IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා


කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ


මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප්‍රචාරය වූ පුවතක් මහනුවර නුදුරු ප්‍රදේශයකින් පසුගියදා වාර්තා විය. 

සිද්ධියට මුහුණ පෑ පුද්ගල‍යා රහසින් එක්තරා පක්ෂයකට සහ අපේක්ෂකයකු වෙනුවෙන් වෙහෙස වී කටයුතු කළ පුද්ගලයෙකි.
මෙවර පැවත්වෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකුගේ ප්‍රචාරක කටයුතු සඳහා අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගයක් පසුගිය දා තම නිවසට රැගෙන පැමිණියේ සති අන්ත දිනෙක ඈත ප්‍රදේශයක සංවිධානය කළ ප්‍රචාරක වැඩසටහනක් සඳහා යොදා ගැනීමට ය.

එම අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය නිවසේ මුළුතැන්ගෙය තුළ තැබුවේ එදින ගෙන එන ලද ආහාර ද්‍රව්‍යයන් සහිත මල්ල ද සමගය.

පසුදින හදිසි අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරව යාමට මෙම පුද්ගලයාට සහ නිවැසියන්ට සිදුවන අතර එම අවස්ථාවේදී ප්‍රදේශය පුරා සැරි සරන රිළවුන් රංචුවක් නිවසට පැමිණ නිවසෙහි තිබුණු අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සහිත ආහාර මල්ලද රැගෙන ගොස් ඇත.

නිවසට පැමිණි ඔහු ප්‍රචාරක කටයුතු සඳහා අවශ්‍ය අත්පත්‍රිකා සහ ප්‍රචාරක දැන්වීම් තොගය සොයන්නට වූ අතර ඒවා තිබූ තැන නොතිබූ බැවින් බිරිඳ ඇතුළු දරුවන්ගෙන් ද විමසීය.

ඒවා නිවසේ ‍නොතිබූ බැවින් අවට සොයා බලන විට දැක ගන්නට ලැබී ඇත්තේ ඒවා රිළවුන් විසින් රැගෙන ගොස්තැනින් තැන විසුරුවා ගොස් ඇති අයුරුයි. 

එය දුටු ඔහුට මෙතෙක් කල් රහසින් තමා කටයුතු කළ දේශපාලන පක්ෂය හා ආධාරකරුවා පිළිබඳව ගම්මානය සියලු‍ දෙනා දැනගෙන ඇති බව සිහි වූ බැවින් තම හිසමත අත්ල තබා ගත්තේ ය.



අදහස් (0)

ඡන්ද රහසක් රිළවුන්ගෙන් හෙළිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site