IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ඡන්ද උණ’ ට උණ ගැනෙන්නම වැදිලා

”ඡන්ද උණ”‍ වැළඳුණු බිරිඳට ”‍උණ ගැනෙන්න”‍ ඉදිමෙන්න පහර දුන් සැමියකු පිළිබඳ කතාවක් මැදවච්චිය ආසනයේ ගමකින් අසන්නට ලැබුණි.
කතාව මෙසේය.
මෙම අඹුසැමි යුවළේ බිරිඳ මෙදා ජනාධිපතිවරණයට දිවා රෑ දෙකෙහිම බැහැලා වැඩ කරන අයෙකි. සැමියා සිය දේශපාලන මතය හීන් සීරුවේ රැකගෙන සිටියත්, බිරිඳට නම් දේශපාලන උණ නහුතයටම  නැග තිබුණි. ඇය ගෙයින් ගෙට ඇවිදිමින් තමා සහාය දක්වන අපේක්ෂකයා වෙනුවෙන් කන කට්ට සැමියා රිස්සුවේ නැත. ඈත නගරවල පැවැත්වෙන සෑම රැස්වීමකටම ඇය සහභාගි වීමට ද අමතක නොකළාය. ඇයගේ මෙම ඡන්ද ව්‍යාපාරයේ ඇය නිරතවන්නේ විදේශීය කාන්තාවක් පරිදි හැඩ වැඩවීලාය. කළු පැහැති අව් කන්නාඩියක් පැලඳ, හිසට විශාල තොප්පියක් දමාගෙන, නවීන පන්නයේ ජංගම දුරකතනයක් රැගෙන ඇය ගමන් කරන්නීය. මෙම නවීන දුරකථනය සැමියාගේය. ඇය මෙම දුරකතනය ලබාගන්නේ සැමියාට නොවඳිනා වැඳුම් වැඳලාය. දැඩි නීතිරීති පද්ධතියක් පනවන සැමියා දුරකතනය පණ සේ රැක ගන්නා ලෙසද අවවාද කරමින් ඇයට එය ලබාදෙයි.


මෙදින ජනාධිපතිවරණයේ අවසාන ප්‍රචාරක රැස්වීම් දිනයයි. එදින උදෑසන ඇයගේ අපේක්ෂකයාගේ රැස්වීමට බස් තිස් ගණනක පෝලිමක් එක දිගට ධාවනය වන්නට විය. එම බස් පෝලිමේ එක් බසයක මෙම කාන්තාව ද ජනේලයක් අසල වාඩිවී සිටියාය. බස් රථයේ ගමන් ගත් අනෙක් අයට පෙනෙන ලෙස උජාරුවෙන් ඇය තමාගේ නවීන පන්නයේ ජංගම දුරකතනයෙන් විවිධ දේවල් වීඩියෝ කරමින් සිටියාය. බස් රථයේ ජනේලයෙන් එළියට අත දමා ඉදිරියෙන් සහ පසු පසින් එන බස් පෝලිම ද වීඩියෝ කරන්නට පටන් ගත්තාය. එක්වරම බස් රථය බ්‍රේක් ගසනවාත් සමගම ඇයගේ අතේ තිබුණු ජංගම දුරකතනය අතින් ගිලිහී බිම පතිත විය. ඇය ”‍හෝව් හෝව් හෝව්”‍ කියමින් කෑ ගැසුවාය. බස් රථයේ සිටි අයගේ ගීත ගායනා කරන ඝෝෂාව නිසා ඇය කෑ ගැසූ හඬ කිසිවෙකුට ඇසුණේ නැත.
කෙසේ හෝ මහත් පරිශ්‍රමයක් දරා කිලෝමීටර් දෙකක් පමණ දුර ගොස් බස් රථය නතර කර ගැනීමට ඇය සමත් වූවාය. ඇය බස් රථයෙන් කඩිමුඩියේ බැසගෙන බස් රථයට ඉදිරියට යන ලෙස අතින් සංඥා කොට, අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් වෙත දුව ගියාය. ත්‍රී රෝද රථ රියදුරාට විස්තරය පවසා මාර්ගය සෝදිසි කරමින් ත්‍රී රෝද රථයේ ගමන් ඇරඹුවාය. දුරකතනය බිම වැටුණු තැන දුර සිටම ඇය දුටුවාය. අහෝ දුකකි. ඉරකි, තිතකි. නවීන ජංගම දුරකතනය ”‍කරත්තයට අසුවුණු කජු ලෙල්ලක්”‍ සේ තැලී පොඩි වී තිබුණි. ත්‍රී රෝද රථයට මුදල් ගෙවූ  ඇය හැඬූ කඳුළින් පාරේ බස් එකක නැගී ආපසු ගෙදර ආවාය. සැමියාට සියල්ල  කියා අවසන් කිරීමටත් පෙර යක්ෂාරූඩ වූ සැමියා ඇයට පහර පිට පහර එල්ල කරන්නට විය.  ඇයගේ විලාපය ඇසී අසල්වාසීහු පැමිණ ගුටි කන බිරිය බේරාගත්හ. පහර කෑමට ලක්වීමෙන් ඇය බලාගෙන සිටියදීම ඉදිමී ආවේය. වහාම අසල්වාසීහු ඇය රෝහල් ගත කළහ. බිරියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඡන්දය කට උඩ තියාගෙන එක් අයකු පොලිසියේය. අනෙකා රෝහලේය. ඔවුන් සහාය දැක්වූ අපේක්ෂකයාට ඡන්ද දෙකක් අඩුවෙන ලකුණු ඇති බව ගැමියෝ සඳහන් කරති. “ඇඟිල්ලේ තරමට ඉදිමෙන්ඩ එපායැ.”‍ කියමින් ඇගේ ඥාතීන් ඇය බැලීමට රෝහලට දවසක් ඇර දවසක් යනවාලු‍.

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

‘ඡන්ද උණ’ ට උණ ගැනෙන්නම වැදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site