(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
ගසක් කපා ගැනීමේ බලපත්‍රය කඩිනමින් ලබාදීම වෙනුවෙන් සන්තෝෂම් ඉල්ලාසිටි නිලධාරියකුට අපූරු තෑග්ගක් ලබාදුන් කාන්තාවක් පිළිබඳව දකුණු පළාතේ තදාසන්න නගරයකින් වාර්තාවේ.
සැමියා විදේශගත රැකියාවක නිරතවන නිසා නිවසේ සියලු බර කරට ගෙන කටයුතු කරන මනා පෙනුමකින් යුත් කාන්තාවක් සිටියාය. අලුතින් ඉදිකරනු ලබන නිෙවසට අවශ්‍ය දැව සපයා ගැනීම සඳහා තම සැමියාට හිමි පදිංචි ඉඩමේ තිබෙන කොස් ගසක් කපා ගැනීමට අවශ්‍ය බලපත්‍රය ලබා ගැනීම සඳහා මෙම කාන්තාව ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත ලබා ගැනිමට අදාළ කාර්යාලයට ගියාය. කාන්තාවගේ විස්තර විමසීමෙන් පසු අයැදුම්පත ලබාදුන් නිලධාරියා ඇයගේ දුරකථන අංකයද ඉල්ලා ගත්තේය. නිලධාරියාගේ ස්වරූපය ගැන සැක සිතුණු ඇය නිවසේ දුරකථන අංකය ලබාදුන්නාය.
මැදිවිය ඉක්මවා සිටි මෙම නිලධාරියා කාන්තා පාර්ශවය ගැන වැඩි උනන්දුවක් හා සැලකිල්ලක් දක්වන අයෙකු සහ සන්තෝසම් ගැනීම පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලන කෙනකු බවට පළාතේ කා අතරත් ප්‍රසිද්ධය. කාන්තාවගේ නිෙවසට නිතර නිතර ඇමතුම් ලබා ගැනීම මොහු සිදුකළ අතර අයැදුම්පත භාරදීමෙන් පසුව කිහිප වතාවක්ම විවිධ අඩුපාඩු කියමින් කාර්යාලයටද ඇය කැඳෙව්වාය. කාන්තාව කාර්යාලයට පැමිණි අවස්ථාවලදී අනවශ්‍ය තොරතුරු විමසමින් මේවට අපට සලකන්න වෙයි යනුවෙන් පැවසීම නිසා එම විස්තර ඇය සිය සැමියාටද දැන්වූවාය.
ගස කපා ගැනීමේ බලපත්‍රය රැගෙන නිලධාරියා දිනක් කාන්තාවගේ නිවසට ගියේය. කාන්තාව නිලධාරියා ඉතා සුහදව පිළිගෙන තේ පැන් සංග්‍රහයක්ද කළාය. නිලධාරියා පිටත්ව යන්නට සූදානම් වූ අවස්ථාවේ පෙර දිනකදී සැමියා සමග කතාකරගත් පරිදි සූදානම්කර තිබූ පාර්සලය කාන්තාව නිලධාරියාට දුන්නාය. ‘මේව මොකටද’ යැයි පවසමින් තීරුබදු රහිත සාප්පු සංකිර්ණ නම සඳහන් පාර්සලය දෝතින්ම ගත් නිලධාරියා නැවත පැමිණෙන බව පවසා පිටව ගියේය.
ලැබුණු තෑග්ග නිෙවසට රැගෙන නොගොස් සිය සහෝදර කාර්යාල මිතුරන් දෙදෙනකුට සවසට හමුවන ලෙස ඔහු ආරාධනා කළේය. ඔවුන් නිතර හමුවන ස්ථානයකදී කටගැස්මද රැගෙන ගොස් ලැබුණු තෑග්ග බුක්තිවිඳීමට තිදෙනා සුදානම් වූහ. පාර්සලයේ තිබූ පෙට්ටිය එළියට ගෙන බැලීමේදි විදේශ රටක නිෂ්පාදිත ඉස්තරම් වර්ගයේ මත්පැන් වර්ගයක නම එහි සදහන් කර තිබූ අයුරු දිස්විය.
ත්‍යාගය ලද නිලධාරියා විසින්ම බෝතල විවෘත කළ අතර අධික භූමිතෙල් ගඳක් ක්ෂණිකව වහනය වන්නට විය. මිතුරන් දෙදෙනා බෝතලය නහයට ළංකර බැලීමේදී එය භූමිතෙල් බෝතලයක් බව පසක්විය.
තමා යම් කිසි උගුලකට අසුවී ඇති බව තේරුම්ගත් නිලධාරියා තෑග්ග සමග තිබූ අනෙක් පාර්සලයද විවෘත කර බැලුවේය. එහිවූයේ පාවිච්චියෙන් ඉවත්කළ කාන්තා යට ඇඳුම් හා ඇඟලුම් කිහිපයක් එහි තිබෙන බව දුටු තිදෙනාගේම ඉහ මොළ රත්විය.
සිද්ධිය කිසිවකුටත් නොකියන ලෙස මිතුරන් දෙදෙනාට බැගෑපත් වූ නිලධාරියා වැඩි මිලට මත් පැන් බෝතලයක් ගෙනවිත් මිතුරන් දෙදෙනාට සංග්‍රහ කළේය.
මිතුරන් දෙදෙනාට කට පරිස්සම් කරගත නොහැකිවීම නිසා සිද්ධිය ඔවුන්ගේ කාර්යාල පුරා පැතිර යාමට වැඩි දිනක් ගත වූයේ නැත. රට බඩු නැද්දැයි කෙටි පණිවිඩ මගින් මිතුරන් විමසීම නිසා සිම් කාඩ් පතද වෙනස් කාර ගැනීමට අවසානයේදී ඔහුට සිදුවිය.
2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ගහක් කපා ගන්න බලපත්‍රයේ සන්තෝෂමට අපූරු තෑග්ගක්