IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.
ලොක්කා ඉල්ලපු ඉල්ලපු හැම පළාත් පාලන මැතිවරණයක්ම ජය ගත්තේය. ඒ ඔහු ගමේම සිටි කෙරුමා නිසාය. මීටත් වඩා දුෂ්කර කාලවලදී ලොක්කා ද පළාත් පාලන මැතිවරණය ජයගත්තේය.
අනෙක් කොට්ඨාස එකින් එක පරාජය වුවත් ලොක්කා තමන්ගේ කොට්ඨාසය පමණක් ගොඩ දා ගත්තේ තමන්ගේ පක්ෂයේ ලොක්කන්ගේද සම්පූර්ණ අවධානය තමන් සතු කර ගනිමිනි.
මේ පාර මැතිවරණයත් ඔහුට බඩේ බත් මෙන් ලොකු විශ්වාසයක් තිබුණේය. ඔහු වටා සිටි අයද අනුමත, සම්මත කළේ වරක් දෙවරක් නොව කිහිපවරක්ය. ඊට තවත් හේතු ගණනාවක්ම තිබිණ. මුළු ගමේම ප්‍රසිද්ධ තමාවීම එහි ප්‍රධාන සාධකය. මෙවර අනෙක් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබූ අය ගමේ ජනප්‍රිය චරිත නොවීම තවත් සාධකයකි. කිරි කජු කොල්ලන් කෙල්ලන්වීම ඊට නොදෙවැනි සාධකයකි. පවුල් බලය ධන බලය, පිරිස් බලය ද ඒ අතරය.


මේ නිසාම මෙවර මැතිවරණයේදිත් තමා ගොඩ නොයන්නේ යැයි සිතන්නට ඔහුට හේතුවක් තිබුණේම නැත. මැතිවරණය අවසන් වන සන්ධ්‍යාවේ තමා ජයග්‍රහණය කරන පාක්ෂිකයන්ට රෑ කෑම වේලක් ඇතුළු පාටියක් සූදානම් කළේ පෙර මැතිවරණවලදී මෙන්ය.
පෙරේදා (6)පස්වරු තුන, හතර වන විට ඔහුගේ නිවසේ ලොකු ලොකු බත් මුට්ටි පැසුණේ ඒ වෙනුවෙනි. කුකුළු මස් හොද්දේ සුවඳ ගමේම පැතිර ගියේ ඔහුගේ නිවස දෙසින්ය. නිවසේ මිදුලට වෙනදා නොආ මේස පුටු ආවේද මේ නිසාය.
මැතිවරණ ප්‍රතිඵලයෙන් ඔහු සීමිත මනාප ගණනකින් පරාදය.කප් එක ගසා සිටියේ කිරි කජු කොල්ලෙකි. ඔහුව දිනවන්න ඇපකැප වී වැඩ කළ අයද එදා පස්වරුවේ ඔහුගේ නිවසට නාවේ ඔහුගේ හැටි දන්නා නිසා ඡන්ද පාටිය එහේමමය. ඉදිනු බත්, මස් මුට්ටි ගණනද එහේමමය. මේ පරාජයෙන් ලොක්කාගේ කේන්තිය ඩබල්ය. ගමේ එකාලා එක්ක ඔහුට ඇතිවූවේ ලොකු තරහකි.
තමා පරාජය කළ ගමේ එකාලාට සලකනවාට වඩා බල්ලන්නට සැලකීම හොඳ යයි සිතුවේය. එය ඔහු ක්‍රියාවට නැංවීය. පාටියට ඉවූ කෑම හට්ටි පිටින් තීරෝද රථයකින් ගමේ බල්ලන්ට දෙන්නට ඔහු දෙදෙනෙක් යැව්වේ ඒ නිසාය. ඡන්ද පාටිය බලු‍ දානයක්වීම ගැන ආරංචිය ඊයේ (7) ගම පුරා පැතිර යන්නේ විදුලි වේගයටත් වඩා වැඩි වේගයකින්ලු‍.



අදහස් (0)

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site