IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


චරිත සහතිකය ගන්න සාමවිනිසුරුට විජ්ජාවක් පෙන්නලා

(මාතලේ විශේෂ නිමල් ඇස්. බෝග හවත්ත)

සාම විනිසුරුට අපූරු තෑග්ගක් පෙන්වා සහතිකයක් ලබාගත් පුවතක් මාතලේ නගරාසන්න ගමකින් අසන්නට ලැබුණි. බීමට මහත් රුචියක් දක්වන මෙම දිවයිනටම සාමවිනිසුරුවරයා දේශපාලන පන්දමකට මෙම ගරු සේවයට හිමි තනතුරක් ලබාගෙන තිබේ. අසන්නට ලැබුණ කථාව මෙසේය.

ඔහුටම ගැලපෙන ගැටයකු දිනක් මෙම සාම විනිසුරුවරයාගෙන් චරිත සහතිකයක් ලබාගැනීමට ඔහුගේ නිවසට ගියේය. සාම විනිසුරුවරයා ඇඳි පුටු එකකට බරදී සුරුට්ටු දුම අහසට පා කරමින් “හා හා මොකද ඉලන්දාරියා කලබලෙන්” යයි තරුණයාගෙන් විමසීය. ‘ඔව් අපේ මහත්තයෝ මේ චරිත සහතිකයක් ගන්න’ යි කියලා තරුණයා පැවසීය. ‘මොනවා? රස්සාවකටවත්ද?’ ‘ඔව් ඔව් අපේ මහත්තයා’ “උඹලා මොනවා හරි ගෙනියන්න එන්නෙම හිස් අතින්මනේ. බලාපල්ලා සහතික දීම සුළු පටු වැඩක් නෙවෙයි. ගැස්සුනොත් මාත් ගස් කෝ හිටින්කො බලන්න.

උඹෙම වෙලාව උඹෙම වෙලාව මගේ සීල් එක මීයො කාලානේ. කමක් නෑ තව දින දෙකතුනකින් වරෙන්කෝ’ යයි සාමවිනිසුරුවරයා පවසා හාන්සි පුටුවට බරදී සිටියේය. වෙනත් දවසක ‘වරෙන් මං හෙට ටවුමට ගිහින් මගේ නිල නාමය දාලා රබර් සීල් එකක් කපා ගෙන එන්නම්. උඹේම වාසනාව අලුත් සීල් එකෙන් පළමු සහතිකේ උඹට හරිද?’ ‘හොඳයි මං තව දවස් දෙකකින් එන්නම්...’ තරුණයා ආපසු හැරුණි. ‘හොඳ වැඩක් කරන්නට හිතාගත් තරුණයා දින දෙක තුනකට පසු නගරයේ මත්වතුර විකුණන තැනකින් විසිකර තිබූ බෝතලයක් ගෙන බාර් මැනේජර් ලවා හොඳ කඩදාසි මල්ලක බෝතලය ඔතාගෙන සාම විනිසුරු සොයා ගියේය. වෙනදා මෙන් එදාත් හාන්සි පිටුවට බරදී මග බලා සිටි සාමවිනිසුරුවරයා ගේ ඉසේ මලක් පිපුණි. තරුණයා අත ඇති බෝතලය දුරතියාම හැඳින ගත් සාම විනිසුරු දබරැඟිල්ලත් මැදඟිල්ලත් දෙතොලට තබා තදකර “ප්ප්රූරූප්ප්” හඬින් බුලත් කෙළ පාරක් මිදුලට විදිමින්, ‘අන්න හරි ළමයෝ හොඳ වෙලාවට ආවේ මම දැන් තමයි ඕන් සීල් එක කපාගෙන ආවේ’ කියමින් පෑනක්ද කඩදාසියක්ද ගෙන තරුණයාගේ නම, වයස කාරණය ආදිය සටහන් කරගෙන චරිත සහතිකය ලීවේය. හම ගැහුණ පරණ රබර් සීල් එකෙන්ම ඔහු නිල මුද්‍රාව තබන හැටි තරුණයා බලා සිටියේය.

‘මේං සහතිකේ. උඹට ජයෙන් ජයම වේවා’ පවසමින් මේසය මත කඩදාසිවලින් එතූ බෝතලය දෙස කෑදර කමින් බැලීය. තරුණයාද සහතිකය ගෙන මේසය මත වූ බෝතලය කිහිලිගන්වා ‘මං මේ පැණි බෝතලයක් ගෙනියන ගමන් ආවෙ. හෙට මගෙ උපන් දිනේ මහත්තයත් කැවුම් ගෙඩියක් කාල යන්න එන්න අපේ ගෙදරට’ යයි පවසමින් සහතිකය ද බෝතලයද රැගෙන පිටවිය.



අදහස් (0)

චරිත සහතිකය ගන්න සාමවිනිසුරුට විජ්ජාවක් පෙන්නලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site