පාන් වෙළෙඳාමේ යන චූන් පාන් ජංගම වෙළෙඳ රථයකට ගිනිපෙට්ටි 9 ක් දී කාන්තාවක් පාන් ගෙඩියක් ඉල්ලා සිටීමේ පුවතක් ගාල්ල ප‍්‍රදේශයේ එක්තරා ගමකින් වාර්තාවේ. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
පාන් ගෙඩියක් ගත් කෙනෙකු ඉතිරි සල්ලි දෙන්න මාරුකාසි රුපියල් 5/= ක් නැතිවූ විට එය මතක තබාගෙන සිට ඊළඟ දවසේ හෝ ආපසු දිය යුතුය.
චූන් පාන් වෙළෙන්දා මීට කදිම උපායක් කල්පනා කළේය. ඔහු කළේ චූන් පාන් රථයේ ගිනිපෙට්ටි පැකට් දෙක තුනක්ද රැුගෙන යාමය. ඉන්පසු පාන් ගත් කෙනකුට ඉතිරි වන රු. 5/= මාරු කාසිය වෙනුවට ඔහු ඉතිරි මුදල සමග ගිනිපෙට්ටියක් දෙයි. මේ නිසා නිතර නිතර පාන් ගන්නා කාන්තාවකට කරන්නට දෙයක් නැති තරමට ගිනිපෙට්ටි ගෙදර එකතු විය.
ඒ නිසා ඇය කළේ චුන් පාන් වෙළෙන්දාගෙන් පාන් ගෙඩියක් ගෙන එකතුවී තිබූ ගිනිපෙට්ටි 9 ක් චූන්පාන් වෙළෙන්දාට දීමය. චූන් පාන් වෙළෙන්දාට මෙය ප‍්‍රතික්‍ෂේප කළ නොහැකි වූයේ ‘‘ඔය ඔයා දීපු ඉතිරි සල්ලිම තමයි’’ කියා කාන්තාව කියූ නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තමයි මේ කාන්තාවට ගිනි පෙට්ටි වලින් වැඩක් නෑ මොකද කන්නෙම පාන් නේ. (අ)
රෝහණ දකුණේ අයට බැන්නත් එයාගෙ දෙමව්පියන් ඒ නම දාල තියෙන්න් දකුණට ආදරේ හින්ද, හොදින් හොයල බැලුවොත් රෝහණටත් දකුණේ නෑ සම්බන්ධයක් ඇති (බ)
නියම කතාව! රූපා කිවුවා වගේ හොඳම දෙයියෝ සාක්කිය. (නි)
නියම වැඩේ (නි)
දෙන්නම සූරයෝ. (ර)
නියම නුවණක්කාර වැඩක් (නි)
ඔය කියන විදිහට "ගැහැණුන්ගේ මොලේ හැදිමිට "වගේ කියන එක වැරදියි. දැක්ක නේද ඒ කාන්තාව "තැනෙ හැටියට ඇනේ "ගහපු හැටි.මම කියන්නේ අවස්ථාවේ හැටියට මොලේ පාවිච්චි කරලා වැඩේ කරපු හැටි. (බ)
එතකොට චුන්පාන්කාරයා දකුණේ නෙමෙයිද? (නි)
අර කිව්වත් වගේ මේක නියම දෙයියෝ සක්කියක්ම තමයි. කාන්තාවගේ මොලේ හැදීමිටේ කිව්වට බොරුනේ. (බ)
දකුනේ ඉන්නේ එකෙක්ට එකෙක් නොදෙවෙනි කපටියෝ (බ)
නියම බුද්ධිමත් ගැහැනියක්. (ම)
දකුණේ ගැහැණු ඔහොම තමයි ,දකුණේ හුඟක් මිනිස්සු රැකෙන්නේ මොලේ තියෙන ගැහැනුන්ට පින්සිද්ද වෙන්න , හැබැයි මම ඇරෙන්න (බ)
මොනවා උනත් දකුණේ ඉන්නේ කට්ටිය ගැන අපි නොදන්නනවායි (ම)
මම කියවපු දෙවියෝ සාක්කි වලින් හොදම කතාව මෙයයි..! හරිම සතුටුයි ..සත්‍ය විදහා පායි ..! (බ)
ගිනීපෙට්ටි 9 දෙන්න ඇත්තෙ පෙට්ටි දෙකක් විතර කූරු මාටිය ගහලා (හේ)