.
පාගමනින් ගොස් ඡන්දය දැමූ අයද සිටියහ. පයින් යාමට නොහැකි වයෝවෘද්ධ අය ඡන්ද පොළට රැගෙන යාමට එක එක අපේක්ෂකයෝ හිතවත් කම් මත ඉදිරිපත්වූහ. හිතවත් ත්රිරෝද රථ රියදුරන් අපේක්ෂකයන් ඒ සදහා පංගාර්ත්තු කර තිබිණ.
මේ ත්රිරෝද රථ රියැදුරාටද ඊයේ (6) එවැනි කොන්ත්රාත්තුවක් ලැබුණේ හිතවත් අපේක්ෂකයකුගෙනි. ගමේ වයෝවෘද්ධ කාන්තාවක ඡන්ද පොළට රැගෙන යාමට ඔහුට පැවරුණේය. ඒ අනුව මේ ත්රිරෝද රථ රියැදුරා අදාළ නිවසට සිය ත්රිරෝද රථයෙන් ගියේය. මේ නිවසේ සැර බල්ලකු සිටින බව ඔහු කල් තියාම දැන සිටියේය. නිවසේ ගේට්ටුව වසා තිබුණේ ද එහෙයිනි. මේ නිසා ඔහු ගේට්ටුවට හේත්තුවී ඔළුව ඇතුළට දැම්මේ නිවැසියන්ට කතා කිරීමටය.
ඔහුට හැරෙන්නවත් වෙලාවක් නොදී නිවසේ සිටි යෝද බලු තඩියා ගේට්ටුවට ඉදිරිපස දෙඅත් තබා ගේට්ටුවට හේත්තුවී සිටි ඔහුගේ නාසය ඉම්බේ නාසයේ කුඩා කොටසක්ද කටට ගෙනය. එතැන එකම ගාල ගෝට්ටියකි. වයෝවෘද්ධ කාන්තාව ඡන්ද පොළට ගෙන යාමට පැමිණි ඔහුට සිදුවූවේ නාසයෙන් ගලා හැලෙන ලේ ගංගාව නතර කිරීමට දොස්තර මහතකු සොයා යාමටය. ඒ අවස්ථාවේදීම නිවැසියන් බල්ලන්ගෙන් ප්රවේශම් වන්න යයි දැන්වීමක් ගේට්ටුව ඉදිරිපිට දැම්මේ මේ බල්ලා තවත් අයගේ නාස් කඩා ගැනීම වැළක්වීමටය.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
Lalla Thursday, 08 May 2025 04:09 PM
හාම්පුත්තු බල්ලට සලකන විදියටම තමා බල්ල හැසිරෙන්නේ.බල්ලට කරුණාවෙන් සලකනවනම් ඌ නපුරු වෙන්නේ නෑ