IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


චාරිකාව යද්දී බත් පාර්සල් දෙකක් නෑගෙදර ගෙනිහින් පටි කඩාගෙන

පවුලේ සාමාජිකයින් චාරිකාවක යෙදෙන අතර දිවා ආහාරය ගැනීමට නතරවූ ඥාති නිවෙසට තෑගි වශයෙන් බත් පාර්සල් දෙකක් රැගෙන ගොස් සිදුවූ ජංජාලයක් පිළිබඳව පුවතක් දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.
දරුවන් හැරුණු විට නිවසේ ගෘහ මූලික ජෝඩුව මසුරු සිටාණන්ගේ පරපුරෙන් පැවත එන්නෝ වෙති. ඔවුනගේ මසුරුකම කොතරම්ද යත් සත පහ දෙකට ගැලවිය හැකි නම් එයද කරන්නට දෙන්න දෙමහල්ලන් පසුබට නොවන බව නොරහසකි.
ඥාති හිතමිතුරන් කොතෙක් සිටියද මුදල් වියදම් වන නිසා වසර ගණනාවකට  වරක්වත් එම ස්ථානවලට  මොවුහු නොයති.  කලාතුරකින් හෝ නොයා බැරි කමට එම ස්ථානයකට යාමට සිදුවුවහොත් කිසිම දෙයක් රැගෙන නොයන නිසා එම ගෙදරට ගොඩ වෙන්නේම ‘‘අනේ ඔන්න මොකුත් ලෑස්ති කරන්න එපා, අපිට මේ දැන් ඉක්මනින්ම යන්න ඕනෑ”‍ කියාගෙනමය.
මේ පිරිස පසුගිය සති අන්තයේ දි⁣නෙක චාරිකාවක් යාමට සැලසුම් කළහ. චාරිකාව යන ප්‍රදේශයේ ඇති  තම ඥාති නිවසකට පෙර දින රාත්‍රී දුරකතන ඇමතුමක් දුන් ගෘහ මූලික කාන්තාව දන්වා සිටියේ තම පවුලේ අය හෙට දින ඔය ප්‍රදේශයට චාරිකාවක් එන බවත් දිවා ආහාරයද සකස්කර ගෙන රැගෙන එන බැවින් තමන් වෙනුවෙන් කිසිදු දෙයක් සූදානම් කිරීමට කරදර නොවන ලෙසත් මුහුණ කට සෝදාගෙන දහවල් කෑම ටික කෑමට පමණක් තිබුණොත් ප්‍රමාණවත් බවත්ය.
කෙසේ වෙතත් ගෘහ මූලිකයා සිය බිරිඳට යෝජනා කළේ   කාලෙකින් ගියෙත් නැති නිසා  අපි මොනව හරි අරගෙන යමු කියාය.


ඊට ප්‍රතිචාර දැක්වූ බිරිඳ ‘‘කඩවල්වලට සල්ලි පූජ කරල  කේක් , බිස්කට් ගන්න අවශ්‍ය නෑ, අපි කොහොමත් උයන එකේ ඒ කට්ටියටත්  අපි බත් පාර්සල් දෙකක්ම හදාගෙන යමු”‍ යැයි කීවාය. ඊට ඔහුගේද කැමැත්ත පළවිය .
පසු දින  පිරිස චාරිකාවේ යෙදී දිවා ආහාරය ගැනීමට ඥාති නිවෙසට ගොඩවූයේ ⁣සිලි සිලි මල්ලක දමාගත් බත් පාර්සල් දෙකද එම නිවැසියන්ට පැහැදිලිව  පෙනෙනසේ  එල්ලාගෙනය.
සුපුරුදු පරිදි එම නිවෙසටද ඔවුන් ගොඩවූයේ ‘‘අනේ කරදර වෙන්න එපා, අපි කෑම ටික කෑවා....ගියා”‍යැයි කියාගෙනමය.
එසේ වුවද ආගන්තුක සත්කාරය මහ ඉහළින් සිදුකරන ඥාති නිවසේ අය තමන්  සකස්කර තිබූ මාළු පිනි ආදියෙන් සහ අතුරුපසෙන්ද  ඔවුනට සංග්‍රහ කළහ.
ආහාර ගත් විගස  චාරිකාවේ පිරිස පිටත්ව ගියහ.
ඔවුන් ගෙනා පාර්සලය කැබිනෙට්ටුව මත තිබෙනු දුටුවද එය පරීක්ෂා කිරීමට තරම් නිවැසියන් උත්සුක නොවිණි.
කෙසේ වෙතත් සවස තේ පානය කරද්දී ඥාති ගෙහිමි කාන්තාව එම පාර්සලය විවෘත කර බැලු‍වේ තේ ⁣බීමට යමක් එහි  ඇතැයි අනෙක් අය සමඟද සතුටින්  පවසමිනි.
එහෙත් ඒ වන විට පිළුණුවී දුඟද හමමින් තිබූ  බත් පාර්සල් දැකීමෙන් සියල්ලෝම මවිතයට පත්වුණාලු‍.

 



අදහස් (0)

චාරිකාව යද්දී බත් පාර්සල් දෙකක් නෑගෙදර ගෙනිහින් පටි කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 43 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 930 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site