ගල්ගමුව ඇන්.ජේ. පතිරාජ
වත්තේ පොල් ගස් හතරක ගෙඩි කැඩුවේ යැයි උරණ වූ පුතකු සිය හැත්තෑ තුන් හැවිරිදි පියා නිවෙසින් පලවා හැරීමේ සිද්ධියක් ගල්ගමුව ප්‍රදේශයේ ඈත ගමකින් අසන්නට ලැබිණ.
මේ පියා උපන් ගමේ පිහිටි මාපියන්ගේ උරුමයෙන් තමන්ට හිමි වූ ඉඩ කඩම්, දේපොළ විකුණා ඉඩම් මිලදීගෙන ඒවා සංවර්ධනය කරගෙන දරුමල්ලන් පෝෂණය කරමින් ද ඔවුන්ට අධ්‍යාපනය දෙමින් ද ජීවත් වූවෙකි.
දරුවන්ගේ කල වයස සපිරි විට ඔවුන්ට ගේ දොර ඉදිකර ගැනීමට උදව් දෙමින්, ආවාහ විවාහ සිදු කොට දී සිය බිරියත් සමග ජීවිතයේ සැඳෑ සමය වැඩිමල් පුතුගේ නිවෙසේ ගත කරමින් සිටියේ ඉමහත් සතුටිනි.
කල් යත්ම බිරියට මෙන්ම පුතුට ද ඔහු වස කදුරු මෙන් විය. ඔහුගේ අඩුපාඩු පෙරට වඩා මතු කරන්නට, දොස් තබන්නට වූහ. සිතා මතාම මදි පුංචිකම් සිදු කළහ. ඔහුගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමටවත් මුදලක් නොලැබිණ.
එවන් අවස්ථාවක පුතුගේ නමින් වූ වත්තේ ඔහුම සිටවා ලොකු මහත් කළ පොල් වගාවේ ගස් හතරකින් ගෙඩි කඩා විකුණුවේය. ඉහළ නිලයක් ද දරන පුතාට මේ බව සැලවීමත් සමග ඉන් බොහෝ සෙයින් උරණ වී මව ඇතුළු පවුලේ කීප දෙනෙකුගේ ද මනාපයෙන් සිය පියා නිවෙසින් පලවා හැර තිබේ.
හැත්තෑ තුන් හැවිරිදි මේ පියා අසල්වැසි ගමකට ගොස් එහි පාළු නිවෙසක එගම් වැසියන්ගේ උදව උපකාරයෙන් ජීවිතය ගැට ගසා ගන්නා බවත් දැන ගැනීමට ලැබිණ.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගස් හතරක පොල් කැඩුවාට පුතා තාත්තා ගෙයින් එළවලා